Jump to content

එක්සත් ජාතීන්ගේ දිනය

විකිපීඩියා වෙතින්
එක්සත් ජාතීන්ගේ දිනය
නිල නාමයඑක්සත් ජාතීන්ගේ දිනය
වෙනත් නම්එ.ජා. දිනය
සමරනු ලබන්නේලෝකව්‍යාප්ත
වර්ගයඑක්සත් ජාතීන්
සැමරුම්රැස්වීම්, සාකච්ඡා, ප්‍රදර්ශන, සංස්කෘතික දර්ශන
දිනය24 ඔක්තොම්බර්
Frequencyවාර්ෂික
Related toලෝක සංවර්ධන තොරතුරු දිනය

1947දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සංවත්සරය ලෙසින්, ඔත්තොම්බර් 24 නම් කරන ලද අතර, "එක්සත් ජාතීන්ගේ අපේක්ෂාවන් සහ මස්තකප්‍රාප්තීන් පිළිබඳ ලොව ජනයා දැනුවත් කිරීමටද එහි කාර්යයන් සඳහා ඔවුන්ගේ සහයෝගය දිනාගැනුමටද" එදින භාවිතා කරතැයි බලාපොරොත්තු වෙයි. [1]

1971දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තවත් යෝජනාවක් සම්මත කර ගනිමින් (එක්සත් ජාතීන්ගේ යෝජනාව 2782) ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් විය යුතු බවත්, සියළු එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් එය රජයේ නිවාඩු දිනයක් ලෙසින් එය සැමරිය යුතු බවත්ය. [2]

එක්සත් ජාතීන්ගේ දිනය කැප කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේක්ෂාවන් හා මස්තකප්‍රාප්තීන් පිළිබඳව ලොව ජනයා දැනුවත් කිරීම සඳහාය. එක්සත් ජාතීන්ගේ දිනය, ඔක්තොම්බර් 20 දින සිට 26 දා දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සතියෙහි කොටසකි.

සිහිකිරීම්

[සංස්කරණය]

ලොව පුරා එක්සත් ජාතීන්ගේ දිනය සාම්ප්‍රදායිකව පවත්වන ලද්දේ, සංවිධානයේ අපේක්ෂාවන් හා මස්තකප්‍රාප්තීන් පිළිබඳ රැස්වීම්, සාකච්ඡා සහ ප්‍රදර්ශන සමගිනි. 1971දී, මහා මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබුවේ සාමාජික රාජ්‍යයන් විසින් එය රජයේ නිවාඩු දිනයක් ලෙසින් සැමරිය යුතු බවයි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=එක්සත්_ජාතීන්ගේ_දිනය&oldid=352997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි