කැට්වෝක්

විකිපීඩියා වෙතින්
2007 වසන්තය අතරතුර දී නිව් යෝර්ක් නඟරයේ විලාසිතා සතියේ කැට්වෝක් එකක් මත වූ නිරූපිකාවක්

කැට් වෝක් එකක් යනු විලාසිතා සංදර්ශණයක් අතරතුර දී ඇඳුම් පැලඳුම් නිරූපණය කිරීම සඳහා නිරූපිකාවන් විසින් භාවිතා කරන සාමාන්යයෙන් ඔසවන ලද පටු වේදිකාවකි. මෙම වදන ව්යුත්පන්න වන්නට ඇත්තේ යාබදව පිහිටා ඇති ගොඩනැඟිලි යා කරන කැට් වෝක් මඟිනි. මෙම වදන වඩා සාහිත්යමය අරුතකින් ද ව්යුත්පන්න විය හැක. ඒ මේ මත නිරූපණය කිරීම් කරන නිරූපිකාවන් සාමාන්යයෙන් එක් පාදයකට සෘජුවම ඉදිරියෙන් අනෙක් පාදය තබමින් පූසෙකුට ඉතා සමාන වන ගමනක යෙදෙන බැවින් විය හැක. එහිදී ඔවුන් විසින් ආකර්ශනීය හැසිරීමක් නිර්මාණය කරන අතර එහිදී ඔවුන්ගේ ඉඟ වඩාත් වැඩි චලිතයක් දක්වයි. විලාසිතා ව්යවහාරයේ දී “What’s on the catwalk” හෝ ඒ හා සමාන වදන් විලාසිතා ක්ෂේත්රයේ නව හා ජනප්රිය දේ හැඳින්වීමට යෙදිය හැක. කැට්වෝක් එක ධාවන මාර්ගය ලෙස ද හඳුන්වයි. විශේෂයෙන් එසේ හඳුන්වන්නේ එය ඉහලට ඔසවා නොමැති විටය. මෙම ආකාරය භාවිතා කිරීමට උදාහරණ ලෙස Project Runway රූපවාහිනී නාට්ය මාලාවේ නම ගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=කැට්වෝක්&oldid=464172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි