Jump to content

ඓතිහාසික සිළුමිණි සෑය සේනාසනය

විකිපීඩියා වෙතින්

පොලොන්නරුව නගරයේ අරලගන්විල ප්‍රදේශයේ පිඹුරත්තෑව ග්‍රාමයේ රමණීය පරිසරයක පිහිටා ඇති සුන්දර සිළුමිණ සෑය ලක්දිව විශාලතම ඡත්‍ර ගල සහිත පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථානයක් .

ආකෘතිය

[සංස්කරණය]

නූතන ස්තූපයක අංගවල ගර්භයට ඉහළින් සතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල සහ කොත දක්නට ඇති වුවත් ඓතිහාසික සිළුමිණි සෑය චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ එවැනි අංග අපට දැකගත හැකි නොවේ. ඒ වෙනුවට ගර්භයට ඉහළින් යෂ්ඨිය නමින් ගල් කණුවක් ද ඊට ඉහළින් ඡත්‍රය නැමති ගල්තැටියක් ද පිහිටි තිබෙන්නට ඇත. එම  ඡත්‍ර ගල්  සහ යෂ්ඨි ගල් කණු චෛත්‍ය අසල අපට අදටද දැක බලා ගත හැකිය.

සිරිපතුල් ගල්

[සංස්කරණය]

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර හාරසියයක් පමණ යන තෙක්  බුදු පිළිම ඉදිනොවූ අතර පළමු බුද්ධ රූපය කණිෂ්ක රාජ සමයේ කාසිවලින් හමුවේ. කෙලෙස් සහිත මිනිස්සුන් කෙලෙස් රහිත භාග්‍යවතුන් වහන්සේ ඇදීමට හෝ මූර්තිමත් කිරීමට බිය වූ බැවින් භාග්‍යවතුන් වහන්සේ වෙනුවට බෝධියට , සිරිපතුල, පාරිභෝගික වස්තූන් වන්දනාවට පාත්‍ර කර තිබේ.

ඓතිහාසික සිළුමිණි සෑය

ඒ අනුව මෙහි දක්නට ඇත්තේ ද බුදු පිළිම ඉදිවීමට ප්‍රථම කළු ගලෙහි නිර්මාණය කර ඇති භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සටහන් වේ.

නටබුන්

[සංස්කරණය]

මෙහි ඉතා පැරණි විවිධ ගල් කණු, මල් ආසන, කොරවක්, ගල් පියගැට පෙළවල් ආදී බොහෝ දෑ ද දැකගත හැකිය.

ඉතිහාසය

[සංස්කරණය]

ජනප්‍රවාද වලට අනුව අනුරාධපුර යුගයේ පහළ වූ වීර වික්‍රම නරේන්ද්‍ර ගැමුණු අභය රජු හෙවත් දුටුගැමුණු රජතුමා දිගාමඩුල්ලේ සිට අනුරාධපුර විජිතපුර සටන බලා යන අතරතුර මෙම ස්ථානයේදී  ගිමන් හැර තිබේ. ගිමන් හැර රජු නැගිටින අවස්ථාවේදී රජුගේ සළුව සමග ගෙල බැඳි වස්ත්‍රාභරණ කඩා වැටී ඇති අතර එකල සිටි රහතන් වහන්සේලාගේ අදහස් මත පසුව රජතුමා මෙම ස්ථානයේ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් ස්තූපයක් සකස්කර තිබේ. එලෙස ඉදිකළ ස්තූපය සළුමිණි සෑය බවත්, පසුව සිළුමිණ සෑය වූ බවත් ජනප්‍රවාද තුළ පවතී. හත් වන අග්බෝ රජතුමා මෙම ස්ථානයට පැමිණ ගරාවැටුණු චෛත්‍ය දැක නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ බව පුරාවිද්‍යාව තහවුරු කර ඇත.


බාහිර සබැඳි

[සංස්කරණය]
  1. https://sites.google.com/view/nodutudahama/home