ක්‍රිස්මස් දිවයින්හී කාන්තාවෝ

විකිපීඩියා වෙතින්

ක්‍රිස්මස් දිවයින්හී කාන්තාවෝ හෝ ක්‍රිස්මස් දිවයින් කාන්තාවෝ යනු, ඕස්ට්‍රේලියාවෙහි විදේශ බලප්‍රදේශයක් වන ක්‍රිස්මස් දිවයින්හී ජීවත්වන කාන්තාවෝ වෙති. ඔවුහූ මැලේ, චීන සහ එංගලන්ත සම්භවයක් සහිත වෙති. 2011 මාර්තු මාසයෙහිදී, ජාත්‍යන්තර කාන්තා දිනය ක්‍රිස්මස් දිවයින්හිදී සමරන ලද්දේ එහි කාන්තා වැසියන්ට උපහාරයක් වශයෙනි. මෙම උත්සවාංගය පවත්වන ලද්දේ "ක්‍රිස්මස් දිවයින්හී ජීවත් වන කාන්තාවක් වීමෙන් හැඟෙන්නේ කුමක්ද" යන තේමාව එළි දැක්වීම සඳහාය.[1]

ඕස්ට්‍රේලියාවෙහි කාන්තා ක්‍රිස්මස් දිවයින් වැසියන්ගේ "තත්ත්වය සහ අවශ්‍යතා" සඳහා අනුග්‍රහය සපයමින් ඒවා සඳහා අනුබල සලසන ප්‍රධාන දේශීය සංවිධානය වන්නේ ක්‍රිස්මස් දිවයින් කාන්තා සංගමය නම් 1989 දී පිහිටුවනු ලැබුනු කණ්ඩායමකි.[2]

ආශ්‍රිත[සංස්කරණය]