කථන චිකිත්සාව

විකිපීඩියා වෙතින්

ක්‍රමවේදයන්හි විෂය පථය[සංස්කරණය]

කථන හා භාෂා ව්‍යාධි විද්‍යාවෙහි භාවිතය පහත ආකාර වේ.

  • රෝගාබාධ වළකා ගැනීම, විමර්ශනය, උපදෙස් ලබාදීම, රෝග නිර්ණය කිරීම, ප්‍රතිකාර කිරීම, අදාල ක්‍රියා මාර්ග ගැනීම හා රෝගියා සුව වීමෙන් පසුව වුවද තොරතුරු ලබාගැනීම සඳහා භාවිතා වේ. ඒවා නම් ;
  1. කථනය (ශබ්දය ඇති කිරීම, වචන උච්චාරණය, කථනයෙහි ශුරතාවය, අනුනාදය සහ හඩ)
  2. භාෂාව (ශබ්ද අධ්‍යන විද්‍යාව, රූපාකාරය, ක්‍රියාකාරක පද සම්බන්ධය, අර්ථ විචාරය සහ උපයෝගී බස සම්බන්ධ වාග් විද්‍යාව) මෙහිදී වාචික, ලිඛිත, රූප සහ දෑත් භාවිතා කරමින් අදහස් හා හැගීම් ප්‍රකාශ කිරීම සහ පුර්ව සාක්ෂරතාව හා භාෂාව හා සම්බන්ධ ස‍ාක්ෂරතා හැකියාවන් පිළිබඳව විස්තර කෙරේ.
  3. ගිලීම සහ ආහාර ජීරණ පද්ධතියේ ඉහළ කොටසෙහි ක්‍රියාකාරීත්වයන් වල ඇති වන අක්‍රමිකතා.
  4. සන්නිවේදනයෙහි ඥානාත්මක අංගයන් (උදා - අවධානය, මතකය, ගැටළු විසදීම සහ අනෙකුත් ඉහළ ක්‍රියාකාරීත්වය)
  5. සන්නිවේදනය , ගිලීම හෝ ජීරණ පද්ධතියෙහි ඉහළ කොටසෙහි ක්‍රියාකාරීත්වයන් වැනි සංවේදනය හා සම්බන්ධ ක්‍රියාකාරීත්වයන්.
  • විකල්ප, වඩාත් වර්ධනය වු සංනිවේදන ක්‍රමයක් ඇති කිරීම සහ එවන් ක්‍රමයක් වර්ධනය, තෝරා ගැනීම හා නිර්දේශ කිරීම සඳහා ක්‍රමෝපායන් ගොඩ නැංවීම.
  • ශ්‍රවණාබාධ ඇති රෝගීන් සහ ඔවුන් රැකබලා ගන්නන් හට සේවයක් සැපයීම. (උදා - ශ්‍රවණය පුරුදු කිරීම, කථන හා භාෂා වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ දෘෂ්ටිය පරීක්ෂා කර බැලීම ශ්‍රව්‍යාබාධිත උපකරණ සැපයීම.
  • පුද්ගලයන්ගේ ශ්‍රවණාබාධ පිළිබඳ විමර්ශනය කිරීම සහ මැද කනෙහි ආබාධ පිළිබඳව සොයා බලා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීම.
  • දත්ත රැස් කිරීම, නිරීක්ෂණය කිරීම, සන්නිවේදනය , ගිලීම හෝ වෙනත් ආහාර මාර්ගයේ ඉහළ කොටසෙහි ක්‍රියාකාරීත්වයන් පරීක්ෂා කර බැලීම සඳහා විවිධ උපකරණ භාවිතා කිරීම.
  • සන්නිවේදනය, ගිලීම සහ ආහාර ජීරණ මාර්ගයෙහි ඉහළ කොටසෙහි ක්‍රියාකාරීත්වයන් භාවිතා කිරීම සඳහා භාවිතා වන උපකරණ වල යෝග්‍යතාවය සහ ඵලදායී භාවිතය පිළිබඳ සොයා බැලීම.
  • මධ්‍යම ශ්‍රවණ නිෂ්පාදනය කිරීමේ දුර්වලතා ඇති අවස්ථා වලදී ඒවා හදුනාගෙන කථනය, භාෂාව සහ අනෙකුත් සංජානන සන්නිවේදන දුර්වලතා ඇති අවස්ථා‍වලදී ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීම.
  • රෝගීන්, රෝගීන්ගේ පවුලේ අය, අධ්‍යාපනඥයින් සහ අ‍ෙනකුත් පුද්ගලයන් රෝග තත්වය අවබෝධ කරගැනීම, ඒ සඳහා හැඩ ගැසීම සහ සන්නිවේදනය, ගිලීම සහ ආහාර ජීර්ණ පද්ධතියේ ඉහළ කොටසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කිරීම සහ උපදෙස් ලබාදීම.
  • ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන්, අධ්‍යාපනික ක්‍රම සහ පුහුණු කිරීමේ වැඩ සටහන් මාර්ගයෙන් අදාල පුද්ගලයන් හට සන්නිවේදනය සහ සමාජයෙහි ඒ සඳහා ඇති බාධා මගහරවා ගැනීමට උපදෙස් ලබාදීම.
  • ශ්‍රවණවේදීන් හට, අධ්‍යාපනඥයින්ට සහ සෞඛ්‍ය වෘත්තිකයන් හට තොරතුරු ලබාදීම සහ ඔවුන් වෙත යොමු කිරීම.
  • හැසීරීම (අභිනිවේශය හෝ විනාශකාරී ක්‍රියා) සහ බාහිර පරිසරය (උදා - හිඳගැනීම, සන්නිවේදන අවස්ථා, ආහාර ගැනීම සදහා නිවැරදි ඉරියව්) පිළිබඳව සාකච්ඡා කිරීම මගින් සන්නිවේදනය, ගිලීම සහ අනෙකුත් ආහාර ජීර්ණ පද්ධතියේ ඉහළ කොටසෙහි සිදුවන ක්‍රියාකාරීත්වයන් නිසි පරිදි පවත්වා ගෙන යාම.
  • සන්නිවේදන හැකියාවන් වැඩිදියුණු කරගැනීම සහ ඒ සඳහා අවශ්‍ය සේවාවන් සැපයීම. (උදා - උච්චාරණය, වෘත්තීමය මට්ටමින් හඩ පිළිබඳ අවධානයක් යොමු කිරීම හා එය දියුණු කර ගැනීම, පෞද්ගලික සහ වෘත්තීමය සන්නිවේදන කාර්යක්ෂමතාවය වැඩිදියුණු කර ගැනීම.)
  • විවිධ සංස්කෘතික වටපිටාවක් සහිත පුද්ගලයින් හට ඇති අවශ්‍යතා හඳුනාගැනීම සහ ඔවුන් සඳහා නිසි රෝග නිර්ණය ක්‍රමයන් ලබාදීම සහ නිසි පරිදි ප්‍රතිකාර ක්‍රම ලබාදීම.
"https://si.wikipedia.org/w/index.php?title=කථන_චිකිත්සාව&oldid=382366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි