උලත් එකයි පිලත් එකයි

විකිපීඩියා වෙතින්
උලත් එකයි
පිලත් එකයි
Ulath ekayi.jpg
අධ්‍යක්ෂණයහර්ෂ උඩකන්ද
නිෂ්පාදනයදමිත් චමින්ද රණසිංහ කේ.ජේ.ඒ. නිශාන්ත
තිර රචනයප්‍රසාද් සමරතුංග
රංගන ශිල්පීන්රොෂාන් රණවන

දර්ශන් ධර්මරාජ් දමිතා අබේරත්න

රජිත හිරාන්
සංගීතයනිරෝෂන් ඩ්‍රිම්ෆ්
සිනෙමාරූපණයඩොරික් සමරසුන්දර
සංස්කරණයතිවංක අමරතුංග
දිවෙන කාලයමිනිත්තු 145
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

කතා සාරංශය[සංස්කරණය]

වනාතේ රොෂාන් සිතා සිටින්නේ ඔහු ගමේ චණ්ඩියා කියාය. ඔහු වටපිටාවේ අය සමඟ නිතර ගැටුම් ඇති කර ගන්නේ පුරුද්දට මෙනි. රොෂාන් ලෙස නම තිබුණත් වැඩි දෙනෙකු ඔහුව හඳුන්වන්නේ රෝෂා කියාය. ලොවට චණ්ඩියෙකු මෙන් පෙළහරපෑව ද රෝෂා යනු කාසියක් බිම වැටෙන ශබ්දයකට වුව ද ගැස්සෙන අයකු බව දන්නේ ඔහුගේ ගෙදර අය පමණි. රෝෂාට නැගණියක් සිටියි. සුරූපී බවින් අගතැන්පත් ඇය රුක්ෂානාය. ඇයගේ ආදරය පතා තරුණයකු පැමිණෙයි. ඔහු නළු උණ ඇත්තෙකි. නමින් රජියාය. රජියාට රෝෂා කැමැති නැත. ඔහු රුක්ෂානාගේ පසුපස පැමිණීම රෝෂාට නොරිස්සුම් කරුණකි. කිහිප වතාවක්ම රෝෂා රජියාට තර්ජනය කළ ද රජියා රෝෂාගේ වදන් කනකටවත් ගන්නේ නැත. අවසනදී රෝෂා රජියාට අභියෝගයක් එල්ල කරයි. ඉන් ජය ගතහොත් නිසැකවම රැක්ෂානාව විවාහ කරදෙන බව රෝෂා කියයි. එම අභියෝගය වනුයේ ගමම ඉදිරියේ රෝෂාව පරාජය කිරීමය. තමන් රෝෂා ඉදිරියේ ඇඟපතින් වුව ද කුරුමිට්ටෙකු වූ රජියා රුක්ෂානාට ඇති ආදරය නිසා එම අභියෝගයට කැමැති වෙයි. කෙසේ වෙතත් මුළු ගමම ඉදිරියේ රජියා රෝෂාට පරාජය වෙයි. ලැජ්ජාව දරාගත නොහැකිව රජියා කැලෑ පාරකින් නිවසට ඒමට තීරණය කරයි.

එම රාත්‍රියේදී කරාපිටියේ දර්ශන් නමැති පාතාල නායකයා ගමේ පොලිස් ස්ථානාධිපතිවරයාව රබර් වත්තක් මැද පිහියෙන් ඇන ඝාතනය කරයි. එම සිදුවීම දකින රජියා තිගැස්සෙයි. සුළු මොහොතකින් එතැනට පොලීසියෙන් පැමිණෙන අතර මිනීමැරුම ඇසින් දුටු සාක්ෂිකාරයකු ලෙස රජියාව පොලීසියට රැගෙන යයි. මිනීමරුවාගේ හැඩරුව රජියාට පවසන්න කියා චිත්‍ර ශිල්පියකු එම රූපය ඇඳීමට සූදානම් වෙයි. රජියාට කරාපිටියේ දර්ශන්ගේ රුව පළමුව මැවෙයි. ඒත් සමඟම තමන් ගම ඉදිරියේ අවමානයට පත් කළ රොෂාගේ රුව ද සිහියට එයි. ඔහුට හොඳ පාඩමක් උගන්වමි යැයි සිතා කරාපිටියේ දර්ශන්ගේ රුව වෙනුවට රෝෂාගේ හැඩරුව චිත්‍ර ශිල්පියාට කියයි. එතැන ඇඳෙන්නේ රෝෂාගේ රුවයි. එතැන් පටන් රෝෂාගේ පසුපස පොලීසියෙන් ලුහුබඳියි.[1]

නළු නිළියන්[සංස්කරණය]

  • රොෂාන් රණවන - වනාතෙ රොෂාන්
  • දර්ශන් ධර්මරාජ් - කරාපිටියෙ දර්ශන්
  • රජිත හිරාන් චාමිකර - රජියා
  • දමිතා අබේරත්න
  • කමල් දේශප්‍රිය
  • රමණී සිරිවර්ධන
  • මිහිර සිරිතිලක
  • රුක්ෂානා දිසානායක - රුක්ෂනා
  • ඩිල්ශානි පෙරේරා
  • බියංකා ෆොන්සේකා
  • සමාධි පෙර්රා
  • සැනෙට් දික්කුඹුර
  • නෙතලි නානායක්කාර
  • ප්‍රේමදාස විතානගේ
  1. http://www.sarasaviya.lk/2016/08/18/?fn=sa1608181
"https://si.wikipedia.org/w/index.php?title=උලත්_එකයි_පිලත්_එකයි&oldid=392755" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි