ඓතිහාසික තීන්ත විශ්ලේෂණය

විකිපීඩියා වෙතින්

නියැදිය එක් රුස් කිරීම[සංස්කරණය]

ගෙබිම දක්වාම පැවති තීන්ත ස්ථර පිටත ස්ථරයේ සිට ඉතා ප්‍රවේශමෙන් ස්ථර වශයෙන් ඉවත් කිරිමෙන් ඓතිහාසික තීන්ත විශ්ලේෂණය සිදු කෙරුණි. මෙම ක්‍රමය විලියම්බස් බර්ග් හි යොදා ගන්නා ලදී. දැනට මෙම ක්‍රමය අනුගමනය කරන්නේ කිහිපදෙනෙක් පමණක් වන අතර එය ජනප්‍රිය නොවීමට හේතුව වැරදි අර්ථකථන හා එමඟින් තීන්ත වල පැරණිකම හා බොදවීම් යන ගැටළු වලට පිළිතුරු ලබා දිය නොහැකි වීමයි. විශ්ලේෂණය විද්‍යාගාර තත්ව යටතේ සිදුකරන නිසා එම ස්ථානයේදි රැස් කරගන්නා ලද නියැදිය පර්යේෂකයාට ලැබීමට සැලැස්විමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය. එම නියැදි සාමාන්‍යයෙන් රැස්කර තබා ගැනීමට ආවරණ වර්ග දෙකක් භාවිතා වේ. ‍මැනිලා කාසි කවර මේ අතරින් ප්‍රධාන වේ. එහි විශාල පියනක් පවතින අතර එය මුද්‍රා තැබීමෙන් වැළැක්විය යුතුය. මෙවැනි කවරයක් තුළ බහා ඇති නියැදියක් ඉන් ඉවත්වීම සිදු ‍නොවේ. තවත් ක්‍රමයක් වන්නේ නැවත නැවත මුද්‍රා තැබිය හැකි ප්ලාස්ටික් මලුය(සිප්ලොක්). ඒවා විවෘත කිරීම හා නැවත වසා තැබීම පහසුවෙන් කළ හැකිය. මෙම ඇසුරුමේ අවාසිදායක තත්වය වන්නේ එය මත ලේබල් කිරීම අපහසු වීමයි. කුමන තත්වයක් යටතේ වුවද ඊට කඩදාසි ලියුම් කවර භාවිතා නොකළ යුතුය. නියැදිය එම ලියුම් කවරයක් තුළ බහා මුද්‍රා තබා ප්‍රවාහනය කළහොත් එය විවෘත කළ පසු ඒවා නැවත පාවිච්චියට ගත නොහැකි වේ. මුද්‍රා නොතබා විවෘතව ප්‍රවාහනය කළොත් නියැදිය ලියුම් කවරයෙන් පිටතට යා හැකිය.

මෙම නියැදි එක්රැස් කරගන්නා විටම ඒවාට ලේබල් තැබිම කළ යුතුය. මෙලෙස සටහන් කරන තොරතුරු නම් නියැදි අංකය, ගොඩනැගිල්ලේ නම, ගොඩනැගිල්ල පිහින ස්ථානය, තොරතුරු එක් රැස් කරගන්නාගේ නම, එක්රැස් කරගත් දිනය හා එම එක්රැස්කර ගත් ස්ථානය පිළිබඳ වැදගත් තොරතුරුවේ. මෙම තොරතුරු මැනිලා හෝ ප්ලාස්ටික් කවරයේ ඉදිරිපස ලියා තැබිය හැකි හෝ කොළයක ලියා එම කවරය තුළට බහා තැබිම කළ හැකිය. එක්රැස් කිරීම උපස්තර ස්වභාවය මත රදා පවතී. මෙම උපස්තර වර්ග නම් දැව, බදාම, බිත්ති ආවරණ, දැඩි බදාම හා වානේ වේ. නියැදි ලබා ගැනීම සඳහා තියුණු වානේ තුඩක් සහිත සැත් පිහි හෝ XACTO පිහියෙන් භාවිතා කළ හැකිය.

නියැදියේ ප්‍රමාණය එහි ප්‍රමිතිය හා සැලකූ විට එතරම් සැලකිය යුතු නොවේ. පර්යේෂණයට භාජනය වන්නේ ගොඩනැගිල්ලක කොටසක් වුවත්, නියැදිය පරික්ෂා කෙරෙන්නේ අන්වික්ෂයක් ආධාරයෙන් නිසා එහි ප්‍රමාණය විශාල වීම අවශ්‍ය නොවේ. අත්‍යවශ්‍ය වන්නේ තීන්ත ස්ථර සියල්ලම හොඳින් එකිනෙකට බැදී පැවතීම හා උපස්තරයට බැදී පැවතීමයි.

තීන්ත උපස්තරයට බැදී පැවතිම ප්‍රතික්ෂේප කරන අවස්ථා ද තිබේ. සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ දැවය මත පළමුවෙන්ම වාර්නිෂ් තට්ටුවක් ආලේප කර තිබීම නිසාය. මෙවැනි අවස්ථාවකදී උපස්තරය රහිතව නියැදිය ලබාගත යුතු අතර ඊට සත්‍ය ලෙසින්ම වාර්නිෂ් යොදා ඇත්නම් අන්වික්ෂය තුළින් නිරීක්ෂණයේදී එය තහවුරු කර ගත හැකිය.

කාලයක් තිස්සේ අව්වැසි ‍වලට ගොදුරු වු දැව පැරණි නිසා එහි ඓතිහාසික වටිනාකම නැතිවී ඇත. මෙහි අව්වැසි වලින් ආවරණය වු කොටස් වල තීන්ත ස්ථර තවමත් පවතී. මෙලෙස නියැදි එක්රැස් කිරීමට අපහසුම ස්ථානය වන්නේ ජනේල් පඩිය. මෙවැනි අවස්ථාවක පෘෂ්ඨයේ කැඩුණු ස්ථානයකින් හරස් කැපුමක් වඩා යෝග්‍ය වේ. දැවය කැපීම හෝ කියතෙන් කැපීම කළහොත් තීන්ත ස්ථර එකිනෙක මිශ්‍රවීමක් සිදුවිය හැකිය.

බදාම වාත්තු හැරුනු කොට බදාම පෘෂ්ඨ සාමාන්‍යයෙන් සමතල වේ. බදාම වාත්තු වලින් ඉහත සඳහන් ආකාරයට නියැදි ලබාගත හැකිය. සමතල පෘෂ්ඨවලට සැත් පිහියක් මඟින් සියළුම තීන්ත ස්ථර හා උපස්ථරය සහිත කැපුමක් යෙදිය හැකිය.

ගඩොල්, ගල් හා කොන්ක්‍රීට් වැනි තද බදාම සඳහාද ඉහත ක්‍රම අනුගමනය කළ හැකි වුවත් නියැදිය ලබා ගැනීමට ඉතාමත් අපහසු හෝ සමහර විට නොහැකි විය හැක. ඉතාමත් අපහසු අවස්ථාවකදී උපස්ථරය රහිතව තීන්ත තට්ටු පමණක් ලබා ගැනීමට සිදුවේ.

වානේ පෘෂ්ඨ වලදී උපස්ථරය සහිතව නියැදිය ලබා ගැනීම කළ නොහැකිවේ. වානේ කැබැල්ල කුඩා නම් මුළු කැබැල්ලම පර්යේෂණයට භාජනය කළ හැකිය. එසේ නොහැකි නම් සීරීමේ ක්‍රම යොදා ගත යුතුය. මෙම ක්‍රමයෙන් කුඩා කැබලි හා දුවිලි අංශු ලැබෙන නමුත් මෙවැනි නියැදියක් ද පර්යේෂණයට භාජනය කර අවශ්‍ය ප්‍රතිඵල ලබාගත හැකිය.


සටහන්[සංස්කරණය]

Historic paint analysis Sample Collection