එරෝප්ලේන් ජෙලි

විකිපීඩියා වෙතින්
එරෝප්ලේන් ජෙලි
එරෝප්ලේන් ජෙලි
වර්ගයරස කැවිලි
අයිතිකරුෆූඩ්ස් ඕස්ට්‍රේලියා
රටඕස්ට්‍රේලියාව
හඳුන්වාදුන්නේ1927[1]
වෙළෙඳපොලඕස්ට්‍රේලියාව
Tagline"මං ආසයි එරෝප්ලේන් ජෙලි වලට"
වෙබ්අඩවියAeroplaneJelly.com.au

එරෝප්ලේන් ජෙලි යනු බර්ට් ඇපල්රොත් විසින් ඕස්ට්‍රේලියාවේ සකස් කරන ලද අතුරුපසකි. ඇපල්රොත් විසින් සුඵ ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කරන ලද මෙම ජෙලි නිෂ්පාදනය,පසුකලෙක ඕස්ට්‍රේලියාවේ පවත්වාගෙන යනු ලැබු විශාලතම පාරම්පරික ව්‍යාපාර අතුරින් එකක් වූ අතර 1995 දී ඇමරිකා එක්සත් ජනපදයේ මැක්ක්‍රොමික් සහ සමාගමේඋප සමාගමක් වන මැක්ක්‍රොමික් ෆුඩ්ස් ඕස්ට්‍රේලියාසමාගමට විකුණන ලදි.ඕස්ට්‍රේලියානු ජෙලි නිෂ්පාදන වෙළදපොළේ ප්‍රමුබයා වන එරෝප්ලේන් ජෙලි වසරකට පැකට් මිලියන 18කට වඞා අධික ප්‍රමාණයක් විකුණන අතර රතු පැහැති ජෙලි සඳහා වැඩි ඉල්ලුමක් පවති.[2]

එරෝප්ලේන් ජෙලි නිෂ්පාදකයින් විසින් ගෙජ්ජි හඬක් (ජිංගල්ගීතය )උපයෝගි කර ගනිමින් කරනු ලැබු අතිසාර්ථක වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය පසුකලෙක ඕස්ට්‍රේලියානු සංස්කෘතියෙහි කොටසක් බවටද පත්විය.එය ඕස්ට්‍රේලියාවේ දිගුකලක් ජනප්‍රිය නාදයක් වූ අතර 1940 කාල වකවානුවේදි දිනකට 100 වරකට අධික ප්‍රමාණයක් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරණය කෙරිණි.පසුව මෙය 2008 වර්ෂයේදී ජාතික චිත්‍රපට හා නාද ලේඛනාගාරයේ ඕස්ට්‍රේලියානු නාද නාම ලේඛනයට ඇතුලත් කරන ලදී.[3]

ඉතිහාසය[සංස්කරණය]

ට්‍රෑම් රථ පාලකවරයෙකු වන ඇඩෝල්ෆුස් හර්බට් ෆේඩ්‍රික් නොර්මන් ඇපල්රොත් නොහොත් බර්ට් ඇපල්රොත් මහතා විසින් ඔහු ස්නානය කිරීම සඳහා භාවිතයට ගනු ලැබූ බාල්දිය උපයෝගි කරගෙන සීනි සහ ජෙලටින්යොදා ගනිමින් පළමු වරට ජෙලි කැට සකස් කරන ලදි.පසුව ඒවා ඔහුගේ ට්‍රෑම් රථය ගමන් ගන්නා සිඩ්නි ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් විකුණන ලදි.1917 වර්ෂයේදී ඇපල්රොත් මහතා ඔහුගේ නිෂ්පාදන කටයුතු සඳහා කුලී ගොඩනැගිල්ලක් යොදා ගත් අතර 1926 දී ඇල්බට් ෆ්‍රැන්සිස් ලැනර්ට්ස් මහතා සමඟ එක්ව පුද්ගලික ව්‍යාපාරයක් ඇරඹූහ.එම අවධියේදි ගුවන්යානා නව අත්දැකීමක් වූ බැවින්ද ඇපල්රොත් මහතා ආකාශතරණය පිළිබඳ දැඩි ලෝලියෙක් වූ බැවින්ද,ඔහුගේ මෙම ජෙලි නිෂ්පාදනය එරෝප්ලේන් ජෙලි නැමැති සන්නම් නාමයෙන් නම් කරන ලදි.[4]1934 වර්ෂයේදී ඔහු ටයිගර් මොත්නැමැති ගුවන්යානය යොදා ගනිමින් දුෂ්කර ප්‍රදේශ සඳහා එරෝප්ලේන් ජෙලි බෙදා දුන්නේය.එරෝප්ලේන් ජෙලි සඳහා කරන ලද අතිසාර්ථක වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය පසුකලෙක හෝල්ඩන් සභ වෙජිමයිට් ආයතන මෙන් දැවැන්ත ජාතික පෙරළියක්[4]කිරීමටද සමත් වුණි.

1985 ඇපල්රොත් මහතා ගේ අභාවයෙන් පසු ඔහුගේ මෙම පුද්ගලික සමාගම ඔහුගේ පුත්‍රයා වන දෙවන බර්ට් විසින්ද පසුව ඔහුගේ මුණුපුරා වන තෙවන බර්ට් විසින්ද පසුකලෙක තෙවන බර්ට්ගේ බිරිඳ වන වැල් විසින්ද කරගෙන යන ලදි.සමාගම් කළමණාකරන අධ්‍යක්ෂක වන හන් නොක්ස් පවසන පරිදි ඇපල්රොත් පවුල හා මැක්ක්‍රොමික් සහ සමාගමේ හිටපු කළමණාකරන අධ්‍යක්ෂක අතර පැවැති මිත්‍රත්වය හේතු කොටගෙන දෙපාර්ෂවය අතර වෙළඳ ගනුදෙනු ඇරුඹුනු බව සැලකේ.[5]ඉන් අනතුරුව 1995 දී එරෝප්ලේන් ජෙලි,ඇමරිකා එක්සත් ජනපදයේ මැක්ක්‍රොමික් සහ සමාගමේඕස්ට්‍රේලියානු උප සමාගමක් වන මැක්ක්‍රොමික් ආහාර,ඕස්ට්‍රේලියානුසමාගමට විකුණන ලදි.

සිඩ්නි නුවරඋප නගරයක් වන නිව් සවුත් වේල්ස්හී පැඩිංටන්[2]නගරයේ පළමු එරෝප්ලේන් ජෙලි නිෂ්පාදනාගාරය ආරම්භ කළ අතර පසුව නිෂ්පාදන කටයුතු අවුරුදු 33 වෙස්ට් රයිඩ් නගරයේදි සිදුකෙරෙණි.ඉන් අනතුරුව 2006 වර්ෂයේදී මැක්ක්‍රොමික් ආහාර,ඕස්ට්‍රේලියානු සමාගම එරෝප්ලේන් ජෙලි නිෂ්පාදන කටයුතු මධ්‍යස්ථගත කිරීම සඳහා වික්ටෝරියාවේ ක්ලේටන් නගරයට රැගෙනයන ලදී.[6]

ප්‍රචාරණය[සංස්කරණය]

එරෝප්ලේන් ජෙලි ජිංගල් ගීතයේ තනු නිර්මාණය කරන ලද්දේතනු නිර්මාණය කරන ලද්දේ ඇපල්රොත් මහතාගේ ව්‍යාපාර හවුල්කරු වන ඇල්බට් ෆ්‍රැන්සිස් ලැනර්ට්ස් විසිනි(1891-1943).[4]ජිංගල් ගීතය යනු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය විලියම් මොරිස් හග්ස්[7] වෙනුවෙන් ගෞරවයක් වශයෙන් පැවැති දේශපාලන ජිංගල් ගීතයේ සංස්කරණයකි.1988 දී සිඩ්නි මොර්නිං හරල්ඩ් පුවත්පත මතභේදාත්මක අදහසක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම ජිංගල් ගීතයේ මුල් අයිතිකරුවන් වනුයේ වවුඩ්විල්හි නිළියක වන පෙගී තෝර්න්, පියානෝ ශිල්පි ලෙ ස් වුඩ්ස් හා නවසීලන්ත ජාතික බිල් වයිට් යන අය බවය.[8][9]

එරෝප්ලේන් ජෙලි,සංගීතය සහ පදරචනයෙහි මුල් කවරය

1930 මුල්භාගයේදී ජිංගල් ගීතය ප්‍රථමවරට තුන් හැවිරිදි ජෙනිෆර් පේකෙල් විසින් ගුඩී රීව් නම් ගුවන්විදුලි වැඩසටහනක් ඹස්සේ ගායනා කරන ලදි.එමෙන්ම එරෝප්ලේන් ජෙලි සඳහා කරනු ලැබූ සජීවි වෙළඳ දැන්වීම් සඳහා ජිංගල් ගීතය ගායනා කිරීමට පේකෙල්ව සතියකට දෙතුන් වරක් ශබ්දාගාරයට ගෙනයනු ලැබිණි.පේකෙල් පවසන පරිදි පසුව ඹහුගේ මව විසින් ශර්ලි ටෙම්පල් නැමැති කාන්තාව මෙන් තම පුතුද අධික ජනප්‍රියත්වයක් ලබයි යන බිය හේතුකොට ගෙන තවදුරටත් ගිවිසුම දික් නොකරන ලදි.[8] එබැවින් එරෝප්ලේන් ජෙලි සමාගමට නව ගායකයෙකු සොයා ගැනීමට දක්ෂතා ඇගයීමේ තරඟගාවලියක් පැවැත්වීමටද සිදුවිය.ඉන් ජයගත් පස් හැවිරිදි ජෝයි කිං 1937 දී ජිංගල් ගීතය මුල්වරට ගායනා කරන ලදි.[10]

එම දක්ෂතා ඇගයීමේ තරඟාවලියේ තවත් එක් අවසන් තරඟකරුවෙකු වූ සත් හැවිරිදි ටොමි ඩෝස්,එරෝප්ලේන් ජෙලි ඇසුරුම් සඳහා සියුරුවන් බාන කුඩා දරුවකු ලෙස නිරූපණයටත් එහි ප්‍රචාරණ කටයුතු සඳහාත් යොදා ගැනීමට ඇපල්රොත් මහතා විසින් තෝරා ගන්නා ලදි.ඩෝස් පවසන පරිදි අවසන් තරඟකරුවෙකු ලැබුණු බ්‍රිතාන්‍ය කාසි 10 හා තීන්ත රඳවනය බ්‍රිතාන්‍ය කාසි 10 හා තීන්ත රඳවනයක් හැරෙන්න ඹහුට එහි නිරූපණය සඳහා කිසිවක් ලැබී නැත.තවද "මාහට නිරූපණය සඳහා කිසිවක් නොලැබුණත් මාගේ රුව එසේ දැකීමට දැඩි ලෙස ආශා කරන අතර මා ඒ සඳහා කිසිඳු මුදලක්ද බලාපොරොත්තු වන්නේද නැත තවද මා සැමදා එරෝප්ලේන් ජෙලි කොල්ලා ලෙස හඳුන් වන්නේ නම් ඉතා ආශා කරන බවද පවසා ඇත".[2]

1966 වර්ෂයේදී ජිංගල් ගීතය ග්‍රීක,ඉතාලි,රුසියානු හා යුගොස්ලේවියානු භාෂා වලින් පටිගත කළ අතර ඕස්ට්‍රේලියාවේ ජනවාර්ගික කණ්ඩායම්[11] .[2]ඉලක්ක කොටගෙන කරන ලද ප්‍රථම වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය ද විය.ජිංගල් ගීතයේ සංස්කරණයන් ඇන්ඩෲස් සහෝදරියන් සහ වික්ටර් බෝර්ජ්[2] විසින් පටිගත කරන ලදි.1940 කාල වකවානුවේ මුල් භාගයේදි දිනකට 100 වරකට අධික ප්‍රමාණයක් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරණය කෙරුනු අතර ඕස්ට්‍රේලියාවේ[2] දිගුකලක් ජනප්‍රිය වූ ගීතයක් බවටද පත්විය.අනතුරුව 2003 වර්ෂයේදී ඹවුන්ගේ 75 වන සංවත්සර සැමරුමත් සමඟම ස්ටාර්ලයිට් ළමා අරමුදලට ආධාර පිණිස ජාතික මට්ටමේ තරඟගාවලියක් සංවිධානය කරන ලදි.[12] මැක්ක්‍රොමික්හි නියෝජිත පවසන පරිදි මේ සඳහා අති විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත.[11]පසුව තරඟගාවලිය ජය ගත් ක්වීන්ස්ලැන්ඩ්හි පල්ම් බීච් ස්ටේට් පාසල හා අනුශුරයන් වු වික්ටෝරියාවේ පර්ක් රිඩ්ජ් ප්‍රාථමික පාසල ජිංගල් ගීතය නැවත පටිගත කරන ලදි.[13]

බ්‍රිස්බන් ප්‍රචාරණ ආයතනය විසින් එරෝප්ලේන් ජෙලි ජිංගල් ගීතය පසුගිය අවුරුදු 40 තුළ නිර්මාණය වු ගී අතුරින් වඩාත් ශ්‍රේෂ්ඨ හා වඩාත් ජනප්‍රිය වු එමෙන්ම මොර්ටින්සමාගමේ "ලුයී ද ෆ්ලය්" ජිංගල් ගීතයට[14] දෙවැනි වු සාර්ථක නිර්මාණයක් නම් කරන ලදි.2008 වර්ෂයේ ජුනි මස ජෝයි කිං විසින් ගායනා කරන ලද ජිංගල් ගීතය ජාතික චිත්‍රපට හා නාද ලේඛනාගාරයේ ඕස්ට්‍රේලියානු නාද නාම ලේඛනයට ඇතුලත් කරන ලදී.[15][16]

බර්ටි හෙවත් පසුකාලීනව හැඳින්වූ බර්ට් ඇපල්රොත් 1942[13]දී ගුවන්යානය තම එරෝප්ලේන් ජෙලි නිෂ්පාදනයේ මංගල වස්තුව ලෙස හඳුන්වා දුන්නේය.බර්ටි එරෝප්ලේන් ජෙලි ජිංගල් ගීතය සිනමා ප්‍රචාරණයේද[17] ගායනා කළ අතර පසුව රූපවාහිනි ප්‍රචාරණයෙන් හා 1996 වර්ෂයේදී ඇසුරුම්කරණයෙන් හා එරෝප්ලේන් ජෙලි වෙබ්අඩවියෙන් නැවත පෙනීසිටින ලදි.[18]

නිෂ්පාදිත[සංස්කරණය]

ඕස්ට්‍රේලියානු ජෙලි කර්මාන්තයෙහි වටිනාකම දළ වශයෙන් වසරකට මිලියන $21  වන අතර, එරෝප්ලේන් ජෙලි වෙළෙඳපොල ප්‍රමුඛයා වෙමින් 25% කොටසකට හිමිකම් කියයි.[19] සෑම වසරකදීම එරෝප්ලේන් ජෙලි පැකට් මිලියන 19 කට අධික ප්‍රමාණයක් විකිණෙයි.[2]එරෝප්ලේන් ජෙලි නිෂ්පාදන අතුරින් රතු පැහැති ජෙලි සඳහා වැඩි ඉල්ලුමක් පවති අතර වසරකට ආසන්න වශයෙන් මිලියන 2ක් විකිණෙයි.නව නිපැයුමක් ලෙස 1953 වර්ෂයේදී අඩු කැලරි සහිත ජෙලි ප්‍රථමවරට ඕස්ට්‍රේලියානු වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදි.[20] පසුව ඕස්ට්‍රේලියානු ද්වීශත වර්ෂ සැමරුමත් සමඟ 1988 වර්ෂයේදී එරෝප්ලේන් ජෙලි,ලිල්ලී පිල්ලී,කොන්ඩං,මිඩ්ජින් බෙරි වැනි විශේෂ රසයන් වලින් ලබාගත හැකි වු අතර 1992 වනවිට මෙම රසයන් කල් ඉකුත් විය.වර්තමාන එරෝප්ලේන් ජෙලි හිමිකාරත්වය ඇමරිකානු සමාගමක් වන මැක්ක්‍රොමික් ආහාර සතුය.වෙළෙන්ඳන්ගේ හිමිකාරත්වයට පත්විය.[20]

ආශ්‍රිත[සංස්කරණය]

  1. එරෝප්ලේන් ජෙලි - එබවුට් අස්
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 ෆ්‍රිත්, මැක්සින් (2007-10-14). "ගුවන්යානයක් සියුරුවන් බාන කුඩා පිරිමි දරුවා". පුවත්. සන් හරල්ඩ්. p. 41. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. චිත්‍රපට හා නාද ලේඛනාගාරය: එරෝප්ලේන් ජෙලි ඕස්ට්‍රේලියානු මාර්ගගත තිරයෙන්[permanent dead link]
  4. 4.0 4.1 4.2 බර්න්ටන්, පෝල්. "ඇපල්රොත්, ඇඩෝල්ෆුස් හර්බට් ෆේඩ්‍රික් නොර්මන් (1886 - 1952) Biographical Entry". ඕස්ට්‍රේලියානු මාර්ගගත ජිවන කථා විශ්වකෝෂය. සම්ප්‍රවේශය 2008-06-06.
  5. බර්බරි, රොචෙල් (1994-09-02). "US gets the taste for an Australian icon". පුවත්. The Age. p. 1. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  6. "NSW: Aeroplane Jelly makers relocate to Vic, lose 34 NSW jobs". ඕස්ට්‍රේලියානු මුද්‍රණාලයේ සාමාන්‍ය පුවත්. 2006-02-01.
  7. "Lenertz". ඕස්ට්‍රේලියානු සංගිතය. 2002-01-29. සම්ප්‍රවේශය 2008-06-06.
  8. 8.0 8.1 "එරෝප්ලේන් ජෙලි දැරිය කිසිදා ළමා තරුව ක් නොවේ". පුවත් සහ ගුණාංග. සිඩ්නි මොර්නිං හරල්ඩ්. 1988-11-14. p. 2. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  9. ටොටාරෝ, පඹ්ලා (1988-10-31). "අප සැමට එය ගායනා කළහැක නමුත් එය සැබැවින්ම කවුරුන් ලියන ලද්දක්ද?". පුවත් සහ ගුණාංග. සිඩ්නි මොර්නිං හරල්ඩ්. p. 2. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  10. "එරෝප්ලේන් ජෙලි ගීතයේ ගායකයා මරණයට පත්වේ". ඩේලි ටෙලිග්‍රෑම්. 1996-08-09. p. 15. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  11. 11.0 11.1 "ලිට් ලෝන්ච්". ආහාර සතිය. 2002-10-14. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  12. "ඹබ ආශා කරයි මෙම විසංවාදයට". Mt Druitt Standard. 2002-09-04. p. 24. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  13. 13.0 13.1 "Icon's change of tune". ෆෙයාර්ෆීල්ඩ් අඩ්වාන්ස්. 2003-01-29. p. 15.
  14. කොච්, ජැක්සින්ටා (1999-11-30). "Louie tops ad poll ... but wait, there's more". ක්විරිය මේල්. p. 7. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help); line feed character in |title= at position 14 (help)
  15. "2008 සංස්කරණය". ජාතික චිත්‍රපට හා නාද ලේඛනාගාරය. සම්ප්‍රවේශය 2008-06-20.
  16. එඩ්වඩ්ස්, මයිකල් (2008-06-19). "Aussie sounds protected forever". ABC Radio AM Program. සම්ප්‍රවේශය 2008-06-20.
  17. "Gazing into a jelly crystal's past". හරල්ඩ් සහ වීක්ලි ටයිම්ස්. 2000-07-19. p. 76. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  18. "එරෝප්ලේන් ජෙලි දත්ත සටහන" (PDF). එරෝප්ලේන් ජෙලි. 2011-07-06 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-26.
  19. වයිට, ලින් (2002-09-02). "Music quest mark's icons 75th". ආහාර සතිය. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  20. 20.0 20.1 "එරෝප්ලේන් ජෙලි ටයිම්ලයින්". එරෝප්ලේන් ජෙලි. 30 October 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-26. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)

විකිණුම් දත්ත - සිනොවේට් ඇස්ටෙක් MAT 12 ජූනි 2011

"https://si.wikipedia.org/w/index.php?title=එරෝප්ලේන්_ජෙලි&oldid=591548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි