ඓතිහාසික භූ විද්‍යාව

විකිපීඩියා වෙතින්

අතීතයේ මානව සමාජයේ ප්‍රබන්ධනාත්මක, න්‍යායාත්මක හා සත්‍ය භූ විද්‍යාවන් පිළිබඳ අධ්‍යයනය කිරීම ඓතිහාසික භූ විද්‍යාවයි. ඒ ඔස්සේ පුළුල් කාරණා හා මාතෘකා රාශියක් පිළිබඳව අධ්‍යයනය කරයි. එම අධ්‍යයනයන්හි පොදු තේමාව නම් අතීතයේ භූ විද්‍යාවන් හා ස්ථානයන් කාලානුරූප ලෙස වෙනස් වන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමයි. බොහෝ ඓතිහාසික භූ විද්‍යාඥයින් කාලානුරූපව භූ විද්‍යාත්මක රටා අධ්‍යයනය කරයි. එයට මිනිසුන් පරිසරය හා අන්තර් ක්‍රියා කල අන්දම සංස්කෘතික භූ දර්ශනයන් නිර්මාණය කළ අන්දම අයත් වේ. භූ තලය පුරා විවිධ සමාජ වල සංස්කෘතික ලක්ෂණ නැගි ආවේ සහ පරිණාමය වුයේ කෙසේ ද යන්න පිළිබඳව ඓතිහාසික භූ විද්‍යාඥයින් කරුණු සොයයි. ඒ ප්‍රාදේශීය පරිසරය හා වටපිටාව සමග ඔවුන්ගේ අන්තර් ක්‍රියා අවබෝධ කර ගැනීම තුළිනි.

එක්සත් ජනපදයේ ඇතැම් අයට ඓතිහාසික භූ විද්‍යාව වඩාත් විශේෂිත අර්ථයක් දරයි. කාල් ඕටිවින් සොයර් (කැලිෆෝනියා විශ්ව විද්‍යාලය) විසින් මෙම වැඩසටහනට දෙන ලද නමක් ලෙස ඓතිහාසික භූ විද්‍යාව හැදින්විය හැකිය. විසි වන ශත වර්ෂයේදී ආරම්භ වු මෙය ප්‍රාදේශීය රේඛා ඔස්සේ සංස්කෘත භූ විද්‍යාව ප්‍රතිසංවිධානය සිදු කරන ලදී. සෝයර්ට අනුව භූ දර්ශනයක් හා එහි සංස්කෘතීන් තේරුම් ගත හැක්කේ ඉතිහාසය පුරාවට එහි භෞතික, දේශපාලනික, පාරිසරික, සංස්කෘතික බලපෑම් සැලකිල්ලට ගැනීමෙනි. ඔහු අවධාරණය කළ පරිදි ප්‍රාදේශීය විශේෂීකරණය ලෝ පුරා ප්‍රදේශවල විශේෂ ප්‍රාගුණ්‍ය ලබාගැනීමේ එකම ක්‍රමයයි. 20 වැනි ශතවර්ෂයේ මැද භාගයේ ඇමෙරිකානු භූ විද්‍යාත්මක ඉගැන්වීම්වල වඩා තියුණු ඵලදායී ක්‍රමයක් ලෙස සෝයර්ගේ ඉගැන්වීම් සැලකිය හැකිය. ප්‍රාදේශීය විශේෂඥයන් අධ්‍යයන කාර්යය මණ්ඩලවල අදටත් සිටී. නමුත් ඇතැම් භූ විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට දත්ත එක්රැස් කිරීමට හා වර්ගීකරණයට අනවශ්‍ය උත්සාහයක් මිඩංගු කිරීම නිසා එය විෂයට හේතු විය. පසුකාලීනව අධ්‍යයනයන් වඩාත් ප්‍රාදේශීයව විශේෂිකරණය වුයේ තමන්ගේ නමින් නම් කිරීමට ප්‍රදේශ සේවීම සඳහා භූ විද්‍යාඥයන් උත්සුක වු බැවිනි. මෙම කරුණු 1950 භූ විද්‍යාවේ ඇතිවූ කඩා වැටීමට හේතු වු අතර එක්සත් ජනපද අධ්‍යයන විෂයක් ලෙස භූ විද්‍යාව සම්බන්ධව සංකීර්ණ ගැටලු රැසක් මතු කරන ලදී.

මානව භූ ගෝලීය විද්‍යාවේ මෙම උපශාඛාව ඉතිහාසය හා පාරිසරික ඉතිහාසය සමග සමීපව සම්බන්ධය.


සටහන්[සංස්කරණය]

| Historical geography |} rg/wiki/Historical_geography

"https://si.wikipedia.org/w/index.php?title=ඓතිහාසික_භූ_විද්‍යාව&oldid=465186" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි