එලිමහන් ජවන හා පිටිය ක්‍රීඩා.

විකිපීඩියා වෙතින්

අර්ධ කවයන් දෙකක් කෙළින් කොටස් දෙකක් සමග යා කොට නිර්මානය කළ සාමාන්‍ය ක්‍රමයේ ඕවල් හැඩැති ධාවන පථයකි.

එළිමහන් ජවන හා පිටිය මලල ක්‍රීඩා සාමාන්‍යයෙන් සරත් සෘතුවෙන් ආරම්භ වී ග්‍රීෂ්ම සෘතුව පුරාම පවතී. බොහෝ ධාවන පථයන් ඕවාලාකාරය. වට ප්‍රමාණය මීටර් 400 කි. නවීන “ටාරටන්” ධාවන පථ හෙවත් ඉතාම මෑතදී පැමිණි “මොන්ඩෝ” ධාවන පථ රබර් මතු පිටකින්යුක්තය. මෙම ධාවන පථ සාමාන්‍යයෙන් 6 සිට 10 දක්වා මංතීරු ගණනකින් යුක්ත වේ.බොහෝ ඒවාට වැටකින් යුක්ත පටු මං තීරුවක්ද අඩංගු වේ. එහි එක් නැම්මක ජලයෙන් යුත් වලක්ද ඇත. මෙම ධාවන පථයට ඇතුලත ප්‍රදේශය ඇමෙරිකන් පාපන්දු, සොකර්, නැතහොත් ලැක් රොසේ ක්‍රීඩාවන් සඳහා ක්‍රීඩා පිටියක් ලෙස යොදා ගත හැක. මෙම අභ්‍යන්තර පිටිය තණකොළ වලින් හෝ කෘතිම තණ කොළ වලින් යුක්තය.

සියලු පිටිය ක්‍රීඩා මෙම අභ්‍යන්තර පිටිය තුල පැවැත්විය හැක. කෙසේ වුවද හෙල්ල, කව පෙත්ත සහ හැමර් විසි කිරීම ධාවන පථය සහිත පිටියෙන් ඉවත වෙනත් පිටියක පවත්වනු ලැබේ. එයට හේතුව එම ක්‍රීඩා සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වීම සහ ක්‍රීඩා උපකරණ මගින් පිටියට හානි සිදු වීමයි. එසේම ඒවා ධාවන පථයට වැටීමද එක් හේතුවකි. එහෙත් ඇතැම් අභ්‍යන්තර පිටි මෙම ක්‍රීඩා සඳහා විශේෂයෙන්ම යොදා ගැනේ. හෙල්ල විසි කිරීම සඳහා ක්‍රීඩකයාට බොහෝ දුරක් දිව යාමට සිදු වේ. අනෙකුත් ක්‍රීඩකයන් ධාවන පථය ප්‍රයෝජනයට නොගන්න අවස්ථාවල හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයින් දිව යාම ආරම්භ කිරීමට ධවන පථය පාවිච්චි කරති.



References[සංස්කරණය]

එලිමහන් ජවන හා පිටිය ක්‍රීඩා