උස්සංගොඩ

විකිපීඩියා වෙතින්
උස්සංගොඩ

උස්සන්ගොඩ වනාහි දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. කොළඹ - වැල්වාය (AA2) මාර්ගයේ නෝනාගමට සමීපව පිහිටා ඇත.

අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි.

පාශාණ[සංස්කරණය]

උස්සංගොඩ පොළොව

වර්ණය[සංස්කරණය]

උස්සංගොඩ පොළොව ඇල්ලූ පසු පාට ගෑවුනු අතක්

පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි.

යකඩ[සංස්කරණය]

උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය.

රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි. ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය.

ජීවීන්[සංස්කරණය]

ශාක[සංස්කරණය]

උස්සංගොඩ ශාක වැවෙන්නේ ඉතාම මද වශයෙනි.

උස්සංගොඩ ශාක වැවෙන්නේ ඉතාම මද වශයෙනි. ඒවාද මෙවැනි ඉතා කුඩා පැලෑටි වේ

සත්තු[සංස්කරණය]

ජනප්‍රවාද[සංස්කරණය]

කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද සකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි. උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.

උස්සංගොඩ ජාතික වනෝද්‍යානය[සංස්කරණය]

උස්සංගොඩ සහ ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රි.ව.2010දී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කෙරිනි.

"https://si.wikipedia.org/w/index.php?title=උස්සංගොඩ&oldid=589086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි