ක්‍රීඩාවේ සමාජ විද්‍යාව

විකිපීඩියා වෙතින්

ක්‍රීඩාවේ සමාජ විද්‍යාව යනු ක්‍රීඩාව සමාජමය සංසිද්ධියක් ලෙස සලකනු ලබන සමාජ විද්‍යාවේ එක් ‍‍ක්ෂේත්‍රයකි. මෙය ක්‍රීඩාවේ ‍සමාජ හා සංස්කෘතිමය ව්‍යුහයත්, රටා හා සංවිධානය හෝ ක්‍රීඩාවට සම්බන්ධ පිරිස් කේන්ද්‍ර ගත කර ඇත.


ක්‍රීඩාව දෙස විවිධ දෘෂ්ටිකෝණ වලින් බැලිය හැකිය. මේ නිසා බොහෝ විට ද්විමය-බෙදීම් ක්‍රීඩාවේ පවතී. උදාහරණ ලෙස පිරිමි-ගැහැණු, වෘත්තීය-ආධුනික, ක්‍රියාශීලි-අක්‍රියාශීලි වැනි සම්ප්‍රදායන් බිඳ දමන සුසමාදර්ශ ක්‍රීඩාව තුළද ඇත.එම නිසා මේ බෙදීම් තරග කළ හැකි ක්‍රියාවන් ලෙස අධ්‍යයනය කරනු ලබයි. ඊට හේතුව වන්නේ මෙම ක්‍රීඩා විවිධ මත දරන පිරිස් හා ජනයා අතර කේන්ද්‍රව සිදුකෙරන ක්‍රියාවන් වීමයි..


ක්‍රීඩාවේ සමාජ විද්‍යාව පිළිබඳ මුල්වරට හැදෑරීම් සිදුවන්නේ 19 වැනි ශතවර්ෂයේ දී පමණය.එනම් තරඟ කිරීමේ හා පියවර තැබීමේ සමාජ මනෝවිද්‍යාත්මක පරීක්ෂණ ආරම්භ වීමත් සමඟය. තවද ජොහෑන් හුයිසින්ගා (Johan Huizinga) ගේ "Homo Ludens " න්‍යායද, තොර්ස්ටීන් වෙබ්ලන්(Thorstein Veblen) ගේ "විවේකී පංතියේ න්‍යාය"ද (Theory of Leisure Class) මගින් ක්‍රීඩාව පිළිබඳව පළමුවරට වඩාත් සාමාන්‍යය ආකාරයට සදහන් කර තිබේ. මෙය මිනිස් සංස්කෘතිය හා බැඳුනු ක්‍රීඩාවල සංස්කෘතිය මානව විද්‍යාවන්ට පරිබාහිරව හැදැරීමකි.


ක්‍රීඩා සමාජ විද්‍යාව පිළිබඳ මුලින්ම ලියවෙන්නේ 1920 දීය. කෙසේ වුවත් වර්ෂ1960 දක්වා මෙම උප-විෂයේ සම්පුර්ණ වර්ධනය වීමක් යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ ඇති නොවීය. කායික අධ්‍යාපනය හා සමාජ විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රධරයන් 1964 ජිනීවා හිදී අන්තර්ජාතික ක්‍රීඩා සමාජ විද්‍යා කොමිටිය (ICSS) පිහිටුවන ලදී. එය 1965 නීත්‍යානුකූලව Warsaw හිදී ආරම්භ කරන ලද අතර, එයඅදවන විට හඳුන්වන්නේ අන්තර්ජාතික ක්‍රීඩා සමාජ විද්‍යා සංගමය (ISSA) නමිනි. අවුරුද්දක් ගෙවී යාමෙන් අනතුරුව ප්‍රථම අන්තර්ජාතික සමුළුව "කුඩා පිරිස් පර්යේෂණ හා ක්‍රීඩාව" යන මාතෘකාව යටතේ කොලෝන් විශ්ව විද්‍යාලයේදී (University of Cologne) වර්ෂ 1966 දී පැවත්වනු ලැබිණි. එතැන් සිට අද දක්වා අන්තර්ජාතික සම්මන්ත්‍රණ වාර්ෂිකව පවත්වනු ලබයි. ISSA සංගමය ජාතික හා ප්‍රාදේශික සංවිධාන සමඟ එකට එකතුව කටයුතු කරයි. එය නිරන්තරයෙන්ම ජාතික සංවිධාන සමඟ දැනුම හුවමාරු කිරීමට, ප්‍රශ්න හඳුනාගැනීමට හා පර්යේෂණ වැඩසටහන් සංවිධානය කිරීමටද කටයුතු කරයි. අද දින වනවිට වඩාත් හොඳින් ස්ථාපිත කර තිබෙන පර්යේෂණ මධ්‍යස්ථාන ලෝකය පුරාම ක්‍රියාත්මක වේ. උදා : වොටර්ලෝ විශ්වවිද්‍යාලය (කැනඩාව), Longhborough විශ්වවිද්‍යාලය(එංගලන්තය), සෝල් ජාතික විශ්වවිද්‍යාලය(දකුණු කොරියාව), ඔටාගො විශ්වවිද්‍යාලය (නවසීලන්තය).


ශාස්ත්‍රධරයන් මෙම සමාජ විද්‍යාවේ ශාඛාවන් වර්ධනය කිරීමට බොහෝවිට දායක වී තිබේ. උදා : හැරී එඩ්වඩ්, කලින් UC Berkeley වල මහාචාර්ය හා ජාතික පාපන්දු ලීගයේ (National Football League) San Francisco, 49 කාලවල වෘත්තිමය ක්‍රීඩා උපදේශක වැන්නවුන් දැක්වීමට පුලුවන. .


ක්‍රීඩාව හා සමාජ විද්‍යාව, ක්‍රීඩාව හා ක්‍රීඩා සමාජ ස්තරණය (Social Stratification), ක්‍රීඩා උපසංස්කෘති, ක්‍රීඩාවේ දේශපාලනික ආර්ථික විද්‍යාව, ක්‍රීඩාව සහ මාධ්‍යය, ක්‍රීඩාව හැඟීම් හා කය, ක්‍රීඩා ප්‍රචණ්ඩත්වය, ක්‍රීඩා දේශපාලනය හා ජාතික අනන්‍යයතාවය, ක්‍රීඩාව හා ගෝලීයකරණය යනාදි මාතෘකා ඔස්සේ යමින් ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළව වර්තමාන පර්යේෂණ කටයුතු සිදු වෙයි.


බොහෝ විදුහල් හා විශ්වවිද්‍යාල වර්තමානයේ ක්‍රීඩා සමාජ විද්‍යාවට අදාළ පාඨමාලා පවත්වන අතර උපාධි පිරිනැමීමද සිදු කරයි.