ක්ෂුද්‍රකපාල ව්‍යාධිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ක්ෂුද්‍රකපාල ව්‍යාධිය
වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර
ක්ෂුද්‍රකපාල ව්‍යාධිය සහිත හිස්කබලක (දකුණ) සහ සාමාන්‍ය හිස්කබලක (වම) ස්නායුමය පරිලෝකන
ICD-10 කේතයQ02.
ICD-9 කේතය742.1
OMIM251200
DiseasesDB22629
MedlinePlus003272
MeSHD008831

ක්ෂුද්‍රකපාල ව්‍යාධිය යනු ස්නායුප්‍රවර්ධනමය ආබාධයකි. එය වැදගත් ස්නායුවිද්‍යාත්මක ලක්ෂණයක් වුවද, එහි අර්ථදැක්වීමෙහි ඒකාග්‍රතාවයක් දක්නට නොමැත. එය සාමාන්‍යයෙන් අර්ථදැක්වෙන්නේ, වයසට සහ ලිංගිකත්වයට සරිලන සාමාන්‍යය අගයයෙන්, සම්මත අපගමනයන් දෙකකට වඩා පහළ අගයක හිසෙහි වටප්‍රමාණය (HC) පැවතීම ලෙසිනි.[1][2] සමහරක් උගතුන් කැමති වන්නේ, වයසට සහ ලිංගිකත්වයට සරිලන සාමාන්‍යය අගයයෙන්, සම්මත අපගමනයන් තුනකට වඩා පහළ අගයක හිසෙහි වටප්‍රමාණය පැවතීම ලෙසින් එය අර්ථදැක්වීමටය. [3] ක්ෂුද්‍රකපාල ව්‍යාධිය උපතින් ලද හෝ ජීවිතයේ වසර කිහිපයකින් පසුව හෝ ප්‍රවර්ධනය වන්නක් විය හැක. මොළයෙහි අසාමාන්‍ය වර්ධනය ඇතිකරන පුළුල් පරාසයක වන සාධක තුලින් හෝ වර්ණදේහමය අසාමාන්‍යත්වයන් ආශ්‍රිත සහලක්ෂණ තුලින් හෝ මෙම ව්‍යධිය පැන නැගිය හැක.

  1. ලෙවිටොන්, ඒ.; හෝම්ස්, එල්. බී.; ඇල්ෆ්‍රඩ්, ඊ. එන්.; වාර්ගාස්, ජේ. (2002). "මෙතොඩොලොජික් ඉෂුස් ඉන් එපිඩොමොලොජික් ස්ටඩීස් ඔෆ් කොන්ජෙනිටල් මයික්‍රෝසෙෆලි". Early Hum Dev. 69 (1): 91–105. doi:10.1016/S0378-3782(02)00065-8. 
  2. ඔපිටිස්, ජේ. එම්.; හෝල්ට්, එම්. සී. (1990). "මයික්‍රෝසෙෆලි: ජෙනරල් කන්සිඩරේෂන්ස් ඇන්ඩ් ඒඩ්ස් ටු නෝසොලොජි". J Craniofac Genet Dev Biol. 10 (2): 75–204. PMID 2211965. 
  3. බර්මාන්, ආර්. ඊ.; ක්ලිග්මාන, ආර්. එම්.; ජෙන්සන්, එච්. බී. (2000). නෙල්සන්ස් ටෙකස්ට්බුක් ඔෆ් පීඩියැට්‍රික්ස් (16th සංස්.). ෆිලඩෙල්ෆියා: ඩබ්බී සෝන්ඩර්ස්. ISBN 0721677673.