එක්සත් ජනපද ඉතිහාසය - සිවිල් යුද්ධය පැවති යුගය (1849 – 1865)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගෙටිස්බර්ග් සටන - ඇමෙරිකානු සිවිල් යුද්ධයෙහි අති දරුණුම යුද්ධය සහ කඩ ඉම

19 වෙනි ශත වර්ෂයේ මැද භාගයේ, රජය, ආර්ථිකය, සමාජය සහ අප්‍රිකානු ඇමෙරිකානු වහල් සේවය සම්බන්ධ කටයුතු වලදි මූලික වෙනස්කම් ගැන එකඟතාවයකට පැමිණීමට උතුරේ සහ දකුණේ සුදු ඇමෙරිකානුවන් අපොහොසත් වූහ. නව ප්‍රදේශ වල වහල් සේවය පිළිබඳ ගැටලුව 1850 දි විසඳුනේ සමථයක‍ට පත් වීමෙනි. මේ සඳහා මැදිහත් වී කටයුතු කළේ ලිබරල් පාක්ෂික හෙන්රි ක්ලේ සහ ඩිමොක්‍රටික් පාක්ෂික ස්ටීවන් ඩග්ලස් විසිනි. මෙම සමථයට කැලිෆොර්නියාව නිදහස් ජන පදයක් ලෙස පිළිගැනීමට සහ පලායන වහලුන් පිළිබඳ පනතින් වහල් හිමියන්ට පැන යන වහලුන් නැවත ලබා ගැනීම පහසු කිරීමද ඇතුළත් විය. 1854 දී සංගමයේ සෑම අලුත් ජනපදයක්ම වහල් සේවය ගැන ඔවුන්ගේ ස්ථාවරය ඔවුන්ටම තීරණය කිරීමට ඉඩ කඩ සළසා දෙමින් යෝජිත කැන්සාස් - නෙබ්රස්කා පනතින් මිසූරි සමථය අවලංගු කරන ලදි. ඒබ්‍රහම් ලින්කන් 1860 දි මැතිවරණය දිනීමෙන් පසු 1860 අවසානයේ සහ 1861 අතර කාලයේ දකුණේ ජනපද එකොළහක් සංගමයෙන් ඉවත් වූයේ 1861 පෙබරවාරි 8 වෙනි දින (කොන්ෆෙඩරේට් ස්ටේට්ස් ඔෆ් ඇමෙරිකා) ඇමෙරිකා ජනපද සන්ධානය නම් කැරළිකාර රජයක් පිහිටුවා ගනිමිනි.

1860 වන විට මිලියන 4 කට ආසන්න වහලුන් සංඛාවක් එක්සත් ජනපදය තුල වාසය කළහ. එම ප්‍රමාණය 1790 සිට 8 ගුණයකින් වැඩි වීමකි. මෙම කාල සීමාව තුල එක්සත් ජනපදයේ කපු නිෂ්පාදනය එක් දහසේ සිට මිලියනයකට ආසන්න ප්‍රමාණයකට විශාල දියුණුවක් ලැබීය. වහල් කැරළි කීපයක්ද හටගත් අතර ඒවා මෙහෙයවන ලද්දේ ප්‍රෝබ්‍රියෙල් ප්‍රොයර් (1800) ඩෙන්මාර්ක් වෙසෙයි (1822) සහ නැට් ටර්නර් (1831) යනාදින් විසිනි. එහෙත් මෙම කැරළි සියල්ලම අසාර්ථක වූ අතර දකුණේ වහල් පාලනය ඉන් පසු දැඩි විය. නීති අවලංගු කිරීමට ප්‍රයත්න දැරූ සුදු ජාතිකයෙකු වූ ජෝන් බ්‍රවුන් විසින් වර්ජිනියාවේ හාර්පස් ෆෙරි හි රඳවා සිටි කලු වහලුන් පිරිසක් නිදහස් කර ගැනීමට උත්සාහ කරනු ලැබූවේය. එහෙත් ඔහු අසමත් විය. මෙම ක්‍රියා වෙහි ප්‍රථිපලයක් ලෙස ඔහු ඝාතණය කරනු ලැබීය. අමාත්‍ය ලීමන් බීචර්ගේ දියණිය වූ හැරිසට් බීචර් ස්වොච් 1852 දී අංකල් ටොම්ස් කැබින් (Uncle toms Cabin) නම් නව කථාව ප්‍රසිද්ධියට පත් කළාය. මෙය ලියන ලද්දේ පලායන වහලුන් සම්බන්ධ පනතේ (Fugitive slave Act) වගන්තියට ප්‍රතික්‍රියා දැක්වීමක් වශයෙනි. මෙම ග්‍රන්ථය පල කිරීමෙන් ඇගේ අභිප්‍රාය වූයේ වහල් භාවයේ කෲර බව පිළිබඳ ඇගේ මතය එළි දැක්වීමයි. එම ග්‍රන්ථය ප්‍රකාශිත මුල් වසරේදීම පිටපත් 300,000 ක් අලෙවි විය. බොහෝ වහල්ලු ඔවුන්ගේ ස්වාමිවරුන්ගෙන් මිදි “පොළව යට රේල් පාර” (Undergruond Railroad) උපයෝගි කර ගනිමින් පලා ගියහ. මෙම වචනය එම මාර්ගය හැඳින්වීමට ඔවුන් යොදා ගත් යෙදුමකි. මෙහිදි පෙර කී නීති අවලංගු කිරීමට ප්‍රයත්න දැරු කණ්ඩායම් විසින් එම වහල්ලුද (Free State) නිදහස් ජනපද යයි හඳුන්වන ලැබු පෙදෙස් කරා රහසින් ගෙන යනු ලැබූහ. මෙහි ඉතා ප්‍රසිද්ධ නායකයා වූයේ හැරියට් ටබ්මන්ය

සංගමය - නිල්, කහ, අලු :සන්ධානය-ගුරු

සන්ධානයේ හමුදා නායක පියරේ බියුරේ ගාඩ් විසින් සන්ධාන ජනපදයක් වූ දකුණු කැරොලිනා වේ සම්ටර් කොටුවට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිවිල් යුද්ධය ආරම්භ විය. වර්ජිනියාවේ වයඹ කොටස සමග වඩාත් උතුරේ පිහිටි වහල් ජනපද පහෙන් හතරක් වෙන් නොවුනු අතර ඒවා මායිම් ජනපද ලෙස හැඳින්වීමට පටන් ගැනින. ජෙනරාල් රොබට් ඊ ලී උතුරු වර්ජිනියා හමුදාවේ 55000 ක මිනිසුන් පොටොමැක් ගඟ හරහා මේරිලන්ඩ් වෙත යැවූ අවස්ථාවේ (Second bull run මගින් ) ධෛර්ය ලැබූ සන්ධානය ඔවුන්ගේ ප්‍රථම උතුරු ආක්‍රමණය සිදු කළහ. මේරිලන්ඩ් හි ෂාප්ස්බර්ග් අසළ 1862 සැප්තැම්බර් මස 17 වෙනි දින සිදු වූ ඇන්ටියටම් සටන (Battle of Antietam) ඇමෙරිකන් ඉතිහාසයේ සඳහන් වන්නේ අති දරුණු කෲර දිනයක් වශයෙනි.

1864 වර්ෂය ආරම්භයේ ලින්කන් විසින් සමස්ථ සමූහාණ්ඩුවේ (Union) අණ දෙන නිලධාරියා ලෙස ජෙනරල් යුලිසස් එස්. ග්‍රාන්ට් පත් කළේය. ජෙනරල් ටෙකුම්සේ ෂර්මන් ටෙනසිහි චත්තනුගා සිට ජොර්ජියාවේ ඇට්ලන්ටා වෙල ගමන් කළේ සන්ධානයේ ජෙනරාල් වරුන් වන ජෝෂප් ඊ ‍ෙජාන්ස්ටන් සහ ජොන් බෙල් හුඩ් පරාජය කරමිනි. ෂර්මන්ගේ හමුදාව (March to Sea නම්) මුහුද කරා කළ මෙහෙයුමේදි ජොර්ජියාවේ ගොවිපල වලින් 20% ක ප්‍රමාණයක් විනාශ කරන ලදි. පසුව ඔහු 1864 දෙසැම්බරයේදි සැවනා හිදි අත්ලාන්තික් සාගරයට ළඟා විය. ලී ඔහුගේ උතුරු වර්ජිනියා හමුදාව 1865 අප්‍රේල් 9 දින යටත් කළේය.

ජෙනරල් කස්ටර්ගේ ලිට්ල් බිග් සටනේ අන්තිම නැවතීම