ඔස්ලෝ ගිවිසුමේ සාම යෝජනා
ඔස්ලෝ සාම ක්‍රියාවලිය 1993 දී ඉට්ෂැක් රබින් (Yishak Rabin) ගේ මුගිකත්වයෙන් ඊශ්‍රායල් නිළධාරින් ද යසර් අර්ෆත් ගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන පලස්තීන විමුක්ති ව්‍යාපාරයේ නායකයන් එක්ව ගැටළුවට සාමකාමී විසදුමක් ලෙස ඔස්ලෝ සාම ක්‍රියාවලිය තුළින් සෙවීමට උත්සහ කළහ. මෙම සාම ක්‍රියාවලියේ තීරණාත්මක සංසිද්ස්ථානයක් වුයේ ඊශ්‍රායලය නම් රාජ්‍යයක් පවතින බවට පිළීගැනීම සදහා යසර් අර්ෆත් විසින් නිකුත් කෙරැණු ලිපියයි. 1993 දී ඔස්ලෝ සම්මුතිය පිළියෙල කිරිම අවසන් කළ අතර අනාගත ඊශ්‍රායල - පලස්තීන සබදතා සදහා කටයුතු සැලැස්වීම මෙහි අරමුණ විය.
ඔස්ලෝ ගිවිසුමේ දුෂ්කරම ගැටළුව වුයේ සාමය වෙනුවෙන් ඊශ්‍රායලය විසින් අනුක්‍රමයෙන් පලස්තීන භුමිය පලස්තීනුවන් වෙත භාර දීමයි. ඔස්ලෝ සම්මුතිය ආරම්භයේ දී ක්‍රියාකාරිත්වය ඉතා හොදින් හා වර්ධනීය ආකාරයෙන් සිදු වුවත් එම ක්‍රියාවලිය ඉට්ෂැක් රබින් ගෙ ඝාතනයත් සමගම කණපිට හැරැණි. සම්මුතිය ක්‍රියාකාරි වීම අර්ෆත් හා එහුඩ් බරැක් (Ehud Barak) අතර සම්මුතියකට එළඹිමට නොහැකි වීමෙන් ඇණ හිටින ලදී. අරාබි - ඊශ්‍රායල කටයුතු පිළිබද ජනාධිපති ක්ලින්ටන් විසින් පත් කළ විශේෂ නියෝජිත රොබර්ට් මැලේ විසින් සඵල කරන ලද්දේ අර්ෆත් වෙත බරැක් විසින් කිසිදු නිල ලිඛිත ඇරයුමක් කර නොමැති බවයි. ඒත් සමගම සළකා බැලු විවිධ යෝජනා පිලිබද විවිධ මත පලවී තිබුණි. කෙසේ වෙතත් සම්මුතිය සදහා වන ප්‍රධාන බාධකය ලෙස පෙනී යන්නේ ජේරැසලමේ තත්වය පිළිබද නොඑකගතාවයන්ය.