ඔස්ට්‍රේලියාවේ කොඩිය

විකිපීඩියා වෙතින්

ඔස්ට්‍රේලියා
භාවිතය National flag and state ensign National flag and state ensign Normal or de jure version of flag, or obverse side
සමානුපාතිකය 1:2
භාවිතයට ගැනුණේ ක්‍රි.ව. 1901 සැප්තැමිබර් 3
1908 (current seven-pointed Commonwealth Star version)
නිර්මාණය A Blue Ensign defaced with the Commonwealth Star (also known as the Federation Star) in the lower hoist quarter and the five stars of the Southern Cross in the fly half.
[[ගොනුව:{{{Image}}}|border|frameless]]
{{{Article}}} {{{Name}}} යේ ධජය

නිල් පැහැති පසුබිමේ ඉහළ දකුණු කොනේ (ඉහළ ඔසොව්වේ පළමු වම් හතරෙන් කොටස ) එක්සත් රාජධානියේ ධජයක් සහ පහත ඔසොව්වේ දෙවන වම් හතරෙන් කොටසේ පැති හතකින් සමන්විත විශාල සුදු පැහැති තාරකාව මගින් පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාවක් පෙන්වයි. ධජයේ දකුණු කොටස මගින් පෙන්නුම් කරනුයේ කුරුසයක ස්වරුපයේ සුදු පැහැති තාරකා පහකින් සැදුම්ලත් තාරකා මණ්ඩලයකි - එක් පැති පහකින් සමන්විත කුඩා තාරකාවක් සහ පැති හතකින් සමන්විත විශාල තාරකා හතරක්.
ධජයේ මුල් නිර්මාණය (පැති හයක් ඇති සමුහාණ්ඩුවේ තාරකාව සමඟ) තෝරාගෙන ඇත්තේ 1901දී සමුහාණ්ඩුකරණය නිමිති කරගෙන පැවති ලෝක ව්‍යාප්ත තරගයට ඇතුළත් වීමේදී , සහ ධජය ප්‍රථමයෙන්ම ලෙලවූයෙ 1901 සැප්තැම්බර් 3 වෙනිදා මෙල්බර්න්හිදීය. එම දිනය ඔස්ට්‍රේලියවේ ජාතික කොඩි දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. 1902 දී VII වන එඩ්වඩ් රජතුමා විසින් නිර්මාණයේ සුළු වෙනස්කම් අනුමත කරන ලදී. මීළග අවුරුදු කිහිපය තුල, ධජයේ නියම ස්වරුපය කිහිප වරක්ම අරමුනුගතව මෙන්ම වයාකුලයන් වල ප්‍රථිපලයක් ලෙසත් වෙනස් විය. දැන් පවතින ධජයේ ස්වරුපය 1934 දී විධිමත් ලෙස ගැසට් කිරීම , සහ 1954 දී 1953 වන ධජ පනත අනුව “ඔස්ට්‍රේලියාවේ ජාතික ධජය ” ලෙස නිතයානුකූලව හදුනා ගැනීම සහ නියම කිරීම සිදු විය.

මීට අමතරව, ඕස්ට්‍රේලියාව, එහි ජනතාව සහ ආණ්ඩුවේ ප්‍රධාන ක්‍රියාකාරකම් නියෝජනය කරන වෙනත් නිල ධජයන්ද ඇත.

ලාංඡන[සංස්කරණය]

ඕස්ට්‍රේලියානු ධජය ප්‍රධාන සංකේත තුනක් භාවිතා කරයි: ඒකාද්ධතා ධජය, සමුහාණ්ඩුවේ තාරකාව සහ කුරුසයක ස්වරුපයේ තාරකා පහකින් සැදුම්ලත් තාරකා මණ්ඩලය.
එක්සත් රාජධනියේ බ්‍රිතාන‍‍‍‍ය සහ අයර්ලන්තයේ ධජය ලෙස එක්සත් රාජධනියේ නියෝජියත රටවල් නිරූපනය කරමින් එම ඒකාද්ධතා ධජයම වංශාවලීන් තුනක් සම්බන්ධ කරමින් සකස් කර ඇත (1801 දී කල සංස්ථාපනයට අනුව).
• එංගලන්තයේ සාන්ත ජෝර්ජ්ගේ රතු පැහැති කුරුසය
• ස්කොට්ලන්තයේ සාන්ත ඇන්ඩ්රුගේ විකර්ණ කුරුසය
• අයර්ලන්තයේ සාන්ත පැට්රික්ගේ විකර්ණ කුරුසය

ඒකාබද්ධතා ධජයෙන් නිරූපිත අදහස වූයේ දේශීය වශයෙන් ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය බ්‍රිතාන‍‍‍‍‍ය ජනාවාස හයක් ලෙස ඕස්ට්‍රේලියානු සමුහාණ්ඩුවේ මූලධර්ම මත පදනම්ව සංකේතවත් කිරීමයි, එනමුත් බොහෝ ඉතිහාසගත දර්ශනයන් එහි නිර්මාණයේ අන්තර්ගතය දකිනුයේ බ්‍රිතාන්‍ය අධිරාජ‍‍‍යයේ පක්ෂපාතීත්වය පෙන්නුම් කිරීමක් ලෙසය.
පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාවේ මූල් කාලයේ තිබී ඇත්තේ ඒකාබද්ධ වූ ජනාවාස හය නිරූණය කිරීමට පැති හයක් පමණි. කෙසේ නමුත් එය වෙනස්කරමින් 1908දී පැපුවාහි භූමිප්‍රදේශය සහ අනාගත භූමිප්‍රදේශයන් සංකේතවත් කරමින් සත් වන අග්‍රය එකතු විය.අනෙක් තාර්කික වෙනස් වීම වූයේ change was to match the star used on the Coat of Arms, which was created in the same year.මෙම තරුව සමුහාණ්ඩුවේ තාරකාව ලෙසද හැදින්වේ.පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාව, එය පිහිටි ස්ථානය සහ දීප්තිය හැර නිළ වශයෙන් බීටා තාරකා මණ්ඩලයට කිසිදු සම්බන්ධයක් නොදක්වයි; කෙසේ නමුත් දකුණු ඕස්ට්‍රේලියා ධජයේ 1870දී සිදු වූ සංස්කරණයේදී ඇල්ෆා සහ බීටා තාරකා මණ්ඩලයේ තාරකා අග්‍රයන් විය.


දකුණු කුරුසය යනු දකුණු අර්ධගෝලයේ විශේෂ තාරකා මණ්ඩල වලින් එක් දෘශය තාරකා මණ්ඩල වලින් එකක් සහ බ්‍රිතාන‍‍‍‍‍‍ය ගිවිසුමේ මුල් අවධියේ සිට ඕස්ට්‍රේලියාව නිරූපණය කිරීමට යොදාගෙන ඇත.ධජයේ එක් නිර්මාණකරුවෙක් වන අයිවර් ඉවාන්ස් දකුණු කුරුසය මගින් අදහස් කර ඇත්තේ ඩේන්ටිගේ සදාචාරාත්මක ගුණාංගයන් සතර ප්‍රධාන තාරකා සතරට ආරෝපණය කිරීමයි: යුක්තිය, ප්‍රඥාව, මත් පැනින් වෙන් වීම සහ ධෛර්යය. වත්මන් ඕස්ට්‍රේලියා ධජයේ, දකුණු කුරුසයේ ඇති තාරකා වල අග්‍රයන් ගණන, තරඟ ජයග්‍රහනය කල මුල් නිර්මාණයෙන් වෙනස් වන්නේ ඒවායේ අග්‍රයන් හැම එකක්ම පහත් නවයත් අතර පරාසයක පිහිටීමත්, රාත්‍රී අහසේ දිස් වන සාපේක්ෂ දීප්තියත් මතය.
නිර්මාණය කිරීම සරල කිරීම සඳහා බ්‍රිතාන‍‍‍‍‍ය නෞකා බලස්ථානය පිටත පිහිටි සෑම විශාල තාරකාවන් හතරෙහිම අග්‍රයන් හතක්ද, මැද පිහිටි කුඩා තාරකාවේ අග්‍රයන් පහක් තිබීමටද හැර සම්මතගත කර ඇත. මෙම වෙනස 1903 පෙබරවාරි 23 වන දින නිල වශයෙන් ගැසට් කරන ලදී. දැනට පවතින සම්පූර්ණ නිර්මාණයේ නියමාවලිය 1934දී පොදු රාජ්‍ය මණ්ඩලයේ ගැසට් කර ප්‍රකාශයට පත් කර ඇත.

නිර්මාණය කිරීම[සංස්කරණය]

Construction sheet for the Flag of Australia. The length of the Flag is twice the width.

Under the Flags Act, the Australian National Flag must meet the following specifications:[1]

  1. the Union Flag occupying the upper quarter next the staff;[2]
  2. a large seven-pointed white star (six representing the six states of Australia and one representing the territories) in the centre of the lower quarter next the pye and pointing direct to the centre of St George's Cross in the Union Flag;[2]
  3. 5 white stars (representing the Southern Cross) in the half of the flag further from the staff.[2]

ධජ පනත යටතේ, ඔස්ට්‍රේලියාවේ ජාතික ධජය පහත සඳහන් නියමාවලීන් අනුගමනය කළ යුතුයි;

a.the Union Flag occupying the upper quarter next the staff ඒකාබද්ධ ධජය; 
b. අග්‍ර හතක් ඇති සුදු පැහැති විශාල තාරකාවක් (හයක් මගින් ඔස්ට්‍රේලියාවේ රාජ්‍යන් හය සහ අනෙක මගින් භූමි ප්‍රදේශයද නිරූපනය කරයි) පහත හතරෙන් එකෙහි මධ්‍යයේ pye එකට පසුව සහ එක්සත් ධජයේ සාන්ත ජෝර්ජ්ගේ කුරුසයේ මධ්‍යට කෙලින්ම ස්ථානගත කර ඇත.;[15]
c.ධජයේ අර්ධයක සුදු පැහැති තාරකා 5 [15]

තාරකාවල පිහිටීම පහත පරිදි වේ:[15]
•පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාව - ඔසොව්ව මධ්‍යයේ ඇති අග්‍රයන් 7ක් ඇති තාරකාව. [15]
• ඇල්ෆා තාරකාව - පහළ කෙළවරේ සිට 1/6 ඉහලටද, කෙලින්ම මැද සිට පහලට පිහිටි තැනඇති අග්‍ර 7ක් ඇති තාරකාව. [15]
•බීටා තාරකාව - 1/4ක් වම් පැත්තට වූ සහ 1/16ක් මැද සිට ඉහලට පිහිටි තැන ඇති අග්‍රයන් 7ක් ඇති තාරකාව.[15]
• ගැමා තාරකාව - කෙලින්ම මැද සිට ඉහල සහ 1/6ක් ඉහල කෙළවරේ දක්වා පිහිටි තැන ඇති අග්‍රයන් 7ක් ඇති තාරකාව.[15]
•ඩෙල්ටා තාරකාව - 2/9ක් දකුණු පසට වෙන්නට සහ මැද සිට ඉහළට 31/240ක් ඇති ස්ථානයේ පිහිටා ඇති අග්‍රයන් 7ක් ඇති තාරකාව.[15]
• එප්සිලන් තාරකාව - 1/10ක් දකුණු පසට වෙන්නට සහ මැද සිට පහළට 1/24ක් ඇති ස්ථානයේ පිහිටා ඇති අග්‍රයන් 5ක් ඇති තාරකාව.[15]

සමුහාණ්ඩුවේ තාරකාවේ බාහිර විශ්කම්භය ,ධජයේ පළල මෙන් 3/10ක් වන අතරතුර 1/12ක භාගයක් සහිත එප්සිලන් හැර දකුණු කුරුසයේ ඇති තාරකා ධජයේ පළල මෙන් 1/7කි. හැම තාරකාවකගේම අතුළත විශ්කම්භය, පිටත විශ්කම්භයෙන් 4/9කි. ධජයේ පළල යනු ධජයේ ඔසොව්වේ මායිමයි (ඉහළ සිට පහළට ඇති දුර).

වර්ණයන්[සංස්කරණය]

කෙසේ නමුත්, ධජ පනත මගින් ධජයේ ඇති වර්ණයන් පිළිබඳ සඳහන් කර නැත, අග්‍රාමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල දෙපාර්තමේන්තුවේ තීන්දු සහ සංස්කෘතික අංශය විසින් පැන්ටෝන් වර්ණ නියමාවලිය සඳහන් කර ඇත.

යෙදුම නිල් රතු සුදු මූලාශ්‍රය/මූලාශ්‍ර
Pantone 280 C 185 C ආරක්ෂා කාරියි [3][4]
RGB
(Hex)
0–43–127
(#002B7F)
232–17–45
(#E8112D)
255–255–255
(#FFFFFF)
[5]
CMYK 100%–80%–0%–0% 0%–100%–100%–0% 0%–0%–0%–0% [5]

මඟ පෙන්වීමේ නීති[සංස්කරණය]

ධජය ලෙලවීමට අදාල මඟ පෙන්වීමේ නීති ඇත්තේ 1953 ධජ පනතේ සහ ඕස්ට්‍රේලියා රජය විසින් කලාතුරකින් ප්‍රකාශයට පත් කරන "ඕස්ට්‍රේලියාවේ ජාතික ධජය" කුඩා පොතෙහිය. ඕස්ට්‍රේලියාවේ ජාතික ධජය වසරේ ඕනෑම දිනයක ලෙලවීමට හැකියවක් ඇති බව මෙම මඟ පෙන්වීමේ නීතිවල සඳහන් කර ඇති අතර "ජාතියේ වඩාත් වැදගත් සංකේතය වන බැවින් එයට අවශ්‍ය උපහාරය සහ ගෞරවය දැක්විය යුතුයි"

  1. Flags Act 1953. Austlii.edu.au. Retrieved on 2011-05-27.
  2. 2.0 2.1 2.2 Australian Flags, p. 1.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; nsb නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. "Australian National Flag". It's an Honour!. Government of Australia. 21 November 2012. සම්ප්‍රවේශය 11 February 2013.
  5. 5.0 5.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; stylemanual නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ඔස්ට්‍රේලියාවේ_කොඩිය&oldid=357786" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි