ඓතිහාසික මිගමුව

විකිපීඩියා වෙතින්

ඓතිහාසික සිද්ධීන්ගෙන් බහුල වූ වාර්තාගත සුප්‍රකට මහා නගරයක් වූ මිගමුව කොළඹට 30km ඈතින් උතුරු දෙසෙහි පිහිටි දර්ශනීය සමුද්‍ර තීරයකින්ද, රමණිය කලපුවකින් ද යුත් අලංකාර ජනපදයකි. මෙම නගරය උත්තරාංශක හතත් නැගෙනහිර දේශාංශ අසූවත් අතර කලාපය තුළ පිහිටා ඇත. මීගමුව මහනගරසභා බලප්‍රදේශය


  • උතුරින් - මහඔය දිගේ බටපත්ඇල දක්වාත්,
  • නැගෙනහිරින් - බටපත්ඇල, ෆාතිමා පාර, හලාවත - කොළඹ පාර, වැලිහේන පාර, මිගමුව - ගිරිඋල්ලපාර, මහහුණුපිටිය,
  • දකුණින් - දියහොඳ ඇල හා මීගමුව කලපුව දක්වාත්,
  • බටහිරින් - මහමහුද හා කලපුව දක්වාත්,

පැතිර ඇත. තුන්ලක්ෂයක පමණ ජනගහණයකින් යුතු ලංකාවේ සුප්‍රකට ධිවර නගරයක් ලෙසද මීගමුව සුවිශේෂ වේ.


භූගෝලීය හා දේශගුණික පිහිටීම[සංස්කරණය]

වර්ෂාපතනය[සංස්කරණය]

මීගමුව අයත්වන්නේ මුහුදුබඩ තැනිතලා කොටසටය. අවුරුද්දේ වැඩිම වර්ෂාපතනයක් ලබන පහතරට තෙත් කලාපයට අයත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත. එසේම මෙම ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්වය 25-ක‍ 30ක‍ අතරද, වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2000- 2500ත් අතර ද වේ. මුහුදුබඩ ප්‍රදේශයක් වන මෙහි වාතයේ සාමාන්‍ය සාපේක්ෂ අර්දතාවය 74 ක් ලෙස වාර්තාවන අතර බලපවත්වන්නේ උෂ්ණ-තෙත් දේශගුණයකිනි. මෙම ප්‍රදේශයට වාර්ෂික වර්ෂාපතනය

  • මැයි සිට අගෝස්තු දක්වා - නිරිත දිග මෝසම් සුළං මගින්ද,
  • සැප්තැම්බර් සිට ඔක්තෝම්බර් දක්වා - අසෙනි වැසි මගින්ද,
  • ඔක්තොම්බර් සිට නොවැම්බර් දක්වා - වාසුළි මගින්ද ලැබේ.

භූමිය හා පස[සංස්කරණය]

මීගමුව වර්ගකිලෝමීටර 30.8 කින් යුතු තැනිතලා බිමකි. එය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමට වඩා පහළින් වීම විශේෂත්වයකි. එහි සරු ලොම්පස හා වැලිමැටි සහිත පස බහුලය. මෙම පස සෑදී ඇති භූකාලය වශයෙන් චාතූර්තක යුගයේ හොලොසීන අවධිය දැක්විය හැකිය. එසේම මීට වසර 6000කට ඉහතින් මෙම ප්‍රදේශයේ පස නිර්මාණය වීඇති බව භූවිද්‍යඥයන්ගේ මතයයි. ලවණ ජලය ගොඩට ගැලීම, වර්ෂා ජලය රැදීම හා තෙත් බිමක්වීම මෙහි දක්නට ලැඛෙන ස්වාභාවික පාරිසරික ලක්ෂණයන්ය. තැනිතලා බිමක් වීම හා ජල මාර්ග පිහිටා තිබීම හේතුවෙන් මෙම ප්‍රදේශය මුල්කාලයේ ජනාවාස වී ඇති බවට සාධක පවතී. සරු ලොම් හා වැලි මැටි සහිත පසක් වීමද, වාරිමාර්ග ක්‍රමද හේතුවෙන් කෘෂිකර්මාන්තයේද, තොටුපලක් වීම හා කලපුව හේතුවෙන් ධිවර කර්මාන්තයේද වර්ධනය සිදුවී ඇත.


මුහුද[සංස්කරණය]

මීගමුව සමුද්‍රාශ්‍රිත නගරයකි.

  1. ගොඩමුහුද,
  2. ගැඹුරු මුහුද,
  3. මඩ සහිත බිම්

වලින් යුක්ත මෙම ප්‍රදේශය ගල්පර හා හිතකර සුළං තත්වය හේතුවෙන් ධිවර කර්මාන්තයට ඉතාම උචිත වී ඇත. ගොඩ මුහුද හේතුවෙන් ගොඩබිමට ආසන්නව මසුන් ගැවසීම වැඩිවී ඇති අතර මඩසහිත බිම නිසා ඉස්සන් බෝවීමද දක්නට ලැබේ. මීගමුව සෑම ආකාරයකින්ම සශ්‍රීක වූ ධිවරකර්මාන්තයට ඉතාම හිතකර වූ ප්‍රදේශයක් වන අතර 1500 ක පමණ ධිවර පවුල් සංඛ්‍යවක් දැනට ධිවර කර්මාන්තයෙහි නියැලෙයි.

වෙරළ තීරය[සංස්කරණය]


මීගමු මුහුදු තීරය සෙත්තප්පාඩුව සිට කම්මල්තොට මෝය දක්වාත් දිගින් සැතපුම් දාහතර ක් (22.5 km) පුරා පැතිරී ඇත. වෙරළ තීරය ගල්පර හා වැලි තීරයතින්ද, මුහුදු ශාකවලින්ද ගැවසී ඇත. මෙම වෙරළ තීරය ධිවර කර්මාන්තයේ විවිධ අවශ්‍යතාවයන් වූ යාත්‍රා නැවැත්වීම හා දැල්බැදීම, මාලූ වේලීම සඳහා භාවිතා කරයි.


කලපුව හා කලපු මෝය[සංස්කරණය]


මිගමු කලපුව හෙක්ටයාර 3328 ක් පුරා පැතිර පවතී. කලපු ඉවුර සෙත්තප්පාඩුව සිට කුරණ දක්වා 22km ක් පුරා පැතිර පවතී. මෙම කලපුව ආශ්‍රිතව විවිධ මසුන් වර්ග 133 ක් පමණ ගැවසෙන අතර වඩදිය හා බාදිය යන දියවැල් මාර්ග හේතුවෙන් කලපුවේ රටාව ක්‍රමවත් වේ. එසේම ගැඹුරු මුහුදේ ධිවර කර්මාන්තයට අමතරව කලපු ධිවර කර්මාන්තය මගින් 3000 ක් පමණ පිරිසකට ආදායම් මාර්ගයක්ද විවර වී ඇත. සෞන්දර්යය වර්ධනය කරන අතරම ජලජ ජීවීන්ට රැකවරණයක් හා මුහුදු යාත්‍රා සදහා තොටුපලක් ලෙසද කලපුව සුවිශේෂ මෙහෙයක් ඉටුකරයි. මීගමුව නාගරික බලප්‍රදේශය තුළ කලපු දූපත් හතක් හා දැනට ගොඩකරමින් පවතින වගුරුබිම් රාශියක්ද වේ.

ගංගා සහ කෘතිමව ගොඩනගන ලද ඇලමාර්ග[සංස්කරණය]

මාඔය මීගමුවට උතුරින් පිහිටා ඇති අතර බටහිර කඳුබෑවුම්වලින් ඇරඹී කම්මල්තුර මෝයෙන් මුහුදට වැටේ. මාඔය මගින් මීගමු ප්‍රදේශයේ මිරිදිය ජලය රැගෙනයාම හා එම ප්‍රදේශයේ උතුරු සීමාවේ ජලය බැසයාම සිදුකරයි. මාඔයෙහි වැලි ගොඩදැමීම ද ඉවුරෙහි මැටි කැපීමද සිදුවන අතර මෙම ප්‍රදේශයේ පානීය ජලය ලබාගන්නා එකම ස්වාභාවික ජලසැපයුම් මාර්ගය වන්නේද මෙයයි.


දෙපාඇල මීගමුවට අයත් බෝලවලාන, කුරණ යන ප්‍රදේශවල සිට කට්ටුව දළුපත හරහා ජලය රැගෙන යන අතර සැතපුම් 1½ පමණ දිගින් යුතුවේ. එසේම මෙම ඇල මුල්කාලයේ වාරිමාර්ග ඇලක් වශයෙන්ද මෙම ප්‍රදේශයේ ජලය බැසයාම සඳහා භාවිතා කරඇත.

හැමිල්ටන් ඇල භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කෘතිමව සාදන ලද්දක් වනඅතර අදවනවිට ධිවර යාත්‍රා නවතා තැබීම සදහා භාවිතා වේ. මෙය දිගින් සැතපුම් 5½ ක් වන අතර කලපුවේ සිට මාඔය දක්වා පැතිර පවතී.

මීගමුවේ ඕලන්ද ඇල

පරිපාලන බෙදීම්[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පළාත් නමයක් වන අතර ඉන් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට මීගමුව අයත්වේ.


ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය මහලේකම් කොට්ඨාශ 13 කි[සංස්කරණය]

  • දිවුලපිටිය,
  • කටාන,
  • මීගමුව,
  • මිනුවන්ගොඩ,
  • මීරිගම,
  • අත්තනගල්ල,
  • ගම්පහ
  • ජාඇල,
  • වත්තල,
  • මහර,
  • වෑකේ,
  • බියගම,
  • කැළණිය


මීගමුවේ ප්‍රදේශීය උපදිසාපති කොට්ඨාශ 27 කි[සංස්කරණය]

  1. 72-දළුපත
  2. 73-ඒත්තුකාල
  3. 73ඒ-කුඩා පාඩුව,
  4. 74-දළුවකොටුව,
  5. 75-කට්ටුව,
  6. 75ඒ-පළඟතුරේ,
  7. 76-දකුණු පල්ලන්සේන,
  8. 77-උතුරු පල්ලන්සේන,
  9. 77ඒ-කම්මල්තුර,
  10. 78-කොච්චිකඩේ,
  11. 156-මුන්නක්කරය,
  12. 156ඒ-මුන්නක්කරය උතුර,
  13. 157-බෝලවලාන,
  14. 157ඒ-කුරණ,
  15. 158-වැල්ලවීදිය,
  16. 158ඒ-දකුණු වැල්ලවීදිය,
  17. 159-පෙරියමුල්ල,
  18. 159ඒ-මහහුණුපිටිය,
  19. 160-උඩයාර්තෝප්පුව,
  20. 160ඒ-තලාදූව,
  21. 161ඒ-අඟරුකාරමුල්ල,
ගොනුව:Agurukaramulla.jpg

</gallery>

  1. 162-පිටිපන,
  2. 162බී-දකුණු පිටිපන,
  3. 163ඒ-තලාහේන,
  4. 163ඒ-කැපුන්ගොඩ,
  5. 163බී-දුංගාල්පිටිය

(දත්ත හා තොරතුරු අංශය ජනාවබෝධ කේන්ද්‍රය - 1994 අප්‍රේල්)

මීට අමතරව මිගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාමනිලධාරී වසම් 39 කට ඛෙදා ඇත.


රජකාලයේ ඛෙදීම් අනුව මීගමුව මායා රටටද, පෘතුග්‍රීසි හා ලන්දේසි පාලන සමයේදී සත් කෝරළයටද, බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පසු උඩරට හා පහතරට වශයෙන් වෙන් කළ ඛෙදීම් අනුව පහතරටටද අයත් විය. පැරණි ඛෙදීම් අනුව ගම්පහ දිසාව

  1. අලූත් කුරු කෝරළය,
  2. දකුණු හාපිටිගම් කෝරළය,
  3. උතුරු හාපිටිගම් කෝරළය
  4. සියනෑ කෝරළය

ලෙස කෝරළ සතර කින් සමන්විත වූ අතර මෙයින් මීගමුව අයත්වන්නේ අලූත්කුරු කෝරළයට වේ. අලූත්කුරු කෝරළයද

  1. දාසිය පත්තුව,
  2. රාගම් පත්තුව,
  3. දූනගහ පත්තුව

ලෙස කොටස් තුනකට ඛෙදී තිබූ බව පැරණි පරිපාලන වාර්තාවන්හි සඳහන් වී ඇත.

1829 දී සර්. විලියම් කෝල්බෘෘක් උඩරට හා පහතරට යළි ඒකාබද්ධ කොට එකම පාලනයක් යටතට පත්කර පළාත් පහකට උතුරු, දකුණු, නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම වශයෙන් වෙන්කරන ලදි. මින් බස්නාහිර පළාතට අයත්වූ මීගමුව මූලාරම්භයේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් වී තිබූ අතර එය ගම්පහ නමින් වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක කොටසක් බවට පත්වූයේ 1978 දී නව දිස්ත්‍රික්ක ඛෙදා වෙන්කිරීමේදීය.

1815 මහනුවර රාජධානිය බිඳවැටීමත් සමග ලක්දිව සම්පූර්ණයෙන්ම බි්‍රතාන්‍ය පාලනයට යටත් වූ අතර එමගින් ප්‍රථම වරට පළාත් සභා ක්‍රමයක් 1978 වර්ෂයේදී හඳුන්වාදෙනු ලැබීය. ප්‍රදේශීය මණ්ඩලය යනුවෙන් හැඳින්වූ මෙම සභාව 1978 ජනවාරි මස 04 වැන දින ප්‍රථම වරට මීගමුවේදී පිහිටුවන ලදි. මෙයින් වසර 44 කට පසු මීගමුව 1922 ජනවාරි 01 වන දින දිස්ත්‍රික් සභාවක් බවට පත්විය. 1979 වර්ෂයේදී මීගමුව බලප්‍රදේශය සම්පූර්ණයෙන්ම මහ කොළඹ ආර්ථීක කොමිසම යටතට පත්කරන ලද අතර 1940 ජනවාරි මස 13 වන දින මීගමුව නගරසභාවක් බවටත් 1950 දී මහනගර සභාවක් බවටත් පත්විය.

මීගමු මහනගරසභා නිල ලාංඡනය[සංස්කරණය]

ගොනුව:Negombo Municipal logo.jpg

1937 වර්ෂයේදී එවකට මීගමුව නගර සභාවෙහි නාගරික ලේකම් අර්ල් ද අල්විස් මහතා නගර සභාවට නිල ලාංඡනයක් අවශ්‍ය යැයි යෝජනා කරන ලදුව සභාවේ අනුමැතිය ඇතිව ඒ සදහා තරඟයක් සංවිධානය කරන ලදි. මෙම තරගයට ඉදිරිපත්ව පළමු ස්ථානය දිනාගත් ප්‍රසිද්ධ චිත්‍රශීල්පී ගොඩමාන්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ලාංඡනයද, දෙවන ස්ථානය ලත් එවකට පේරදෙණිය උද්හිද විද්‍යායතනයේ චිත්‍රශීල්පී ජෝර්ජ් අර්ල්ස් මහතා විසින් ඉදිරිපත් කරන ලද ලාංඡනයෙහි වූ සුලූ කොටසක්ද එකතුකොට නගරසභාවේ උපදෙස් පරිදි අද දක්වා භාවිතා වන මීගමු නගරසභා ලාංඡනය නිර්මාණය කරන ලදි. 1950 දී මිගමුව මහනගර සභාවක් බවට පත්වූ පසුවද මෙම ලාංඡනයේURBAN COUNCIL යන්න MUNICIPAL COUNCIL යනුවෙන් වෙනස්කොට භාවිතයට ගන්නා ලදි.

මෙම ලාංඡනයේ ඉහළින්ම දැක්වේන්නේ සාමය, සමගිය, එකමුතුව යන්නයි. මෙය යොදා ඇත්තේ මීගමුව නගරය තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු විවිධ ජාතීන් මෙන්ම, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් වැනි විවිධ ආගම්වලට අයත් ජන කොටස් ද සමගියෙන් ජීවත්වන බැව් ඒත්තු ගැන්වීම සඳහාය. මුල් කාලයේ මෙය Unity,Peace and concord ලෙස ඉංග්‍රීසියෙන් තිබී ඇත.


ඉන් අනතුරුව ලාංඡනයේ උඩකොටසේ නැගී එන හිරු දැක්වේ. මෙයින් විදේශ ආධිපත්‍යයෙන් මිදෙමින් පැවති අවධියක නගරසභා ක්‍රමය ඇතිකිරීමෙන් ස්වයංපාලන අයිතිය කෙමෙන් ජනතාවට ලැබීමෙන් ඉදිරියෙහි ඇති නිදහසේ අරුණාලෝකය සංකේතවත් කරයි.


මින් පසුව දැක්වෙන චිත්‍ර පහෙන් මීගමුව හා සම්බන්ධ ඓතිහාසික, ආර්ථීක හා සාමාජීය වැදගත් කරුණු සම්පිණ්ඩනය කොට දැක්වේ. මෙහි වම්පස උඩ කෙළවරේ දැක්වෙන චිත්‍රයෙන්මීගමුවේ ප්‍රකට ලන්දේසි බලකොටුව හා හෝරාස්ථම්භය දැක්වේ. මෙය ශ්‍රිලංකාවේ මුහුදු බඩ පෙදෙස් විදේශ ආධිපත්‍යයට හසුව තිබූ අවධියේ ඉතා වැදගත් හා ප්‍රසිද්ධ බලකොටුවක්ව පැවතුණි. ගලින් බැඳ උස් වූ ප්‍රකාරයකින් වටවී තිඛෙන මෙම බලකොටුව පෘතුග්‍රීසීන් විසින් ඉදිකරන ලද අතර ලන්දේසීන් විසින් පෘතුග්‍රීසීන්ගෙන් බලය පැහැරගැනීමෙන් පසුව ප්‍රාකාර, අට්ටාල ආදිය තනා වඩාත් ශක්ති සම්පන්න කරවූවකි. මෙම ඓතිහාසික බලකොටුව අද දක්වාම මීගමු පුරවරයෙහි දක්නට ලැඛෙන අතර මේ හේතුවෙන් මීගමුව ලොව බොහෝ ප්‍රකට විය.

මෙම ලාංඡනයේ වම්පස දෙවන රූපයෙන් මීමැස්සෙකු දැක්වෙයි. මෙම නගරයට මීගමුව යන නාමය ව්‍යවහාරයට පමිණි ආකාරය හා සම්බන්ධ ඓතිහාසික පුරාවෘත්තයක් මෙම චිත්‍රයෙන් සංකේතවත් කෙරේ. එනම් ථූපවංශයේද, ජනශ්‍රැතියේද, රාජාවලියේද සඳහන් වන විහාරමහාදේවියගේ දොලඳුක සංසිඳවීමට ගෙන ආ මීවද පිළිබඳ කතාවයි.

දකුණුපස උඩ කෙළවරෙහි දැක්වෙන්නේ මසුන් මරන්නන් සහිත වෙරළාසන්නයෙහි වූ ඔරුවක චිත්‍රයකි. මෙය ගැඹුරු මුහුදේ නොව වෙරළාසන්න මුහුදේ මසුන් මැරීමට උපයෝගී කරගත් මීගමුවට ආවේණික සාම්ප්‍රදායික ධිවර කර්මාන්තයට අදාළ රුවල් යොදා යාත්‍රා කරවූ විශේෂ ධිවර ඔරු වර්ගයකි. මෙම චිත්‍රයෙන් මීගමුවේ ප්‍රධාන කර්මාන්තය හා එහි නිවැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ ධිවර කර්මාන්තය සංකේතවත් කෙරේ. [[ගොනුව:මීගමුව.jpg|200px|left]

දකුණු පස දෙවන චිත්‍රයෙන් දැක්වෙන්නේ .කකුළුවෙකි. මීගමු කලපුව කකුළුවන් හා ඉස්සන් සදහා ඉතා ප්‍රකටය. විදේශ සංචාරකයින් අතර මෙම දෙවර්ගය ඉතා ජනප්‍රිය බැවින් ලොව පුරා මීගමු ඉස්සන් හා කකුළුවන් ප්‍රසිද්ධ වී ඇත. මෙම ලාංඡනයේ පහතින්ම දැක්වේන්නේ .කුරුඳු අත්තක් සහිත චිත්‍රයකි. ලොව භාණ්ඩ හුවමාරු විනිමය ක්‍රමයක් පැවති යුගයේ සිටම ඉතා රසවත් කුරුඳු විදේශිකයින් ලබාගන්නා ලද්දේ මීගමුවෙන් බව ඓතිහාසික පොතපතේ, වාර්තාවන්හි මෙන්ම ජනප්‍රවාදයේද එයි. ඒ බැව් ලන්දේසි ජාතික ෆන්රී ආණ්ඩුකාරවරයා ලියූ ලියවිල්ලකින්ද මැට්සූකර් නම් පුද්ගලයා දක්වන තොරතුරු වලින්ද නොර්ත් ආණ්ඩුකාරවරයා කුරුදු වැවීමට මරදාන හා මීගමුවේ කදිරාන නම් ප්‍රදේශය තෝරාගැනීමෙන් ද තවදුරටත් සනාථ වේ. එසේම මෙම ප්‍රදේශයේ කර්මාන්තයක් ලෙස කුරුඳු වගාව අතීතයේ සිටම කෙරී ඇත.

ජනශ්‍රැතිය හා සබැඳි මීගමුව[සංස්කරණය]

මීගමුව ඈත අතීතයේ සිටම ආගමික මධ්‍යස්ථානයක්, ප්‍රධාන සිද්ධස්ථානයක්ව තිබූ බව එහි යටගියාවෙන් පෙනෙයි. එම යටගියාව දැනට දක්නට ලැඛෙන තොරතුරු අනුව රාවණා යුගය දක්වා දිවයයි. රාවණා යුගයේදී මීගමුව යැයි නමක් නොවීය අද මීගමුව එම යුගයේදී හඳුන්වනු ලද්දේ නීගුම්බිල යන නමිනි. ද්‍රවිඩ බසින් නීර්කොළොම්බු ලෙස ඒ නම අදද භාවිතා වෙයි භැට්පඉද ලෙස ඉංග්‍රිසියට නම සැකසුනේද ඒ ආකාරයෙන්මය. නිගුම්බිල යන්න ජලාශය යන අරුත දෙය. රාවණා යුගයේ බලබිලි පුදන මිනිස් ජිවිත බිලි දී පුද පූජා කළ එකම සිද්ධස්ථානය මෙම නිගුම්බිලයේ වූ බවටත් එය කමලා නම් දෙව්දුවට කැපකළ දේවාලයක් වූ බවටත් ජනශ්‍රැතියේ සඳහන්ය එම බිලි දෙන පූජා වස්තුව ශූද්ධ වූ ජලයෙන් සොදා පවිත්‍ර කොට පිදීම සිරිත වූ අතර එසේ පවිත්‍ර කිරීම සඳහා භාවිතා කළ ශූද්ධ වූ ජලාශය කාමච්ඕඩය නම් විය. කාමච්චි නම් කමලා දෙව්දුවයි. ඕඩය නම් ජල තටාකයයි. එහෙයින් එය කාමච්ඕඩය හෙවත් ශූද්ධ වූ ජලාශය නම් විය. එම ජලාශය වර්තමානයේ දක්නට නොවූ වද එයට සම්බන්ධ වූ මුළු පෙදෙසම කාමච්චෝඩය නමින් වර්තමානයේ මිගමුව ඉරිදා පොළ පවත්වන සමුද්‍රාසන්න ප්‍රදේශයට ව්‍යවහාර කරනු ලැබේ.


රාවනා රජු රාක්ෂස ගෝත්‍රිකයෙක් වූ බැවින් ඔහුට අයත් රාජධානියේ ප්‍රධාන බිලිපූජා මධ්‍යස්ථානය වූ නිගුම්බිලය ගැන රජු ඛෙහෙවින් සැළකිලිමත් වූ හෙයින් අතීතයේ නිගුම්බිලය ප්‍රධාන රාක්ෂස මධ්‍යස්ථානයක්ව පැවත අත. රාවණා ඉන්දියාවෙන් සීතා කුමරිය පැහැරගෙන සඟවා තබන ලදි. ඒ පිළිබදව සෙවීමට පැමිණි රාමා හා ඔහුගේ සොයුරු ලක්ෂ්මණ අල්ලාගෙන රාවණාගේ ඉන්ද්‍රජිත් නම් සෙනෙවියා විසින් නිගුම්බිලයේ බිලිපූජා සදහා සුදුසු කෙම්මුර දිනයක් එනතෙක් බැඳතබන ලදි. කෙම්මුර දිනයේ ඔවුන් බිලිදීමට ශද්ධ වූ ජලාශයෙන් සේදීමට යන අතර හනුමා ගෙම්ඛෙකු වී පැමිණ එම ජලාශයට පැන ශද්ධවූ ජලය අශූද්ධ කළහෙයින් රාමා හා ලක්ෂ්මණ නිදහස් වූ බවද ජනශ්‍රැතියේ සදහන්ය. රාවණාගේ අභාවයෙන් හා රාම සීතා එක්වීමෙන් පසු නිගුම්බිලය ක්‍රමයෙන් ජනප්‍රියත්වයෙන් ගිලිහී ඇත.

නම සෑදුනු හැටි[සංස්කරණය]

මීගමුවට එම නම සෑදී ඇති ආකාරය පිළිබදවද මත කිහිපයක් පවතී ක්‍රිස්තුපූර්ව දෙවන සියවස පමණ කාලයේදී ලංකාවේ මාගම ජනපදය පාලනය කළ කාවන්තිස්ස රජුගේ බිසවට දුටුගැමුණු කුමරු පිළිසිඳ ගැනීමේදී හටගත් දොළ සංසිඳවනුවස් සොයා ගත් සියක් රියන් මී වදය තිබූතැන හෙයින් මී ගොමුව යන නම නිපන් බවත් පසුව මිගමුව වූ බවත් ප්‍රකට මතයයි. එසේ පිළිගන්නේ මි වදය බැද තිබුනේ ගොල් මුහුදු වෙරළේ මුනින් අතට නැවූ මාලූ නැවකැයි පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථයක් වූ ථූපවංශයෙහි එන සදහන අනුවය. එය රාජාවලියද අනුමතකොට තිබේ. එහෙත් වර්තමාන ඉතිහාසඥයන්ගේ මතය වන්නේ කාවන්තිස්ස කාලයේ මීගමුවේ ධීවර කර්මාන්තයක් නොවූ බවත් ගොල් මුහුද ලෙස ථූපවංශයේ සඳහන් වන්නේ මාගම් වෙරළ බවත්ය. එකල මීගමු වෙරළ අරාබි මුහුදු වෙරළ නමින් හැඳින්වී ඇතිබව ඔවුන් සඳහන් කරයි. එබැවින්ජනප්‍රිය වුවද ඉතිහාසයට අනුව මීගමු මීවද කතාව ප්‍රලාපයක් හෙවත් බොරුවකි.මී ගොමුව යන වහර එබැවින්ජනප්‍රිය වුවද ඉතිහාසයට අනුව මීගමු මීවද කතාව ප්‍රලාපයක් හෙවත් බොරුවකි.

මී ගොමුව යන වහර නිපැයුනේ මී ගස් කැලය යන අරුත මී ගොමුව යන දෙවදන එක්වීමෙනි යන්න තවත් මතයකි .අතීතයේදී ශ්‍රී ලංකා‍වෙ ග්‍රාම නාම බොහෝවිට සැකසුනේගස් මහා වෘක්ෂ කැලෑ ආශ්‍රයෙනි.තම්මැන්නාව රඹුක්කන හික්කඩුව බේරුවල පොල්ගහවෙල ආදී නම් මීට නිදසුන්ය .එසේ හෙයින් මීගස් කැලය යන අරුතින් මීගොමුව යන නම නිපන් බවද පිළිගත හැකිය .


ඓතිහාසික සාධක අනුව කාවන්තිස්ස රජ පවුල හා මීගමුව අතර සබැඳියාවක් තිබු බව තහවුරු වේ. එහිදී මුල් තැන ලැබෙන්නේ මීගමුවේ බෝලවලාන නම් ප්‍රදේශයේ පිහිටි කුරණ ග්‍රාමයටය .කුරණ යන්නෙහි අරුත මහ අලි කැලය යන්නයි. එහි තිබූ කඩොල් කැලය අද විනාශ වී ගොස් ඇතත් දුටුගැමුණු රජුගේ මංගල හස්තියා වූ කඩොල් ඇතු හමුවූයේ මෙම කඩොල් කැලයෙන් බව ථූපවංශයෙහි සඳහන් වේ. එහි දැක්වෙනනේ හිමාලයේ සද්දන්ත විලෙන් සම්භවය වූ එක් ඇලි ඇතින්නක් තමාගේ ඇලි ඇත් පැටවකු කඩොල් වනතීරයේ දමා පලාගිය බවත් ඒ දුටු මීගමු කලපුවේ බිලීබාන බිලී වැද්දකු කාවන්තිස්සරජුට දැන්වූ බවත් රජු ඇත් පැටවා පෙරහැර පවත්වා භාරගෙන කඩොල් ඇතා යැයි නම්කළ බවත්ය. එබැවින් ජනශ්‍රැතියට අනුව එකල මීගමුව අලි ඇතුන්ගෙන් ගහන මහ කැලයක් වී තිබූ බැව් පැහැදිලි වේ.

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • රාජාවලිය
  • ථුපවංශය
  • එදිරිසිංහ පද්මා, අතීත ලංකා, 1989
  • ඩී. පී පොන්නම්පෙරුම, විදේශීන් දුටු පුරාණ ලංකාව, 1961
  • දේවප්‍රිය සිරිසේන, ගම්පහ දීසාව, 2000
  • සංස්කාරක සමනොළ විජයරත්න, මීගොමු පුර වරුණ,2005

‍මේ පිටු බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඓතිහාසික_මිගමුව&oldid=651103" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි