ක්‍රීඩා න්‍යාය

විකිපීඩියා වෙතින්

ක්‍රීඩා න්‍යාය යනු ස විද්‍යාවෙහි, සංගණන ලෙසින් ආර්ථික විද්‍යාවෙහි, මෙන්ම ජීව විද්‍යාව (සංගණ්‍ය ලෙසින් පරිණාමීය ජීව විද්‍යාව සහ පරිසර විද්‍යාව), ඉංජිනේරු විද්‍යාව, දේශපාලන විද්‍යාව, අන්තර්-ජාතීක සබඳතා, පරිගණක විද්‍යාව, සහ දර්ශන විද්‍යාව යන්නෙහි භාවිතා වන ව්‍යවහාරික ගණිතයෙහි ශාඛාවකි. යමෙකුගේ හැකියාව අනෙකෙකුගේ තෝරා ගැනුම් මත රැ‍ඳෙන උපායමාර්ගික අවස්ථාවන්හිදී හැසිරීම ගණිතමය වශයෙන් උපග්‍රහණය කිරීමට උත්සාහ කිරීම ක්‍රීඩා න්‍යාය තුළින් ඉදිරිපත්වේ. අනෙකෙක්ගේ දුර්වලතාවයක් මත යමෙකු ජය ගන්නා තරග (ශුන්‍ය ඓක්‍ය ක්‍රීඩා), විශ්ලේෂණය කිරීමට මුලදී මෙය භාවිතා වුවද, විවිධ උපමානයන් අනුව වර්ගීකරණය වන්නාවූ පුළුල් අන්තර්ක්‍රියා පරාසයක් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට හැකි වන අයුරින් මෙය පුළුල් කිරීමකට භාජනය වී ඇත. වර්තමානයෙහි, "ක්‍රීඩා න්‍යාය යනු සමාජ විද්‍යාවෙහි තාර්කික පාර්ශවය සඳහා වූ ඡත්‍ර හෝ 'ඒකීකෘත ක්ෂේත්‍ර' වාදයක් වැනිය. මෙහි 'සමාජ' යන පදය පුළුල් ලෙසින් අර්ථකතනයට ලක් වෙමින් මානව හා මානව-නොවන ක්‍රීඩකයන් ද (පරිගණක, සතුන්, ශාකයන්) අන්තර්ග්‍රහණය කොට ඇත. “(අවුමාන් 1987)".


ක්‍රීඩා න්‍යායෙහි සාම්ප්‍රදායික යෙදවීම් යත්න දරනුයේ මෙම ක්‍රීඩාවන්හී සමතුලනය ග්‍රහණය කර ගැනුමටය. සමතුලනයෙහිදී, එකිනෙක ක්‍රීඩකයා, තවදුරටත් වෙනස්වීමකට ලක් වීමට සම්භාවතාවයක් නොමැති, යම් උපායමාර්ගයක් යොදා ගනියි. බොහෝ සමතුලිත සංකල්පයන් විකසනය කොට ඇත්තේ (වඩාත් ප්‍රචලිත ලෙසින් නෑෂ් සමතුලනය) මෙම අදහස පරිග්‍රහනය කෙරුමෙහි උත්සාහයක් ලෙසිනි. එකිනෙක උපයෝග ක්ෂේත්‍රය ට අනුකූලව මෙම සමතුලිත සංකල්පයන් සඳහා වෙන් වෙන් අභිප්‍රේරණයන් ජනිත වන මුත්, බොහෝ විට ඒවා උපරිපතනය හෝ සමපාත හෝ වීම සිදු වෙයි. මෙම ක්‍රමවේදය සඳහා විවේචනයන් නොමැති. සුවිශේෂී සමතුලිත සංකල්පයන් හි සුදුසු බව, හුදෙක් සමතුලන සංකල්පයෙහි සුදුසු බව, සහ පුළුල් ලෙසින් ගණිතමය ආකෘතීන්ගේ ඵලදායී බව පිළිබඳව විවාදයන් පවතියි.

මින් පෙරටුව යම්කිසි විකසනයන් සිදු වී තිබුණද, ක්‍රීඩා න්‍යාය යන ක්ෂේත්‍රය ප්‍රාදූර්භූත වූයේ ජෝන් වොන් නියුමන් සහ ඔස්කාර් මෝර්ගෙන්ස්ටර්න් විසින් 1944 දී රචිත තියරි ඔෆ් ගේම්ස් ඇන්ඩ් ඉකනමික් බිහේවියර් නමැති ග්‍රන්ථය සමගය. 1950 ගණන් වලදී බොහෝ ප්‍රාඥයන් විසින් මෙම න්‍යාය විස්තීර්ණ ලෙසින් විකසනයට බඳුන් කර ඇත. ක්‍රීඩා න්‍යාය ඉක්බිතිව 1970 ගණන් වලදී ජීව විද්‍යාව වෙත ප්‍රකාශිත ලෙසින් ව්‍යවහාර වූ මුත්, 1930 ගණන් වැනි අතීතයෙහි පවා සමාකාර විකසනයන් තිබූ බව සැලකිය මනාය. බොහෝ ක්ෂේත්‍රයන්හී ප්‍රයෝජනවත් මෙවලමක් ලෙසින් පුළුල් පිළිගැනුමකට ක්‍රීඩා න්‍යාය පාත්‍ර වී ඇත. ක්‍රීඩා න්‍යායවාදීන් අටදෙනෙකු ආර්ථික විද්‍යාවන් සඳහා නොබෙල් ත්‍යාගය දිනා ඇති අතර, ජෝන් මේනාඩ් ස්මිත් වෙත ක්‍රාෆූර්ඩ් ත්‍යාගය පිරිනමා ඇත්තේ ජීව විද්‍යාව වෙත ඔහු විසින් ක්‍රීඩා න්‍යාය උපයෝගී කිරීම වෙනුවෙනි.


සටහන්[සංස්කරණය]

Game theory
"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රීඩා_න්‍යාය&oldid=471344" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි