කලුකුමාර යකා

විකිපීඩියා වෙතින්

ඇත්තටම කළු කුමාරයා කියන්නෙ කවුද? මීට පිළිතුරු ගොන්නකි. ඉන්දියාවේද මේකා අරක් ගනී ඉන්දියානු කතාද බොහොමයකි. අපි ලංකාවේ බැවින් ලංකාවට ආවේණික කතා ටිකක් යුනිකෝඩ් කලෙමි.

කළු කුමාරයා නල දත් ඇති, රකුසු මුහුණක් ඇති, ශරීරය තද කළු පාටින් යුක්ත මැණික් ඔටුන්නක් හිස දරා, දෙකන් පෙතිවල රන් තෝඩු එල්ලා කර වටා මුතු මාලයක් පැළැඳ, දකුණු අත යගදාවක් අතැතිව, සුදු හැට්ටයක් ඇඳ, ළය මත කාන්තා රුවක් කොටා ඇති පොරකි. කළු ගොනකු පිට නැගීයයිලුය.

විජය -කුවේණිගේ පුතා මතකද ...? (මතක නැත්තන් ෆිල්ම් එක බලන්ඩ ඈ..)

ජීවහත්ථ... ජීවහත්ථ යනු ආරෝහ පරිනාහ දේහයක් තිබුන බොහොම ජව සම්පන්න කෙනෙක්ලුය. සිංහලෙන්ම කියනවානං හෙනකදයා වගේ ඩයල් එකක්ය. ඒ කාලේ කාන්තාවෝ ජීවහත්ථට වශී වෙනවාලුය. ජීවහත්තත් කාමධික පුද්ගලයෙක් ලුය. කාන්තාවෝ අධික ලෙස ඇසුරු කලාලුය. දරුණු විදියට ලිංගිකත්වයට ඇබ්බැහි උන පොරක්ලුය . අවසානයේ මැරුනෙත් අධික ලිංගික සන්තර්පනයෙන් ඇති උන ලෙඩ කින්ලුය ... ( ලංකාවෙ සමාජ රෝග වල ආරම්භය ඔතන වෙන්න ඇති)

අවිවාහක කාන්තාවෝ ලඟට ඇවිත් , දුෂණය කරනවාලුය. ඒකට තමයිලු ඔය 'කළු කුමාරයා වැහිලා ' කියන්නේ. අන්තිමට කාන්තාවත් ඇබ්බැහි වෙනවාලුය. රැ තිස්සේ කළු කුමාරයත් එක්ක ඔට්ටු වෙන නිසා දවල්ට ඉන්නෙ හෝන්දු මාන්දු ගතියෙන්ලුය. (ඇයි ඉතින් සෑහෙන්න අමාරුයිනේ)

තොවිල් එහෙම කරලා හොඳ කරන්නේය..එතනත් මරු වැඩවෙනවාලුය. තොවිලේදී කළු කුමාරයට ආරාධනා කරනවාලුය, ඒ කාන්තාව එක්ක ලිංගිකව එක් වෙන්න කියලා. ඒ වෙලාවේදී කළු කුමාරයා ඒ කාන්තාව එක්ක ලිංගිකව එක් වෙනවාලුය. අර කාන්තාව එවලේ හැසිරෙන්නේ ඇත්තටම කාත් එක්ක හරි ලිංගිකව හැසිරෙනවා වගේලුය... (ඕං බලන්න යනවනං... ලයිව් ඇන්ඩ් එක්ස්ක්ලූසිව්)

ඒ තැන වලට ගෑනු යන්නෙත් නෑ ලුය. මොකද එයාගෙන් අයින් වෙලා එතන ඉන්න තව කෙනක් ලඟට අවොත් කියලාලුය... මොකද කළු කුමාරයට ඒ ලැබෙන්නේ ඒ කාන්තාව එක්ක ඉන්න ලැබෙන අවසාන අවස්ථාවලුය.

"https://si.wikipedia.org/w/index.php?title=කලුකුමාර_යකා&oldid=470120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි