කලාප සටහන
ද්වීමාන කලාප සටහන්
[සංස්කරණය]පීඩන උෂ්ණත්ව සටහන
[සංස්කරණය]ඉතාම සරලම පීඩන - උෂ්ණත්ව ප්‍රස්තාර ලෙස ජලයේ පීඩන උෂ්ණත්ව සටහන සැලකිමට පුලුවන. මෙහි අක්ෂ දෙක ලෙස පීඩනය හා උෂ්ණත්වය සැලකිය හැකිය.ඒ අනුව මෙම කලාප රූප සටහනෙන් පීඩනය හා උෂ්ණත්වය යන කලාප දෙකක් නිරූපණය කෙරෙන අතර කලාපයේ සමතුලිතතාවය රේඛිය වේ. එයින් ඝන, ද්‍රව, වායු යන අවස්ථා තුනක් නිරූපණය කරයි.
දර්ශිය කලාප සටහනක තිත් ඉරි සහිත රේඛාවෙන් ජලයේ අසාමාන්‍ය හැසිරීම නිර්ණය කෙරේ.කොළ පාට රේඛාවෙන් ද්‍රව මිදෙන ලක්ෂය ද, නිල් පාට කලාපයෙන් ද්‍රව වාෂ්ප බවට පත්වන ලක්ෂය ද පෙන්නුම් කරයි.
කලාප සටහනේ සලකුණු කර තිබෙන ඇතැම් ලක්ෂවලින් නිදහස් ශක්තියක් නිරූපනය කරයි. විවෘත ස්ථාන එනම් නිදහස් ශක්තිය, විශ්ලේෂිත ස්ථානවලට අනුයුක්ත වේ. කලාප, රේඛාවලින් වෙන්වෙන අතර කලාප සංක්‍රමණය වන අවස්ථා එනම් කලාප මායිම් විශ්ලේෂණය කළ නොහැකිය.
මෙම කලාපය ඉහල සූක්ෂම ද්‍රව (Super Critical fluid) කලාප ලෙස සලකයි. ජලයේ මෙම සූක්ෂම ලක්ෂය ඇතිවන්නේ උෂ්ණත්වය කෙල්වින්(k) 647 වන විටදි (සෙල්සියස් අංශක 374 0C හෝ ෆැරන්හයිට් අංශක 705 0 F ) සහ පීඩනය මෙගා පැස්කල් ( MPa ) 22.064 වන විටදිය.
ද්‍රව - වායු පවතින සූක්ෂම ලක්ෂයේ දී ඉහත නිර්වචන වලට විවිධාකාර අර්ථකථන ඇති බව එළිදරව් වේ. ද්‍රව කලාපයේ සිට වාෂ්ප කලාපය දක්වා ගමන් කිරීමේ දී එනම් සූක්ෂම ලක්ෂයේ සිට දකුණට යාමේ දී සාමාන්‍යයෙන් මායිම් ඡේදනය වන අතර, එසේ මායිම් ඡේදනය නොවන මාර්‍ග වුවද තිබිය හැකිය. එබැවින් ද්‍රව හා වායු යන කලාප එකට මිශ්‍රවී පැවතිය හැකිය. කෙසේ නමුත් ඝන - ද්‍රව කලාප සමාන සමමිතික කාණ්ඩයකට අයත් නම් එම ඝන - ද්‍රව කලාප මායිමේ අවසානය සූක්ෂම ලක්ෂයෙන් කෙළවර වේ. කලාප සටහනේ ඝන - ද්‍රව මායිමේ බොහෝ ද්‍රව්‍යවල ධනමය (+) බෑවුමක් පවතී. මෙයට හේතුව වන්නේ ඝන කලාපයේ ද්‍රව කලාපයට වඩා ඉහල සාන්ද්‍රණයක් තිබීමයි. එම නිසා ද්‍රව කලාපයට ඒමට වැඩි පීඩනයක් අවශ්‍ය වේ. කලාප සටහනේ සමහර කොටස් වල එනම් ඝන - ද්‍රව කලාප මායිමේ සෘණමය (-) බෑවුමක් ද පවති. මෙමඟින් නිරූපනය වන්නේ ජලයේ ඝන තත්ත්වයේදී එනම් අයිස්වල පවතින ඝනත්වය, එහි ද්‍රව අවස්ථාව වන ජලයේ ඝනත්වයට වඩා අඩු බවයි. ඒ අනුව මෙමඟින් ද්‍රව්‍ය වල අසාමාන්‍ය භෞතික ගුණද නිරූපණය වෙයි.