කඩුල්ල මුවා කිරිමේ වරද

විකිපීඩියා වෙතින්
Drawing of a cricketer hit on the pads by the ball. The wicketkeeper is about to appeal.
කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී ඇති පිතිකරුවෙකු පෙන්නුම් කරන 1904 බැඩ්මින්ටන් ලයිබ්‍රරිහී ක්‍රිකට් හී සංදර්ශනයක්. මුල් රූප විස්තරය වූයේ "[කඩුල්ල මුවා කිරීමේ] පැහැදිලි අවස්ථාවක්" යනුවෙනි.

කඩුල්ල මුවා කිරීමේ(lbw) වරද යනු ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරැ දැවි යා හැකි එක් ආකාරයකි.මෙම නීතියේ පදනම වනුයේ පන්දු රකින කණ්ඩායම විසින් කරන ලද ඉල්ලීමකට අනුව විනිසුරු විසින් පන්දුව කඩුල්ලේ වදී නම් හා පිතිකරුගේ පිත්ත හැර වෙන කිසිවක් මගින් එයට බධා කලේ නම් පිතිකරු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සංඥා කිරීමයි.පදනම එසේ වුවද විනිසුරුගේ මෙම තීරණය මිනුම් දඬු කිහිපයක් මත රඳා පවතී.මේ හේතුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ නීතිය බොහෝ සාමාන්‍ය ජනයා විසින් වරදවා වටහා ගෙන ඇත. එහි සංකිර්ණත්වය සහ එමගින් ක්‍රීඩාවට සිදුවන බලපෑම හේතු කොට ගෙන මෙම නීතිය ප්‍රේක්ෂකයින්,පරිපාලකයින් සහ විස්තර විචාරකයින් අතර මත භේදයට තුඩු දි තිබේ.1774 දී ප්‍රථම හඳුන්වා දීමෙන් පසු එහි වචන ස්වරූපය නිතර වෙනස් වීම් වලට ලක් වුනි.ජෙරාල්ඩ් බ්‍රොඩ්‍රිබ්බ් විසින් සිදු කරන ලද ක්‍රිකට් නීති පිලිබඳ පර්‍රක්ෂණයේදී ඔහු විසින් මෙසේ සඳහන් කර ඇත. "කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීම තරම් වෙන කිසිදු දැවී යාමක් විවාදයට ලක් වී නොමැත.එය හඳුන්වා දුන් මුල් යුගයේ සිට එය ගටලු මතු කර ඈත".[1]පිතිකරුවන් විසින් තම පාද යොදා ගනිමින් පන්දුව කඩුල්ලේ වැදීම වැලක්වීම ආරම්භ කල අවස්ථාවේ මෙම නීතිය පැන නගින ලදී.පිතිකරුවන් තම පා ආවරණ යොදා ගනිමින්කඩුල්ල ආවරණය කිරිමේ ක්‍රියා කලාපය 19 වන ශත වර්ෂයේ අග භාගය වන විට වර්ධනය වු අතර අවසානයේ පිතිකරුවන් එහි අති දක්ෂයින් විය. පසුව මෙම උපක්‍රමය ඍණාත්මක හා පන්දු යවන්නන්ට අසාධාරණයක් සිදු කරන බව හදුනා ගත් නිසා පිතිකරුවන්ට එසේ කිරීම අපහසු වන පරිදි විවිධ විකල්ප නීතියට හඳුන්වා දෙන ලදී.වසර ගණනාවක් මුළුල්ලේ ප්‍රතිසංස්කාරකයින් විසින් මෙම නීතියෙහි වචන ස්වරූපය තව දුරටත් වෙනස් වීම් වලට පොලඹවන ලදී.1950-1960 දශකයේදි බොහෝ විචාරකයින් කරුණු ගෙන හැර දක්වමින් කියා සිටියේ නීතියේ සිදුවූ මෙම වෙනස්කම් තුලින් ක්‍රීඩාව කෙරෙහි ප්‍රේක්ෂකයගේ සිත් ඇද ගන්නා සුලු බව අඩු වන බවයි. මේ හේතුවෙන් මෙම නීතියේ වැඩි දියුණුව සඳහා යෝජනා ඉදිරිපත් වු අතර පිතිකරුවෙකු කඩුල්ල මුවා කිරිමේ වරදට හසුව දැවී යාම තීරණය කිරිමේ මිනුමට විවිධ මිනුම් එකතු කිරිම සහ ඉවත් කිරිම සිදු වුනි.

කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යමේ නීතිය ප්‍රථම වරට හඳුන්වා දීමේ සිට මේ දක්වා සිදු වූ දැවී යාම් ගත් කල කඩුල්ල මුවා කිරීම් ප්‍රතිශතයක් ලෙස ක්‍රමයෙන් වර්ධනයක් පෙන්නුම් කරයි.ප්‍රධාන තරඟ වලදී කඩුල්ල මුවා කිරීමේ තීරණ ලබා දිමේදී විනිසුරුවන්ට රූපවාහිනී ප්‍රතිරූපන මගින් සහාය ලබා ගැනීමට හැකි වීමත් සමඟ මෙම දැවී යාම් ප්‍රතිශතයක් ලෙස වර්ධනය වී තිබේ. සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයේදී අනාවරණය කර ගෙන ඇත්තේ ටෙස්ට් තරඟයකදි පිතිකරුවකු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාමේ සම්භාවිතාව තරඟය පැවත්වෙන තණතිල්ල හා තරඟ වදින කණ්ඩායම් මත වෙනස් වන බවයි.



අර්ථදැක්වීම[සංස්කරණය]

බාහිර රූප
කඩුල්ල මුවා කිරීමේ වරද පිළිබඳ නීතිය සන්නිදර්ශනය කෙරෙන බීබීසී ස්ලයිඩ් පෙළ

මෙරිල්බෝන් ක්‍රිකට් සමාජයMCC [notes 1][3]විසින් රචිත ක්‍රිකට් නීති සංග්‍රහයේ 36 වෙනි වගන්තිය යටතේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාම නිර්වචනය කර ඇත.පිතිකරුවකු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාමට ප්‍රථම පන්දු රකින කණ්ඩායම විසින් විනිසුරුගෙන් ඉල්ලීමක් කල යුතුය.[4]පිතිකරු දැවි ගිය අයෙකු ලෙස තිරණය කිරිමට නම් පන්දුව කඩුල්ල සමඟ එක එල්ලයේ [notes 2]හෝ පිට ඉන්නට පිටින්[notes 3] පතිත විය යුතුය.එසේ නැතහොත් පිතිකරු පිත්තෙන් පහරක් එල්ල කිරීමට උත්සාහ නොකරන ලද අවස්ථාවකදී කඩුල්ල තුලට ගමන් කරන පන්දුවක් පිට ඉන්නට පිටින් හෝ පිතිකරුගෙ පා ආවරණයේ වැදුන අවස්ථාවකදීද ඔහු දැවි ගිය ක්‍රිඩකයෙකු ලෙස තීරණය කෙරේ. පන්දුව පිතිකරුගේ පා ආවරණයේ වැදුන පසු කඩුල්ලේ වැදීමට ප්‍රථම බිම පතිත වුවද එම එල්ලයේම ගමන් කරන බව විනිසුරු විසින් උපකල්පනය කල යුතුය.කෙසේ වෙතත් පන්දු යවන්නා විසින් නිපන්දුවක් යවන ලද අවස්ථාවක කිසිම තත්වයක් යටතේ පිතිකරු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කල නොහැක..[3]

A cricket pitch where the line between the wickets is marked in blue
කඩුලු දෙක අතර එක එල්ලය පෙන්වන තණතිල්ලකි( නිල් පාටින් සලකුනු කර ඇත ).මෙම ප්‍රදේශය තුල පතිත වූ පන්දුවක් "එක එල්ලයේ පතිත" වුනි යැයි කියනු ලැබේ.

පන්දුව පාදයේ නොවැදුනද පිතිකරුවකු කඩුල්ල මුවා කිරිමේ වරදට හසුව දැවී යා හැක.උදහරණයක් ලෙස පන්දුව පිතිකරුගේ හිසේ වැදුන අවස්ථවකදී ඔහු කඩුල්ල මුවා කිරිමේ වරදට හසුව දැවී යා හැක.කෙසේ වෙතත් පන්දුව පිතිකරුගේ පා ඉන්නට පිටින් පතිත වු අවස්ථාවකදී[notes 4] පන්දුව කඩුල්ලේ වැදිය හැකි පන්දුවක් වුවද [7]පිතිකරු නොදැවුන ක්‍රීඩකයෙකු ලෙස තිරණය කෙරේ.එසේම පිතිකරු පිත්තෙන් පහරක් එල්ල කිරීමට උත්සාහ දරන අවස්ථාවකදී පන්දුව පිට ඉන්නට පිටින් පිතිකරුගේ පා ආවරණයේ වැදුනද ඔහු කඩුල්ල මුවා කිරිමේ වරදට හසු නොවේ.[8]කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ස්විච් හිට් හෝ රිවර්ස් ස්විප් ආදි පහරවල් වලදි පිතිකරු පන්දුව්ට පහරදෙන ඉරියව්ව වමත් සිට දකුණත් ලෙස හෝ දකුණත් සිට වමත් ලෙස වෙනස් කර ගනිමින් එල්ල කරනු ලබයි.මෙය පිතිකරු පන්දුවට පහර දෙන ඉරියව්ව මත සිදු කෙරෙන පිතිකරුගේ පිට ඉන්න හා පා ඉන්න තීරණය කිරීමේදී බලපෑමක් එල්ල කරයි.මේ අනුව නීතියේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ පන්දු යවන්නා පන්දු යැවීමට දිවීම ආරම්භ කරන මොහොතේ පිතිකරු පන්දුවට පහර දීමට සිටින ඉරියව්ව අනුව ඔහුගේ පිට ඉන්න තිරණය කරන බවයි.[3][9][10]


මෙරිල්බෝන් ක්‍රිකට් සමාජයේ ( MCC) නිර්ණායකයන්ට අනුව විනිසුරැවන් හට පිතිකරැවෙක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමේ තීරණයක් ලබා දීමේදී සළකා බැලීමට සාදක කිහිපයක් ලබා දී ඇති අතර පන්දුව ගමන් කරන කෝණය සහ පන්දුව ගුවනේ දෝලනය වීම ඒ අතර වේ. ඊට අමතරව පන්දුව පිතිකරැගේ ගැටෙන විට උස සහ ඒ වන විට පිතිකරැ කඩුල්ලේ සිට කොපමණ දුරකින් සිටීද යන්න විනිසුරැ වරයා විසින් සැළකිල්ලට ගතයුතු අතර මෙමගින් ඔහු පන්දුව කඩුල්ලෙහි වදීද නැතහොත් කඩුල්ල ඉහළින් ගමන් කරයිද යන්න තීරණය කරයි.[11] MCC නිර්ණායකයන් පවසන පරිදි පන්දුව බිම පතිත වීමට පෙර පිතිකරැගේ ගැටේ නම් විනිසුරැට තම තීරණය ලබා දීම පහසු වේ. එහෙත් පන්දුව බිම පතිත වී පිතිකරැගේ ගැටෙන විට බිම පතිත වීමේ සිට පිතිකරැගේ ගැටීම දක්වා කාලය අඩු නම් තීරණය ලබා දීම වඩාත් අපහසු වේ.[11]

ක්‍රිකට් ක්‍රිඩාව පිළිබද උනන්දුවක් නොදක්වන බොහෝ දෙනා අතර කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී යාමේ නීතිය ප්‍රසිද්ධ වී ඇත්තේ වටහා ගැනීමට ඉතාමත්ම අපහසු නීතිය ලෙසටය. එහි සංකීර්ණත්වය පාපන්දු association football's offside rule ක්‍රිඩාවේ ක්‍රිඩකයන් අනිසි ලෙස ස්ථාන ගත වීමේ නීතියට සමාන කමක් දක්වයි.[12] විචාරකයින් විසින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාම වඩාත්ම මතභේදාත්මක නීතිය ලෙස හදුන්වා දුන්නද එය විනිසුරැවන්ගේ හැකියාව මැන බැලීමේ මිණුම් දණ්ඩක් බවටද පත්ව තිබේ.[13][14] ඩේවිඩ් ප්‍රෙසර් විසින් රචිත Cricket and the Law: The Man in White is Always Right කෘතියෙහි ඔහු සදහන් කර ඇත්තේ විනිසුරැවන් විසින් ලබා දෙන කඩුල්ල මුවා කිරීමේ දැවී යාම් පිළිබද තීරණ බොහෝ විට විවේචනයට ලක් වන බව සහ "කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයාමේ තීරණයක් පිළිබදව සිදු කරන සෑම සාකච්ඡාවකදීම විනිශ්චය ලබා දීමේ දී පක්ෂපාතීත්වය සහ අදක්ෂතාවය පිළිබද වාද ගොඩනැගේ "[14] යන්නය. ප්‍රශ්නය මතුවන්නේ විනිසුරැකරැට තහවුරැ කර ගැනීමට සිදුවන්නේ සිදු වුදේ පමණක් නොව සිදුවන්නට නියමිත දෙයද අනුමාන කිරීමට සිදුවන බැවිනි. පන්දුව පතිත වුයේ පා ඉන්නට පිටතින්ද යන්න විනිසුරැට නිශ්චය කර ගැනීමට සිදුවීම, සමහර අවස්ථා වලදී පිතිකරැ පන්දුවට පිත්තෙන් පහරක් එල්ල කිරීමට උත්සහ දරන ලද්දේද නැද්ද යන්න නිශ්චය කර ගැනීමට සිදු වීම[15] කඩුල්ල මුවාකිරීමට හසුව දැවී යාමේ තීරණයකදී ඇතිවන මතභේදාත්මක අංශයන් වේ. විනිසුරැවන් බොහෝ විට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයාමේ තීරණයක් ලබා දීමේදී ක්‍රිඩකයන් විස්තර විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් අතින් දෝෂ දර්ශනයට ල්ක්වේ.[16]මෙම විවාදාත්මක තීරණය කෙරෙහි විරෝධය ප්‍රකාශ කිරීම්, විවාද සහ ඇතැම් අවස්ථා වලදී මහජන පෙළපාලි දක්වාද විරෝධය ගොඩනැගේ. සංචාරක කණ්ඩායම් විසින් නිරන්තරයෙන් තමන්ට ලබා දෙන කඩුල්ල මුවා කිරීමේ තීරණ කෙරෙහි නොසතුට පළ කරන අතර[13] දේශීය විනිසුරැවන් විසින් දේශීය පක්ෂපාතිත්වයකින් කටයුතු කරන බවට මතයක් පවතී.[17].

නීතියේ විකාශනය[සංස්කරණය]

මුලාරම්භය[සංස්කරණය]

1744 දක්වා දිවෙන ක්‍රිකට් නීති සංග්‍රහයේ මුල්ම ආකෘතියේ[18] කඩුල්ල මුවා කිරීමට හසුව දැවී යාමේ නීතිය අන්තර්ගත නොවේ. ඒ වන විට පිතිකරැවන් පන්දුවට පහර දීමට යොදා ගත්තේ වක වු පිති බැවින් ඔවුන්ට කෙළින්ම කඩුල්ල ඉදිරියේ සිට පන්දුවට පහර දීමට අපහසු විය. එහෙත් 1744 ක්‍රිකට් නීති සංගහයේදී වගන්තියක් ඇතුළත් කර තිබුනේ පිතිකරැ පන්දුවට පහර දීමට කඩුල්ල ඉදිරියේ අයුතු ලෙස[19] සිට ගෙන සිටී නම් ඊට එරෙහිව පියවර ගැනීමට විනිසුරැට හැකිවන පරිදිය.ඉන්පසු කමයෙන් ක්‍රිකට් පිති නව්‍යකරණය වීමත් සමගම එහි වක්‍රාකාර බව අඩු වී ඍජු වන්නට විය. ඒ සමගම පිතිකරැවන්ට කඩුල්ල සමීපයේ සිට පන්දුවට පහර දීමට හැකිවිය. ඉන්පසු සමහර පිතිකරැවන් සිතාමතාම පන්දුව කඩුල්ලේ වැදීම සදහා බාධා කිරීම් වලට පෙළඹුනි. එවැනි උපක්‍රම රචකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වු අතර 1744 ක්‍රිකට් නීති සංගහයේ නව සංස්කරණයක් යටතේ පන්දුවට පහර දෙන පිතිකරැ සිතාමතාම තමාගේ පාද යොදා ගනිමින් පන්දුව කඩුල්ලේ වැදීමට බාධා පමුණුවයි නම් ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට නීතියක් පනවන ලදී. එහෙත් විචාරකයන් පෙන්වා දෙන ලද්දේ විනිසුරැවන්ට, පිතිකරැවන් සිතාමතාම බාධා පමුණුවයිද නැද්ද යන්න මත තීරණ ලබා දීම අපහසු කාර්යයක් බවයි. ඒ අනුව 1788 ක්‍රිකට් නීති සංග්‍රහය අනුව නව නීතියක් ගෙන එන ලද්දේ කඩුල්ල හා එක එල්ලේ පතිත වු පන්දුවක් පිතිකරැගේ පා ආවරණයේ වැදුනේ නම් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස තීරණය කරන බවටයි. පිතිකරැ එය සිතාමතාම කරන ලද්දේද නැද්ද යන්න වැදගත් නොවේ. 1823 දී ඊට තවත් කොන්දේසියක් එක් කරමින් කියා සිටියේ ඒ සදහා පන්දු යවන්නා විසින් කඩුල්ල හා එක එල්ලේ සිට පන්දුව මුදා හැරිය යුතු බවයි. එහෙත් මෙය තවත් ව්‍යාකූල වුයේ විනිසුරැවන් විසින් පන්දුව පන්දු යවන්නාගේ සිට කඩුල්ල දක්වා එක එල්ලේ ගමන් කලද, කඩුලු 2ක අතර එක එල්ලේ ගමන් කළේ යැයි එකග නොවු අවස්ථාවකදී කුමක් තීරණය කළ යුතුද යන ගැටලුව මතුවු නිසාවෙනි. ඒ අනුව 1839 දී එවකට ක්‍රිකට් නීති පැනවීම පිළිබද භාරව සිටි MCC ය විසින් මෙසේ අනුමත කරන ලදී. "පිතිකරැගේ ශරීරයේ කුමන හෝ කොටසක් යොදා ගනිමින් පන්දුව නතර කරන ලද්දේද පන්දු යවන්නාගේ අනුතයේ සිටින විනිසුරැ එම පන්දුව මුදා හරින ස්ථානයේ සිට පිතිකරැගේ කඩුල්ල හා එක එල්ලේ ගමන් කරන්නේ යැයි තීරණය කරන ලද්දේද නම් ඔහු දැවී ගිය කීඩකයකු වේ."

මතභේද සහ ප්‍රතිසංස්කරණයට දරන ලද උත්සාහයන්[සංස්කරණය]

a cricketer standing in front of some stumps, preparing to hit the ball
ආතර් ශ්‍රෙව්ස්බෙරි, තම පා ආවරණ යොද ගනිමින් පන්දුව කඩුල්ලේ වැදීම වැලැක්වූ පලමු පිතිකරුවෙකි

1839-1937 අතර කාලය තුල විවිධ වෙනස් කිරිම් සඳහා ප්‍රයත්නයන් දැරුවද කඩුල්ල මුවා කිරීමේ නීතියේ සාරය නොවෙනස්ව පැවතුනි.පන්දුව කඩුලු දෙක අතර කුමන ස්ථනයකදී පිතිකරුගේ ඇඟෙහි වැදුනද පන්දුව පතිත වන ස්ථානය හෝ පන්දුව කඩුල්ලේ වදින්නේද නද්ද යන්න නොසලකා ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසට තීරණය කල හැකි වන පරිදි කිසිදු වැදගත්කමක් නොමැති යෝජනාවක් 1863 දි ගෙන ආවේය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාම් ප්‍රතිශතයක් ලෙස 1880 දශකය වන විට වර්ධනය විය.ඒ වන තෙක්ම පිතිකරුවන් තමාගේ පා ආවරණ යොදාගනු ලැබුවේ තමාගේ පාද ආරක්ෂා කරගැනීම සඳහාය.වෙනත් අරමුණු සඳහා පා ආවරණ යොදා ගැනීම ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කරන්නක් බව ඔවුහු සැලකූ අතර ඇතැම් නවක ක්‍රීඩකයින් පා ආවරණ කිසිසේත්ම නොපැලඳුහ.ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් සංවිධනාත්මක හා තරඟකාරී වත්ම ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කිරීම සඳහා සමහර පිතිකරුවන් තම පා ආවරණ යොදා ගන්නා ලදී. ඔවුහු තම පිත්ත සමඟ එකට පා ආවරණය පන්දුව වෙත යොමු කලේ යම් හෙයකින් පන්දුව පිත්තේ නොවැදුනහොත් පා අරවණයේ වැදී කඩුල්ල ආරක්ෂා වන නිසාවෙනි.සමහර ක්‍රීඩකයින් මෙය තව දුරටත් වර්ධනය කරමින් පහරක් එල්ල කිරීමට අපහසු පන්දු සඳහා පිත්තෙන් පහරක් එල්ල නොකොට පන්දුව තම පා ආවරණයේ වැදීමට සැලැස්වූහ.ආතර් ශ්‍රෙව්ස්බෙරි ඒ ආකාරයේ උපක්‍රම භවිතා කල පලමු ක්‍රීඩකයා ලෙස ප්‍රසිද්ධ වූ අතර අනෙක් ක්‍රීඩකයින් එය අනුගමනය කරන්නට වූහ.විචාරකයින් මෙය ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කරන්නක් ලෙස චෝදනා කල අතර මෙය නීති විරෝධී ක්‍රියාවක් බවට පත් කිරීමට යෝජනා කිහිපයක් ගෙන ආහ. මේ සඳහා එල්ල වූ විවේචන වැඩිවන්නට වූයේ තනතිලි ගුණාත්මක බවින් හා විශ්වාසනීයත්වයෙන් වැඩිවත්ම පිතිකරනය පහසු වී කණ්ඩායම් ඉතා විශාල ලකුණු සංඛ්‍යාවන් ලබා ගත් නිසා තරඟවල සමබරතාව නොමැති වූ හෙයිනි. 1888 දී පැවති ප්‍රාන්ත ක්‍රිකට් සමාජ නියෝජිතයන්ගේ හමුවකදී එක් ප්‍රාන්ත නියෝජිතයෙකු යොජනාවක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ"පිතිකරුවකු තම පිත්ත වෙනුවට තමාගේ ශරීරය යොදා ගනිමින් කඩුල්ල ආරක්ෂා කිරීමට උත්සාහ දරයි නම් ඒ සඳහා දඩුවම් කල යුතුයි" යන්නයි.එම නියෝජිතයින් කඩුල්ල මුවා කිරීමේ නීතිය වෙනස් කිරීමේ යෝජනාවලියට පක්ෂ වූ අතර ඔවුන් පවසා සිටියේ "පිතිකරුවකු කඩුලු දෙක අතර සිට තමාගේ ශරීරයේ කුමන හෝ කොටසක් යොදා ගනිමින් පන්දුව නවතයිද එම පන්දුව කඩුල්ලේ වැදිය හැකි පන්දුවක් යැයි විනිසුරු තීරණය කරන්නේ නම් ද ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කල යුතුයි"යන්නයි. මෙහිදී කෙරුණු තවත් යෝජනා වලින් කියවුනේ පිතිකරුවකුගේ චේතනාවද තීරණයක් ලබා දීමේදි සැලකිල්ලට ගත යුතු බවයි.නමුත් නීතියේ කිසිදු වෙනසක් සිදු නොවුන අතර MCC ය විසින් හුදු දඬුවම් නියම කිරීමක් පමණක් මේ සඳහා සිදු කරන ලදී.එමගින් ටික කලකට යම් තාක් දුරට පා ආවරණ වලින් පන්දුවට පහර දීමේ කලාවේ අඩු වීමක් සිදු වුවද එය නැවත වර්ධනය විය.ඒ අනුව MCC ය විසින් නැවත වරක් එම තීන්දුව ප්‍රකාශයට පත් කලද එවර එමගින් එහි අඩුවීමක් සිදු වීමක් නොවීය.1899 දී තව දුරටත් මෙම නීතිය වෙනස් කිරීමේ සාකච්ඡාවක් පැවතුණි.ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුන්මෙම නීතිය වෙන ස් කිරීමේ යෝජනාවලියට සහාය වූ අතර එය "පිතිකරුවකු කඩුලු දෙක අතර එක එල්ලයේ සිට තමාගේ ශරීරයේ කුමන හෝ කොටසක් යොදා ගනිමින් පන්දුව නවතයිද එම පන්දුව කඩුල්ලේ වැදිය හැකි පන්දුවක් යැයි පන්දු යවන්නගේ අන්තයේ සිටින විනිසුරු තීරණය කරයිද ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ක්‍රීඩකයෙකු වේ" ආකරයට වෙනස් විය යුතු බව යෝජනා විය.1902 දී MCC හි විශේෂ මහා සභා රැස්වීමකදී ඇල්ෆ්‍රඩ් ලයිටෙල්ටන් විසින් මෙම නීතිය ඒ ආකාරයට වෙනස් විය යුතු බව යෝජනා කළ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 259කුත් විපක්ෂව ඡන්ද 188කුත් ලැබුනි.එහෙත් එය සම්මත වුයේ නීතියක් වෙනස් කිරීම සදහා 2/3ක බහුතර මතයක් අවශ්‍ය වු හෙයිනි. ඒ.ජී.ස්ටීල් මෙම නීතිය වෙනස් කිරීමේ යෝජනාවේ ප්‍රධාන විරැද්ධ වාදියා විය. ඔහු විශ්වාස කළේ එමගින් පිටිය මැද සිටින විනිසුරැවන්ගේ කාර්යය තවත් අපහසු වනු ඇති බවටයි. නමුත් පසුව තමාගත් එම තීරණය පිළිබද ඔහු දුක් වුයේය. ලයිටෙල්ටන් ගේ සහෝදරයා වු රොබට් මෙම නීතිය වෙනස් කිරීමට සහය දැක්වු අතර තම ජීවිත කාලයම ඒ සදහා සටන් කළද සාක්ෂි අතර ඔහු අතරමංවුයේ ඒ වන විට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාම් ප්‍රතිශතයක් ලෙස වැඩි වෙමින් පැවති නිසාවෙනි. එය 1870 දී 2%ක් වු අතර එය 1890 වන විට 6% දක්වාද 1923 වන විට 12% දක්වාද වර්ධනය විය. 1902 දී යෝජිත නව නීතිය දෙවන පෙළ ප්‍රාන්ත ක්‍රිකට් තරග වලදී අත්හදා බැලුවද එය අසාර්ථක විය.කඩුල්ලේ ඉන්නක ප්‍රමාණය විශාල කිරීමද මේ අවධියේ පන්දු යවන්නන් අභිබවා පිතිකරැවන්ගේ ආධිපත්‍යය අවම කිරීමට කරන ලද ප්‍රත්ක්ෂේපිත යෝජනා වලින් එකක් විය.

නීතියේ වෙනස් කිරීම්[සංස්කරණය]

1930 වන විට පිතිකරැවන් රැස් කළ ලකුණු ප්‍රමාණය සහ කඩුල් මුවා කිරීමේ වරදට හසුව දැවීයාම් ප්‍රතිශතය වර්ධනය වන්නට විය. හැරල්ඩ් ලාවුඩ් විසින් ඔස්ට්‍රෙලියාවේදී 1932- 1933 තරගවාරය අතරතුර ආරක්ෂාකාරි පහරක් එල්ල කරන විට පිත්තත් පාදයත් එකට තබා ගෙන පහර දෙන ලදී. එය මතභේදයට තුඩු දුන් අතර එවිට ඔහු තර්ත කර සිටියේ පිතිකරැවන් තමන්ගේ පාආවරණ ආරක්ෂාකාරි පියවරක් අනුගමනය කිරීමේදී කොපමණ භාවිතා කරන්නේද යන්නයි. ෆ්‍රෙඩ් රෑට්ද මෙම පන්දුවට පා ආවරණ යොදා ගනිමින් පහර දීමේ උපක්‍රමය සහ පන්දුව පිට ඉන්නෙන් පිටත පතිත වු විට පහරක් එල්ල කිරීමේ වැළකි සිටීමේ උපක්‍රමය විවේචනය කලේය. එයට ලාඩුඩ්ගේ ප්‍රතිචාරය වුයේ පාඉන්න ඉලක්ක කර ගනිමින් පන්දුව එල්ල කරන ලෙසටයි. සමහර පිතිකරැවන් ඒ වන විට පුරැදු වී සිටියේ පිට ඉන්නට පිටතින් පන්දුව පතිත වුවහොත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු නොවන බැවින් පිත්තෙන් පහර දීම අපහසු නම් තම පා ආවරණ යොදා ගනිමින් පන්දුවට කෙළින්ම පා පහරක් එල්ල කිරීමට ගබී ඇලන් පසුව සිහිපත් කළේ ඒ අවධියේ පිතිකරැවකුගේ, පන්දුවක් නිදැල්ලේ හැරීමට ඇති හැකියාව පිලිබද විශේෂ සැලකිල්ලක් දැක්වු බවයි. ක්‍රිකට් බලධාරින් මෙය ක්‍රිඩාවේ විනෝදාහ්වාදය හීන කරන්නක් බව හදුනා ගන්නා ලදී. 1933දී මෙම මතබේදාත්මක කරැණ වඩාත් උත්සන්න වු අවධියේ පන්දු යවන්නන්‍ග් ප්‍රධාන ඉලක්කය වු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලිපියක් මගින් MCC යට නිර්දේශ කරන ලද්දේ මෙම නීතිය වෙනස් කිරීම තුලින් මීට වඩා උද්යෝගකාරී තරග නිර්මාණය වනු ඇති බවයි.

A head shot of a man in a blazer.
බොබ් වයිටි 1935දී නීති සංශෝධනයන්ට විරුද්ධව කටයුතු කල අතර තමාගේ ජීවිතාන්තය දක්වාම මේ සදහා සටන් කළේය.

මෙම ගැටලුව සාකච්ඡා කර පන්දු යවන්නන්ට සහන සැලසීම සදහා MCC ය විසින් නීති කිහිපයක් වෙනස් කරන ලදී. 1927 දී පන්දුවේ ප්‍රමාණය කුඩා කළ අතර 1931 දී කඩුල්ලේ ඉන්නක ප්‍රමාණය විශාල කරන ලදී. එහෙත් මෙම වෙනස්කම් තුළින් ගැටලුවේ සැළකිය යුතු වෙනසක් සිදු නොවුනි. 1923 හා 1933 අතර කාලය තුළ ප්‍රාන්ත ක්‍රිකටි බලධාරින් විසින් පන්දුව පිතිකරැගේ පා ආවරණයේ වැදුනහොත් ඔහු දැවී ගිය පිතිකරැවකු වන ලෙස පරීක්ෂණයක් පවත්වන ලදී. ඉන්පසු 1935 දී මෙම පරීක්ෂණාත්මක නීතිය හදුන්වා දුන් අතර පිට ඉන්නට පිටින් පතිත වන පන්දුවක් වුවද පිතිකරැ තුළට දග කැවී හෝ දෝලනය වී පිතිකරැගේ පා ආවරණයේ වදීනම් ඔහු දැවී ගිය පිතිකරැවක ලෙස නම් කෙරිණි. මෙහිදි විනිසුරැ විසින් සංඥාවක් ලබා දෙමින් ලකුණු සටහන්කරැවන් වෙත දන්වා සිටියේ පිතිකරැ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී යාමේ පරීක්ෂණාත්මක නීතිය යටතේ දැවී ගිය බවයි. එවැනි දැවී යාමක් (n)ලෙස ලකුණු පුවරැවේ දක්වනු ලැබීය. පිතිකරැවන් මෙම නව නීතියට හුරැ වන තුරැ ආරම්භයේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයාමේ සංඛ්‍යාව වැඩිවිය. ප්‍රධාන පෙළේ පිතිකරැවන් කිහිප දෙනෙක් මෙම නව නීතියට එරෙහි විය. ඒ අතර වෘත්තීය මට්ටමේ ක්‍රිඩකයකු හා පා ආවරණයෙන් පන්දුව පිළි ගැනීමේ නිපුණයකු ලෙස ප්‍රසිද්ධව සිටි හර්බට් සටික්ලිෆ් සහ නව ක්‍රිඩකයන් වන එරොල් හොම්ස් සහ බොබ් වයිට් යන අය වුහ. Wisden Cricketers' Almanack ය සටහන් කර ගත් පරිදි මෙම පිතිකරැවන් තිදෙනා 1935 තරග වාරය අතරතුර තමන්ගේ පන්දුවට පහර දීමේ සාමාන්‍ය දියුණු කර ගත් නමුදු බොහෝ පිතිකරැවන් අසාර්ථක වුයේ ජය පරාජයෙන් තොරව නිමා වු තරග සංඛ්‍යාවද අඩු කරමිනි. 1935 පළමු පෙල තරග වාරයේ 1560ක් වු කඩුල් මුවා කිරීම් වලිනි 483ක්ම නව සංශෝධිත නීතිය යටතේ වු ඒවා විය. විස්ඩන් විසින් නව අත්හදා බැලීම සාර්ථක යැයි තීරනය කළ අතර මුලදී එයට විරැදධ වු කිහිප දෙනෙකු තරග වාරය අවසානයේ තමන්ගේ මතය වෙනස් කරගන්නා ලදී. ඕස්ටේ‍රලියානු ක්‍රිකට් බලධාරිහු මෙම වෙනස්කම සිදු කිරීමට පසුබට වු අතර එය දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට එකවරම මෙම සංශෝධිත නීතිය හදුන්වා නොදුනි. නමුත් 1937 දී මෙම පරීක්ෂණාත්මක නීතිය ක්‍රිකට් නීති සංග්‍රහයේ කොටසක් බවට පත් විය.

ජෙරල්ඩ් බොඩ්රිබ්ට අනුව ඔහුගේ Survey and History of the Laws of Cricket කෘතියෙහි මොහු සදහන් කරන්නේ මෙම වෙනස මගින් ක්‍රිඩාව වඩාත් ආශ්වාද ජනක හා උද්වේගකාරි වු බවයි. නමුත් ක්‍රිඩාවට දෙවන ලෝක යුද්ධය නිසා බාධා එල්ල වන්නට වුනි. 1946 දී ක්‍රිකටි ක්‍රිඩාව නැවත ආරම්භ වීමෙන් පසු පිතිකරැවන්ගේ පුහුණුවේ මද බව නිසා නව සජශෝධිත නීතිය, ප්‍රාන්ත තරගාවලියේ තම ආධිපත්‍යය පැතිරවීමට පටන් ගත් පිට දග පන්දු යවන්නන්ට හා පන්දුව පිතිකරැ තුලට දෝලනය කරන පන්දු යවන්නන්ට වැඩි වාසි ගෙන දෙන්නක් විය. ක්‍රිකට් ඉතිහාසඥයකු වු ඩෙරක් බර්ලිට අනුව බොහෝ දෙනා දෙවන ලොක් යුද්ධයෙන් පසු සාර්ථක වු පන්දුව පිතිකරැ තුළය දෝලනය කරන පන්දු යවන්නකු ඇලෙක් බෙඩ්සර්ගේ ක්‍රම අනුගමනය කරන්නට වුහ. නමුත් එමගින් සිදු වුයේ ක්‍රිකට් ක්‍රිඩාවේ උද්යෝගකාරි බව අඩු වීමයි. කඩුල්ල මුවා කිරීමේ සංශෝධිත නීතිය සහ ක්‍රපකට් ක්‍රිඩාවේ සිදුවු අනෙකුත් වෙනස් කිරීම් පන්දු යවන්නාගේ වාසිය සදහා විය. එම නිසා නව නීතිය පිළිබද රචකයන් සහ ක්‍රිකට් ක්‍රිඩකයන් අතර වාද ගොඩනැගෙන්නට විය. බොහෝ අතීත ක්‍රිකට් ක්‍රිඩකයන් චෝදනා කළේ නව වෙනස් කිරීම් මගින් පිතිකරණයේ පිරිහීමක් හා පිට ඉන්න දෙසින් එල්ල කරන පහර දීම් වල අඩු වීමක් සිදු වු බවයි. 1963 දී ද ටයිම්ස් පුවත්පත තම වාර්තාවකින් මෙසේ චෝදනා කර සිටියේ මෙමගින් පන්දු යවන්නන්ගේ විලාසය සිමා කරන බවයි."1935 දී කඩුල්ල මුවා කරීමේ වරදට හසුව දැවී යාමේ නීතිය හදුන්වා දුන්නේ පිතිකරැවන් පා ආවරණයෙන් පන්දුව පිළි ගැනීමේ ක්‍රියාව පසුබට කිරීමට නමුදු එමගින් සිදු වුයේ පන්දුව දෝලනය කරන හා පිට දග පන්දු යවන සංඛ්‍යාව වැඩි වීමයි.1930 දශකයේ මුල් භාගය වන විට සෑම ප්‍රාන්ත පිළකම පා දග පන්දු යවන්නකු හා වමතිනක් දග පන්දු යවන්නකු ඇතුළත් විය.පා දග පන්දු යවන්නන් ඉතා විශාල වශයෙන් බිහිවිය. එනමුත් අද වන විට ඔවුන් බිහි වන්නේ කලාතුරකිනි. හෙට දවසේ ඔබ පළමු පෙළ තරග පැවැත්වෙන ක්‍රිඩාංගණයකට ගියහොත් ඔබට නිරන්තරයෙන් දක්නට ලැබෙන්නේ මද වේග පන්දු යවන්නෙකු දිව එන දර්ශනයයි. අද වන විට ක්‍රිඩාවේ පෙර තිබු ආකර්ෂණීයත්වය පිළිබද ගැටලුවක් මතු වී තිබේ. " බොබ් වයිටි ඇතුලු විචාරකයින් කිහිප දෙනෙකු සදහන් කර සිටියේ කඩුල්ල මුවා කිරීමේ නීතිය 1935ට පෙර තිබු ආකාරයට සකස් විය යුතු බවයි. වයිට් තමාගේ ජීවිතාන්තය දක්වාම මේ සදහා සටන් කළේය. නමුත් 1950 දී බ්‍රැඩ්මන් යෝජනා කර සිටියේ පන්දුව පිට ඉන්නට පිටතින් පිතිකරැගේ පා ආවරණයේ වැදුණද එහු දැවී ගිය පිතිකරැවකු ලෙස වන පරිදි එම නීතිය තවත් දීර්ඝ කල යුතු බවයි. 1956 සහ 1957 දක්වා කාලයේ MCC ය විසින් ක්‍රිකට් ක්‍රිඩාවේ තත්වය අධ්‍යයනය කළේය. පිළිගත් එහෙත් අප්‍රසිද්ධ උපක්‍රමයක් වු පිට දග හා පන්දුව පිතිකරැ තුලට දෝලනය කරන පන්දු යවන්නන් අනුගමනය කළ පන්දු රකින්නන් හා පා ඉන්න දෙසින් යොදවා පිතිකරැගේ පා ඉන්න ඉලක්ක කර ගනිමින් පන්දු යැවීම විශ්ලේෂනය කළ ඔවුන් කඩුල්ල මුවා කිරීමේ නීතිය වෙනස් නොකළ අතර පිතිකරැගේ පා ඉන්න දෙසින් යෙදවිය හැකි පන්දු රකින්නන් සංඛ්‍යාව සීමා කරමින් නීතියක් පැනවිය.

පහරක් එල්ල නොකිරීම[සංස්කරණය]

1950 - 1960 දශකය අතර කාලය තුළ තණතිලි පන්දුවට පහර දීමට අපහසු හා පිතිකරැවන්ට විශ්වාසයක් තැබිය නොහැකි ආකාරයට හැසිරැනු හෙයින් පා ආවරණයෙන් පන්දුව පිලි ගැනීමේ කලාවේ වැඩිවීමක් පෙන්නුම් කෙරින. විචාරකයින් විසින් මෙය තවදුරටත් ඍණාත්මක හා අසාධාරණ ක්‍රියාවක් බව සදහන් කළහ. පා ආවරණයෙන් පන්දුව පිළි ගැනීමේ ක්‍රියාව අධෛර්යමත් කිරීම හා පා දග පන්දු යවන්නන් ධෛර්යමත් කිරීම පිණිස කඩුල්ල මුවා කිරීමේ නීතියේ නව ප්‍රෙභ්දයක් හදුන්වා දෙන ලදී. ආරම්භයේදී මෙය 1969 - 1970 තරගවාරය අතරතුරදී ඕස්ට්‍රෙලියවේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දුපත් වලදී ද පසුව 1970 දී එංගලන්තයේදී ක්‍රියාත්මක වුනි. මෙම නැවත සකස් කරන ලද නීතියට අනුව කඩුල්ලේ වැදීමට නියමිත වු පන්දුවක් කඩුලු 2ක අතර එක එල්ලේ පතිත වී නම් හෝ "පිතිකරැගේ පිට ඉන්නට පිටින් පතිත වු පන්දුවක් විනිසුරැගේ තීරණයට අනුව පිතිකරැ පිත්තෙන් පහරක් එල්ල කිරීමට උත්සහ නොකරන ලද අවස්ථාවක" පා ආවරණයේ වැදුනි නම් ඔහු දැවී ගිය ක්‍රිඩකයෙකි. එමගින් අදහස් කෙරැනේ කිසිම පිතිකරැවකු පිට ඉන්නට පිටින් පතිත වන පන්දුවකට පිත්තෙන් පහරක් එල්ල කිරීමට තැත් කරයිද ඔහු කිසි විටෙකත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු නොවන බවයි. 1935 නීතිය සමග සැසදීමේදී මෙම නීතියේ වෙනස එයවිය.විස්ඩන් සගරාවේ කතෘට අනුව මෙම අත්හදා බැලීම තුලින් පිතිකරැවන් පන්දුවට පහර දීමේදී අවධානම ලබා ගැනීම සදහා අනුබල දෙනු ලබන අතර එමගින් වඩාත් ආකර්ෂණීය තරග නිර්මාණය කරන බව ඔහුගේ අදහස විය. කෙසේ වෙතත් මෙමගින් කඩුල්ල මුවා කිරීමේ දැවී යාම් ප්‍රතිශතය සැළකිය යුතු ලෙස අඩු විය.ඒ අනුව ඕස්ට්‍රෙලියානු ක්‍රිකට් බලධාරින් විසින් පෙර නීතියේ නව අකෘතියක් යෝජනා කරන ලදී. නැවත වතාවක් පිට ඉන්නට පිටින් පතිත වු පන්දුවකට වුවද පිතිකරැවකු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය හැකි අතර එයට මෙසේ තවත් කොන්දේසියක්ද එකතු විය. එනම් "පිතිකරැවකු පිට ඉන්නට පිටින් පතිත වන පන්දුවකට පිත්තෙන් පහරක් එල්ල කීරීමට උත්සහ නොකරන ලද අවස්ථාවක පන්දුව පිතිකරැගේ අතෙහි හැර ශරීරයේ ඕනෑම කොටසක කඩුකු 2ක අතර එක එල්ලේ හෝ පිට ඉන්නට පිටින් හෝ වදී නම්ද පන්දුව කඩුල්ලේ වැදිය හැකි පන්දුවක් යැයි විනිසුරැ තීරණය කරන්නේ නම්ද පිතිකරැ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවේ." මෙම යෝජනාව 1972 දී පිළිගත් අතර එමගින් කඩුල්ල මුවා කිරීමට හසුව දැවී යාම් ප්‍රතිහතය සීඝ්‍ර ලෙස ඉහළ ගියේය. 1980 දී MCC ය විසින් ක්‍රිකට් නීති සංග්‍රහය සංශෝධනය කළ අතර එහිදී මෙම නව නීතිය නීත්‍යානුකූල ලෙස නීති පොතට එකතු විය.

තාක්ෂණයේ බලපෑම[සංස්කරණය]

ක්‍රිකට් රචකයකු වන ඩග්ලස් මිලර් විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව කඩුල්ල මුවා කිරීමෙන් දැවී යාම් 1993 සිට සෑම එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියකදීම ප්‍රතිශතයක් ලෙස ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව පෙන්වා දෙයි. ඔහු සදහන් කරන්නේ විහේෂයෙන්ම ප්‍රචාරකයන් විසින් ඔවුන්ගේ රෑපවාහිනි ආවරණ සිදු කෙරෙන තරග වලදී Hawk-eye වැනි පන්දු ලුහු බැදීමේ තාක්ෂණයන් සංයෝජනය කර ගැනීම කඩුල්ල මුවා කිරීමෙන් දැවීයාම් ප්‍රතිහතය වැඩිවීමට හේතුවක් වී ඇති බවයි. "කාලයත් සමගම Hawk-eye තාක්ෂණය නිරවද්‍යතාව සනාථ කරමින් අනෙකුත් ක්‍රිඩාවන් සදහාද යොදාගත් අතර ක්‍රිකට් ප්‍රෙක්ෂකයාද එහි ක්‍රමයෙන් එහි අනාවැකි පිළිගැනීමට පටන් ගත්තේය. ප්‍රතිරෑපණ විශ්ලේෂණ මගින් පෙනී යන්නේ කෙනෙකු කඩුල්ලේ නොවැදී යයි අපේක්ෂා කරන පන්දු බොහෝ ප්‍රතිශතයක් කඩුල්ලේ වදින බව " ඔහු තවදුරටත් කියා සිටින්නේ විනිසුරැවන්ගේ ආකල්ප වලට මෙමගින් බලපෑමක් එල්ල වී ඇති බවයි. පිතිකරැ කඩුල්ලේ සිට තරමක් ඉදිරියෙන් සිටියද පන්දුව කඩුල්ලේ වදීයයි හැගේනම් දැවී යාමක් ලෙස සටහන් කිරීමට විනිසුරැවන් බොහෝ විට පෙළඹේ. මෙම ප්‍රවණතාව මේ වන විට ජාත්‍යන්තරව ක්‍රිකට් ක්‍රිඩාවේ ප්‍රචලිතව ඇත. ප්‍රතිරෑපණ සදහා තාක්සණය භාවිතයේ වැඩිවීම විනිසුරැවන්ගේ ආකල්පමය වෙනසක් සිදු කර ඇත. විශේෂයෙන්ම දග පන්දු යවන්නන් කඩුල්ල මුවා කිරීම් සදහා වු ඉල්ලීම් බොහෝ විට ජයග්‍රහනය කරයි. කෙසේ වෙතත් පිටිය මැදදී තාක්ෂණය භාවිතය පිළිබදව මතභේද පවතී. සමහර විචාරකයින්ට අනුව එය මිනිස් තීරණයකට වඩා විශ්වාසදායක වන අතර අනෙකුත් විචාරකයන්ගේ මතය වී ඇත්තේ විනිසුරැ තීරණය ලබා දීම සදහා ඊට වඩා හොද ස්ථානයක සිටින බවයි.

සටහන්[සංස්කරණය]

  1. The MCC first took responsibility for the writing of the Laws of Cricket in 1787, and has been accepted since as the worldwide authority for their framing and interpretation.[2]
  2. On a cricket pitch, there is a set of stumps at each end. The ball pitches in line with the wickets if, when bowled, it lands in the area directly between these stumps.[5]
  3. For a right-handed batsman, the off side is the right-hand side of the pitch when viewed from his perspective. For a left-handed batsman, the off side is the left-hand side.[6]
  4. For a right-handed batsman, the leg side is the left-hand side of the pitch when viewed from his perspective. For a left-handed batsman, the leg side is the right-hand side.[6]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ^ a b c Brodribb, p. 24
  2. "Preface: Laws of Cricket". Marylebone Cricket Club. 2010. සම්ප්‍රවේශය 14 March 2013.
  3. 3.0 3.1 3.2 "Law 36 (Leg before wicket)". Marylebone Cricket Club. 2010. සම්ප්‍රවේශය 5 March 2012.
  4. "Law 27 (Appeals)". Marylebone Cricket Club. 2010. සම්ප්‍රවේශය 5 March 2012.
  5. "LBW: Batsman is out". BBC Sport. 8 November 2006. සම්ප්‍රවේශය 14 March 2013.
  6. 6.0 6.1 Williamson, Martin. "A glossary of cricket terms". ESPNCricinfo. සම්ප්‍රවේශය 5 March 2012.
  7. "Not out LBW: Outside line of off stump". BBC Sport. 8 November 2006. සම්ප්‍රවේශය 5 March 2012.
  8. "Not out LBW: Outside line of off stump". BBC Sport. 8 November 2006. සම්ප්‍රවේශය 5 March 2012.
  9. "MCC give 'switch-hit' all clear". Marylebone Cricket Club. 17 June 2008. සම්ප්‍රවේශය 9 March 2012.
  10. "MCC sub-committee paper on switch-hitting" (PDF). Marylebone Cricket Club. June 2008. සම්ප්‍රවේශය 10 March 2012.
  11. 11.0 11.1 "Laws of Cricket Q&As: 36-A General guidance on 'whether the ball would have hit the wicket'" (PDF). Marylebone Cricket Club. 2010. සම්ප්‍රවේශය 5 March 2012.
  12. "LBW explained". BBC Sport. 8 November 2006. සම්ප්‍රවේශය 5 March 2012.
  13. 13.0 13.1 Nasim, Rafi (27 September 2000). "LBW—The cause of crisis in cricket". ESPNCricinfo. සම්ප්‍රවේශය 6 March 2012.
  14. 14.0 14.1 Fraser, p. 116.
  15. Fraser, p. 117.
  16. Fraser, pp. 117–18.
  17. Fraser, pp. 118–20
  18. "A brief history of cricket". ESPNCricinfo. සම්ප්‍රවේශය 4 March 2012.
  19. Brodribb, p. 241.