කලා න්‍යායයන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search


දහනව වන සියවසේදී කලාකරුවන් මූලික වශයෙන් අවධානය යොමුකර සිටියේ සත්‍යය සහ සුන්දරත්වය පිලිබඳවය. ජේ. එම්. ඩබ්ලිව් ටර්නර්ගේ තාත්විකවාදය වෙනුවෙන් පෙනීසිටි සෞන්දර්යවාදයේ න්‍යායවාදියකු වූ ජෝන් රස්කින් කලාවේ භූමිකාව ලෙස දක්වා සිටියේ ස්වභාවිකත්වය තුල පවත්නා සාරාත්මක සත්‍යය කලාකෘතියක් හරහා සන්නිවේදනය කිරීම ලෙසිනි. විසිවැනි සියවසේ මුල්භාගයේදී නූතනවාදයේ පැමිණීම විසින් කලාවේ කාර්ය පිලිබඳ සංකල්පයන්හි රැඩිකල් වෙනසක් සනිටුහන් කරන ලදී. විසිවන සියවසේ අවසන් භාගයේදී නැවත වරක් පශ්චාත් නූතනවාදයේ සම්ප‍්‍රාප්තියද මෙවැනිම වෙනසකට මඟ පෑදීය. 1960 දී ක්ලෙමන්ට් ගී‍්‍රන්බර්ග් සිය ‘නූතනවාදී චිත‍්‍රකලාව’ නම් ලිපියේදී නූතන කලාව ‘දැනුම් පද්ධතියක නෛසර්ගික ක‍්‍රමවේදයන් එකී දැනුම් පද්ධතියම විවේචනය කිරීම සඳහා යොදාගැනීම’ ලෙසින් අර්ථ දක්වා ඇත. ගී‍්‍රන්බර්ග් මෙම අදහස මූලික වශයෙන් අධිතාත්වික ප‍්‍රකාශනවාදී ව්‍යාපාරය සඳහා යොදාගත් අතර පැතලි අධිතාත්වික චිත‍්‍ර තේරුම්ගැනීම සහ සාධාරණීකරණය කිරීම සඳහා යොදාගන්නා ලදී.

තාත්විකවාදී ස්වභාවිකවාදී කලාව මාධ්‍යය ව්‍යාජ ලෙස යොදාගනිමින් කලාව සැඟවීම සඳහා යොදාගත් අතර නූතනවාදය කලාව කලාව කෙරෙහි අවධානය ඇතිකිරීම සඳහා යොදාගන්නා ලදී. පැතලි පෘෂ්ඨය, ආධාරකයේ හැඩය, සායම්වල ගුණයන් ආදී චිත‍්‍රය මාධ්‍යයක් ලෙස දරා සිටින්නාවූ සීමාවන් පැරණි ගුරුවරුන් විසින් ව්‍යංගයෙන් හෝ වක‍්‍රාකාරයෙන් පිලිගනු ලැබියහැකි ඍණාත්මක සාධකයන් විය. නූතනවාදය යටතේ මෙම සීමාවන් ධනාත්මක සාධකයන් ලෙස සැලකීමට පටන් ගැනුනු අතර විවෘතවම ඒ බව පිලිගනු ලැබීය.

ගී‍්‍රන්බර්ග් පසුව මයිකල් ෆෙඞ්, ටී. ජේ. ක්ලාර්ක්, රොස්ලින්ඞ් ක්රවුස්, ලින්ඩා නොච්ලින් සහ ගි‍්‍රසෙල්ඩා පොලොක් ආදී වැදගත් කලා න්‍යායවේදීන් කිහිප දෙනකුම මතුවිය. මූලිකව විශේෂිත කලාකරුවන් පිරිසක් තේරුම්ගැනීම අරමුණුකොටගෙන ඉදිරිපත්කළ නූතන කලාව පිලිබඳ ගී‍්‍රන්බර්ග් ගේ අර්ථදැක්වීම 20 වන සියවසේ සහ 21 වන සියවසේ මුල්භාගයේ ඇතිවූ විවිධ කලා ව්‍යාපාරයන්හි කලාව පිලිබඳව වන අදහස්වලට යටින් දිවෙයි. මෙම සන්දර්භය තුල මාර්ෂල් ඩුෂෙම්ප් 1917 ස්වාධීන කලාකරුවන්ගේ සංගමයේ ප‍්‍රදර්ශනයට ප‍්‍රදර්ශිතයක් ලෙස කැසිකිලියක් ‘ෆවුන්ටන්’ යනුවෙන් නම්කොට ඉදිරිපත් කිරීම තුල නිරූපනය වූ ඔහුගේම වූ ක‍්‍රමවේදයකට කලා ප‍්‍රදර්ශනය විවේචනය කිරීමයි.

ඇන්ඩි වර්හෝල් වැනි ජනපි‍්‍රය චිත‍්‍රශිල්පීහු ජනපි‍්‍රය සංස්කෘතිය මෙන්ම කලා ලෝකයද එකී ජනපි‍්‍රය සංස්කෘතියේ භාෂාවෙන්ම විවේනය කිරීම මගින් අවධානයට ලක්වූවා මෙන්ම බලපෑම් සහගතද වූහ. 1980 ගණන්වල 1990 ගණන්වල සහ 2000 ගණන්වලදී සමහර රැඩිකල් කලාකරුවෝ මෙම අදහස් තවදුරටත් ඉදිරියට ගෙනයමින් ස්වයං විවේචන ශිල්පය උසස් කලාවෙන් ඔබ්බට ගෙනයමින් මෝස්තර නිරූපන ප‍්‍රතිරූපයන්, චිත‍්‍රකථා, දැන්වීම් පුවරු, අසභ්‍ය චිත‍්‍රපට ආදී වූ සියලූ සංස්කෘතික ප‍්‍රතිරූප නිර්මාණයන් කරාද ගෙන ගියහ.

"https://si.wikipedia.org/w/index.php?title=කලා_න්‍යායයන්&oldid=93804" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි