ඒ.එෆ්. ලාෆීර්

විකිපීඩියා වෙතින්

කර්නල් ඒ.එෆ්. ලාෆීර් ,PWV, RWP, RSP, SF , ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ටතම සේවා පදක්කම වන "පරම වීර විභූෂන" පදක්කම ලබාගත් විශේෂ බලකා නිලධාරියෙකි. ඔහු පලමු විශේෂ බලකා රෙජිමේන්තුවේ ප්‍රථම අනදෙන නිලධාරියායි. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය පිහිටුවීමේලා විශිෂ්ට මෙහෙයක් සිදුකල නිලධාරියෙකි. 1996 ජුලි 18 වන දින මුලතිව් හමුදා කදවුර කොටි ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයකට ලක්ව, දරුණු පසුබැමකට මුහුනපා සිටි අවස්ථාවේ, ත්‍රිවිධ පහර මේහෙයුමේ මුල් අදියර සදහා ස්වෙච්චාවෙන් ඉදිරිපත් වූ පලමු විශේෂ බලකා රෙජිමේන්තුවේ කොමාන්ඩෝ සෙබලුන් 275 අනදෙමින්, ත්‍රස්ත්‍රවාදීගේ දරුණු සහ අන්ත්‍ර් ජාතික යුධ සම්මුතීන උල්ල්ංඝනය කරමින් පැරචුට් භටයන්ට වෙඩිතැබූ අවස්ථාවේ , එම වෙඩි ප්‍රහාර නොසලකා, මුලතිව් කදවුර හා රේඩියො ස්ම්බන්දතාවය ඇතිකරගනිමින්, මුලතිව් වෙරළ තීරයට ගොඩබට නිලධාරීයායි. වෙඩිපහර කීපයකින් තුවාල ලබා සිටියත්, කර්නල් ඒ.එෆ්. ලාෆීර් තවත් ටික වේලාවක් තම සෙබලුන්ට අණ දෙනු ලැබීය. අවසානයේ මොටාර් බෝම්බ කැබැල්ලක් වැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ සහෝදර සෙබලුන් , සිරුර ගුවන් හමුදා හෙලිකොප්ටරයකට යැවීමට සමත්විය. මෙම මෙහෙයුමේදී ඔහු ප්‍රකට කල වීරත්වය උදෙසා "පරම වීර විභූෂන" පදක්කම ප්‍රදානය කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ඒ.එෆ්._ලාෆීර්&oldid=585109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි