ඔර්සන් වා සුළිය

විකිපීඩියා වෙතින්
රළු නිවර්ත්න කලාපීය වා සුළිය
Severe Tropical Cyclone Orson
උපරිම තීව්‍රතා මට්ටමේදී සමීප ඡන්දිකා ඡායාරූපය
උපරිම තීව්‍රතා මට්ටමේදී සමීප ඡන්දිකා ඡායාරූපය
ඇතිවීම :1989 අප්‍රේල් 17
පහවයාම :1989 අප්‍රේල් 24
උපරිම සුළග :මිනිත්තු 10 ධාරිතාව : පැයට කි.මී. 250 ( පැයට සැතපුම් 155 ) මිනිත්තු 1 ධාරිතාව : පැයට කි.මී. 260 ( පැයට සැතපුම් 160 )
අඩුම පීඩනය :අධි පිඩන පැයට පැස්කල් 904;26.7 (ඕස්ට්‍රේලියානු ප්‍රදේශයේ 4 වෙනියට අඩුම පීඩනය )
අලාභය :$ මිලියන 1.8 (1989 ඇමරිකානු ඩොලර්)
හානිවූ ප්‍රදේශය :බටහිර ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියානු කලාපයෙන් වර්ථා වූ 4 වන ප්‍රබලතම වා සුළිය වනුයේ රළු නිවර්තන ඕර්සන් වා සුළිය යයි.[1]1989 අප්‍රේල් 17 නිවර්තන කලාපයේ ඇතිවූ ඕර්සන් ක්‍රමයෙන් වර්ධනය වී බටහිර දෙසට ගමන් කරන ලදී.අප්‍රේල් 20 තීව්‍රතාවයේ 5 වන ප්‍රභේදය ලබා ගන්නා ලදී.දකුණු දෙසට නැඹුරුව කුණා‍ටුවක් අතිවූ අතර එය තවතවත් වර්ධනය විය.පසු දින වා සුළිය එහි උපරිම තීව්‍රතාවයට වත්වූ අතර සුළගේ වේගය පැයට කි.මී. 250 ක් පමණ වූ අතර (පැයට සැතපුම් 155 10 - මිනිත්තු ධාරිතාව) වායුගෝලීය පීඩනය අධි පීඩන 904 පමණ විය.ඕර්සන් ඩැම්පය අසලින් ගොඩ බිමට සේන්දු වීමට ප්‍රථම එහි තීව්‍රතාවය දින දෙකක් පමණ රදවා සිටි අතර ගොඩ බිමට ලගා වීමෙන් පසු වා සුළිය සීග්‍ර ලෙස දුර්වල වූ අතර ඊසාන දිගට වර්ධනය විය.අප්‍රේල් 24 [ඕස්ට්‍රේලියාව]ට ලගාවීමෙන් පසුව කුණා‍ටුව පහව යන ලදී.

ඕර්සන් මගින් ඇතිවූ හානිය අඩුවූයේ, එහි බලපෑමට ලක්වූයේ ජනග්‍රහණයෙන් අඩු ප්‍රදේශයක් වූ බටහිර ඕස්ට්‍රේලියාවයි.වෙරළාසන්නයේ සිටි මිනිසුන් 5 දෙනෙක් මියගිය අතර හානිය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක් පමණ (ඇමරිකානු $ මිලියන 16.8 ක් පමණ) විය. තෙල් ආකර පිළිබද ගවේශණය කරන වායු බලාගාරයක් කුණා‍ටුවෙන් විනාශ වූ අතර තෙල් බැරල් ආසන්න වශයෙන් මිලියන 200 ක් පමණ අඩංගු වුයේ යැයි විශ්වාස කරයි.( 30,000,000 ඝන මීටර) මෙම හානිය එම ව්‍යාපෘතිය සති දෙකකින් පමණ ප්‍රමාද කිරීමට සමත් විය.පානාවොනිකා ප්‍රදේශයට දැඩි බලපෑම් අතිවූ අතර නිවාස 70 ක් පමණ විනශ විය.හානියට පසුව පිරිසිදු කිරීම් සදහා ගිය මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5 ක් (ඇමරිකානු $ මිලියන 4.1 ක් ) පමණ විය.කුණා‍ටුවේ දැඩි බව නිසා "ඕර්සන්" යන නම ලැබුණි.

කාලගුණ විද්‍යාත්මක විත්ති[සංස්කරණය]

A map of a path across the eastern Indian Ocean near Australia. Most of the country can be seen in the right side of the image. Some of the Indonesian islands are visible at the top.
කැළඹුම් ප්‍රදේශය

ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යාත්මක අංශයේ පාලනය යටතේ ඇති පහල නිවර්තන කලාපයේ මෙම ඕර්සන් වාසුලිය 1989 අප්‍රේල් 17 හට ගන්නා ලදී.මෙම ප්‍රදේශය ඕස්ට්‍රේලියාවේ ඩාවින් ප්‍රදේශය වේ.එය බටහිර දිශාවෙන් ඇතිවී නිවර්ත්න කලාපීය වා සුළියක් බවට වර්ධනය විය.මේ අවස්ථාවේ එයට "ඕර්සන්" යන නම ලැබුණි.[2]සමූහ ටයිපුන් අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානයද මෙම සුළි සුළග 28 S නිවර්තන කලාපීය කුණා‍ටුවක් බව නිරීක්ෂණය කරන ලදී.[3]කුණා‍ටුවේ වර්ධනය සාමාන්‍යයෙන් අඩු මට්ටමක පැවති අතර අප්‍රේල් 19 වන දින ඕර්සන් ඕස්ට්‍රේලියානු නිවර්තන වා සුළිය තිව්‍රරතා මට්ටමේ 3 වන ප්‍රභේදය ලබා ගන්නා ලදී.ඉන් ඕර්සන් ප්‍රබල නිවර්තන වා සුළියක් යටතේ වර්ග කරණ ලදී.[1]පසු දින කුණා‍ටුව ප්‍රභේදතා මට්ටමේ 4 වන ස්ථානය දක්වා වර්ධනය විය.අප්‍රේල් 20 වන[2] දින ඕර්සන් නිරිත දිග දිශාවට ගමන් කරන ලදී.කැලඹීමේ තිව්‍රරතාව ප්‍රභේදතා මට්ටමේ 5 දක්වා වැඩිවූ අතර සුළග පැයට කි.මී. 210 (පැයට සැත්පුම් 130 මිනිත්තු 10 ක ධාරිතාව ) විය.[1]

A mature cyclone over the eastern Indian Ocean near Australia. The storm is matured with a large area of deep thunderstorms and a well-defined eye. Western Australia can be seen in the bottom right of the image and some of the Indonesian islands can be seen at the top.
ඕර්සන් වා සුළිය අප්‍රේල් 21 තිව්‍රරතාව

සමූහ ටයිපුන් අනතුරු අගවීමේ මධ්‍යස්ථානයද මෙම අවස්ථාවේදීම මෙහි සුවිශේෂී ප්‍රබලතාවය වාර්ථා කරන ලදී.ඔවුන්ගේ තක්සේරු කිරීම් අනුව ඕර්සන් වල තීව්‍රරතාවය සැෆරි-සැම්ප්සන් චන්ඩමාරුත ප්‍රමාණයේ 5 වන ප්‍රභෙදයේ චන්ඩමාරුතයක් බවට අප්‍රේල් 22 වන දින පත් විය.සුළගේ වේගය පැයට කි.මී. 260 ක් පමණ (පැයට සැතපුම් 160 ) විය.[3]මේ කාලයේදී කැළඹීම උතුරු "‍රැන්කින්" බලාගාරය හරහා ගමන් කරන ලදී.මෙම බලාගාරය කි.මී. 40 (සැතපුම් 25) පළල වන අතර, ඕර්සන් දළ වශයෙන් මිනිත්තු 40 කදී ඒ හරහා ගමන් කරන ලදී.කාළගුණික මධ්‍යස්ථානය, [4]වායුගෝලීය පීඩනය අධි පීඩන 904 ක් ලෙස සහ සුළගේ වේගය පැයට කි.මී. 250 ක් (පැයට සැතපුම් 155 ) ලෙස, මධ්‍යස්ථානය විනාශ වීමට ප්‍රථම වාර්ථාකරන ලදී.වාර්ථා කිරීම ආරම්භ කල දින සිට ඕස්ට්‍රේලියානු ප්‍රදේශයේ වාර්ථා වූ අවම පීඩනය මෙය විය.[4]එය පසුව ,1999 දී ඇති වූ ග්ලෙන්ඩා නිවර්තන වා සුළියෙන්,වායුගෝලීය පීඩනය අධි පීඩන 900 වාර්ථා කරමින් ඉක්මවා යන ලදී.[5]මේ කාලයේ ඕර්සන් වා සුළිය දල වශයෙන් කි.මී.55 (සැතපුම් 345 ) ක විශ්කම්භයකින් යුක්ත විය.[6]

ක්‍රමයෙන් වර්ධනය වෙමින් දකුණු දෙසට ගමන් කිරීමෙන් පසුව අප්‍රේල් 23 අලුයම 4.45 ට පමණ පැයට කි.මී 220 ක (පැයට සැතපුම් 140 ) වේගයෙන් ඩැම්පයර් අසලදී ගොඩබිමට සේන්දු විය. [4]සමූහ ටයිපුන් අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය ඕර්සන් දුර්වලවූ බව වාර්ථා කරන ලදී.ගොඩබිමට සේන්දු වූ ස්ථානයේ සුළගේ වේගය පැයට කි.මී 230 ක (පැයට සැතපුම් 145 ) පමණ විය.[1]දුර්වල වූ කුණා‍ටුව පැයට කි.මී 28 ක (පැයට සැතපුම් 17 ) වේගයෙන් "පැනවොනිකෝ" ව පහු කර යන ලදී.ගොඩ බිමට සේන්දු වීමෙන් පැය 12 කට පසුව කුණා‍ටුව ප්‍රභේදතා මට්ටමේ 3 න් පහල දක්වා දුර්වල විය.[1][7] [4]ඉන් පසුව සමූහ ටයිපුන් අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය තවදුරටත් නිරීක්ෂණය නිකල අතර[7] අප්‍රේල් 24 පෙ.ව. 5.00 ට පමණ පහල නිවර්තන කලාපයට දුර්වල වූ ඕර්සන් ඕස්ට්‍රේලියාවේ නිරිත දිග ප්‍රදේශය හරහා ගමන් කරන ලදී.[1]වර්ධනය ආසන්න වශයෙන් පැයට කි.මී 50 ක (පැයට සැතපුම් 31 ) පමණ විය.අප්‍රේල් 24 ඕස්ට්‍රේලියානු වරායෙන්, කුණා‍ටුවෙන් ඉතිරි වූ අවශේෂ ගමන් කරන ලදී.[2]ඉන් ටික වේලාවකට පසුව කුණා‍ටුව පහව යන ලදී.[4]

සූදානම් වීම සහ ඇති වූ බලපෑම[සංස්කරණය]

ස්ථානය වා සුළිය සමය අඩුම පීඩනය
අධි පීඩන
1 ජිවෙන්ඩා 1999 900
ඉන්ගො 2003 900
3 ජිඕජ් 2007 902
4 ඕර්සන් 1989 904
5 තියැඩෝර් 1994 910
වැනසි 1999 910
ෆයි 2004 910
ග්ලෙන්ඩා 2006 910
මූලාශ්‍රය:ඕස්ට්‍රේලියානු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


ඕර්සන් වා සුළිය බටහිර ඕස්ට්‍රේලියාවේ අතිවීමත් සමග කුණා‍ටුවට සූදානම් වන ලෙස ප්‍රදේශ වාසීන්ට දැනුම් දෙන ලදී.ජනතාව පිරිසිදු කිරීමට සූදානම්ව සිටි අතර ඔවුන් එළිමහනේ පිහිටි භාණ්ඩ වල ආරක්ෂාව සැලසූ අතර ඔවුන්ගේ ආපදා කට්ටල සූදානම් කොට තබා ගන්නා ලදී.වෙරළ තීරයේ දී ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.5 ක් පමණ වූ වායු බලාගාරයේ සිටි 200 ක් පමණ ජනතාව කුණා‍ටුව නිසා එම ස්ථානය හැරයන ලදී. [8]අඩු ජනග්‍රහනයක් සහිත ප්‍රදේශයෙන් ඕර්සන් වා සුළිය ගොඩ බිමට සේන්දුවීමත් සමග එහි ප්‍රබල බවට වඩා ඉන් ඇතිවූ බලපෑම අඩු විය.[2]ධීවරයින් 20 ක් පමණ අතුරුදහන් වූ බව වාර්ථා විය.[9]

ඕස්ට්‍රේලියානු කලාපයේ වා සුළි

අප්‍රේල් මස 23 වන දින අහස් යානා 3 ක් සමග දිවි බේරාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර ආසන්න වශයෙන් ධීවරයන් 20 ක් පමණ ගලවා ගන්නා ලදී.නමුත් එක් පුද්ගලයෙකු තවමත් අතුරුදහන්ව පවතී.[9]මහත් ලෙස කැලබුණ මුහුද ඉන්දුනීසියානු ධීවරයින් 4 දෙනෙකු මරණයට පත් කල අතර ඔවුන්ගේ නැව් කැලබීමේ ප්‍රතිඵලයක් ලෙස මීටර් 20 (අඩි 69) ගැඹුරට ගිලා බසින ලදී.[2]උතුරු ‍රැන්කින් ගෑස් බලාගාරයත් සුළු හානි වාර්ථා කල අතර සුළගේ වේගය පැයට කි.මී. 270 ක් (පැයට සැතපුම් 165 ක් ) වූ අතර ජල තරංග මීටර 21 (අඩි 69) පමණ විය.[10]විශාල ලෙස නැගුන රළ මිලියන 200 (ඝන මීටර 32,000,000) පමණ තෙල් බැරල් සහිත තෙල් නිධි සෙවීම ප්‍රමාද කරන ලදී.[11]ජල තරංග විදුම් යන්ත්‍රය පැවති ස්ථානය වෙනස් කල අතර එය නැවත නිවැරදි ස්ථානයේ ස්ථාපිත කිරීමට දින කීපයක් ගතවන ලදී.සිදුවූ විනාශය තක්සේරු කල පසු හමුවූයේ,බලාගාරයේ සිට ආසන්න වශයෙන් කි.මී. 2 ක් (සැතපුම් 1.2) විදීමට ප්‍රථම විදුම් යන්ත්‍රය කඩාගෙන ගිය අතර නැංගුරමේ දම්වැල් දෙකද කැඩුණු බවයි.[12]විදුම් යන්ත්‍රය නැවත පිහි‍ටුවීම සහ පවිත්‍ර කිරීම් නිසා ව්‍යාපෘතිය දින 2 කින් පමණ ප්‍රමාද විය.[13]ඕර්සන් වා සුළියෙන් ඇතිවූ හානිය නිසා බලාගාරයේ සම්පූර්ණ වියදම ආසන්න වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20 ක් (ඇමරිකාණු ඩොලර් මිලියන 16.8 ක්) පමණ විය.[14]

වෙරළට සේන්දු වීමෙන් පසුව ඕර්සන් මීටර් 3.1 (අඩි 10 ක් ) පමණ උසට[4] ‍රැල්ල නැගුනු අතර මීටර 1.6 (අඩි 5.2) ට පමණ බාදිය ඇතිවිය.[2]වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වල දැඩි ඛාදනයක් වාර්ථා විය. ආසන්න වශයෙන් මීටර් 20 ක් පමණ උස කදු විනශ විය.[2][15]ඩැම්පියර් වල සුළං පහර පැයට කි.මී. 183 (පැයට සැත්පුම් 114) පමණ විය. ඕර්සන් ගොඩබිමට සේන්දු වූ ප්‍රදේශයේ මධ්‍යස්ථානයක සුළගේ වේගය පැයට කි.මී. 211 (පැයට සැත්පුම් 131) ලෙස සටහන් විය.[4]වරායෙන් දන්වා සිටි ලෙස නැව් කීපයක්ම ගැටගසා තිබූ ස්ථානයෙන් ගැලවී වෙරලට ගසාගෙන විත් ඇත.[15]"කරාත" වල, ආසන්න ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් 900,000 (ඇමරිකානු ඩොලර් 760,000) පමණ[8] වන දේශීය කාලගුණ රේඩාර් කිරණ විනාශවී තිබුණි.ආසන්නයේ පිහිටි ගුවන් තො‍ටුපලටද අලාභ ඇති විය.[15]සැම්සන් තුඩුවෙ ජැටිය විශාල ලෙස විනාශ විය.[16]

කැණීම් නගරයක් වන "පැනනාවොනිකා" වල විශාල ලෙස අලාභහානි ඇතිවූ අතර නිවාස 70 ක් පමණ කුණා‍ටුවෙන් විනාශ විය.බොහෝ ශාක සහ විදුලි ‍රැහැන් කුණා‍ටුව ගිය මග ඔස්සේ බිම පතිත විය. තවත් එක් මිනිසෙක් කුඩා යාත්‍රව සමග විනාශ කරමින් කුණා‍ටුව පහව යන ලදී.පසුව මිනිසා දිය සුළියේ ගිලුන බව වාර්ථා විය.[15]කුණා‍ටුව අතර තුර මිනිසුන් 20 ක් පමණ තුවාල ලැබ ඇති අතර 60 කට පමණ නිවාස නැතිවී 1000 ක් පමණ එයට මුහුණදී ඇත.[17][18]මුළු අලාභහානිය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 16.8 ක් ) සහ පිළිසකර කිරීම් සදහා ගිය වියදම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 4.1 ක් ) පමණ විය.[2][19]කුණා‍ටුවේ ප්‍රබලතාවය අනුව "ඕර්සන්" යන නම ලැබුණි.[20]

මේවාත් බලන්න[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 "Australian Region Tropical Cyclone Best Tracks". Bureau of Meteorology. 2008. සම්ප්‍රවේශය 6 August 2009.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 Hanstrum, B.; Foley, G (1992). Report on Tropical Cyclone Orson (PDF) (Report). Australian Bureau of Meteorology. 20 March 2012 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 April 2012. {{cite report}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. 3.0 3.1 Joint Typhoon Warning Center, Naval Western Oceanography Center (1990). 1989 Annual Tropical Cyclone Report (PDF) (Report). United States Navy, United States Air force. 6 June 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 August 2009.
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 Drosdowsky L.; Woodcock F. (March 1991). "The South Pacific and southeast Indian Ocean tropical cyclone season 1988-89" (PDF). Australian Bureau of Meteorology. සම්ප්‍රවේශය 6 August 2009.
  5. Perth Tropical Cyclone Warning Centre (29 April 2009). Severe Tropical Cyclone Gwenda (PDF) (Report). Australian Bureau of Meteorology. සම්ප්‍රවේශය 12 April 2012.
  6. Zhang, Q.P.; Lai, L.L.; Sun, W.C. (2006). "Location of Tropical Cyclone Center with Intelligent Image Processing Technique". Springer Berlin/Heidelberg: 898–907. සම්ප්‍රවේශය 7 August 2009. {{cite journal}}: Cite journal requires |journal= (help)[permanent dead link]
  7. 7.0 7.1 "Tropical Cyclone 28S (Orson) Best Track". Joint Typhoon Warning Center, Naval Western Oceanography Center. United States Navy, United States Airforce. 2002. සම්ප්‍රවේශය 6 August 2009.
  8. 8.0 8.1 "West Stays On Alert As Cyclone Tracks Inland". Courier-Mail. 24 April 1989. (Accessed via Lexis-Nexis)
  9. 9.0 9.1 "Search and Rescue Finds 20 Fishermen". Sunday Tasmanian. 23 April 1989.
  10. Fahey, Martin (2005). "North Rankin 'A' Platform, North West Shelf". The University of Western Australia. සම්ප්‍රවේශය 6 August 2009.
  11. Christopher C. Burt and Mark Stroud Extreme Weather p. 219
  12. "Cyclone Delays News of 'Major Oil Find'". Sydney Morning Herald. 25 April 1989. p. 23.
  13. Luker, Paul (9 May 1989). "Woodside faces further delay in WA oil tests". The Age. සම්ප්‍රවේශය 7 August 2009. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  14. Hextall, Bruce (16 May 1989). "First Shelf gas shipment to Japan likely in July". The Sydney Morning Herald. සම්ප්‍රවේශය 7 August 2009. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  15. 15.0 15.1 15.2 15.3 "Cyclone Orson Was Nation's Strongest Ever". Holbart Mercury. 25 April 1989. (Accessed via Lexis-Nexis)
  16. "Point Samson". Karratha and Districts Tourist Information Centre. 2009. සම්ප්‍රවේශය 13 December 2011. (Accessed via Lexis-Nexis)
  17. "North-western coast, WA: Cyclone". Australian Emergency Management Agency. 13 September 2006. සම්ප්‍රවේශය 13 December 2011.
  18. "Cyclone Death". Sydney Morning Herald. 23 April 1989. (Accessed via Lexis-Nexis)
  19. "Cyclone Orson's bill may top $20M". Courier-Mail. 25 April 1989. (Accessed via Lexis-Nexis)
  20. RA V Tropical Cyclone Committee (2008). "Tropical Cyclone Operational Plan for the South Pacific and South-East Indian Ocean" (PDF). World Meteorological Organization. සම්ප්‍රවේශය 6 August 2009.

බාහුර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඔර්සන්_වා_සුළිය&oldid=591588" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි