කපිල චන්ද්‍රසේන

විකිපීඩියා වෙතින්

කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මාර්තු 9, 2017 දක්වා කටයුතු කරන ලදී, එයට පෙර මිහින් ලංකා සමාගමේ හා මොබිටෙල් සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරියා ලෙස කටයුතු කරන ලදී.

ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන අතර චිකාගෝ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධියක් ලබා ඇති අතර මෙල්බෝන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් හිමි කරගෙන ඇත. ඔහු හා ඔහුගේ බිරිඳ එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ගත් බවට චෝදනා ලබා ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කොට ඇත.


|Kapila_Chandrasena

"https://si.wikipedia.org/w/index.php?title=කපිල_චන්ද්‍රසේන&oldid=470787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි