උපායශීලී සැලසුම්කරණය

විකිපීඩියා වෙතින්


උපායශීලී සැලසුම්කරණය.

උපායශීලී සැලසුම්කරණය යනු සංවිධානයක උපක්‍රම හෝ ඉලක්ක පිහිටුවීමේ හා එම උපක්‍රම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නා වු සම්පත් වෙන් කිරිමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියයි. ශ. දු. අ.ත. විශ්ලේෂණය (ශක්තීන්, දුර්වලතා, අවස්ථා, තර්ජන) දේ. ආ. සා.තා. විශ්ලේශණය (දේශපාලනික, ආර්ථික,සමාජීය, සහ තාක්ෂණික) සා. තා. ආ. ප පා. විශ්ලේෂණය (සාමාජීය සංස්කෘතික, තාක්ෂණික,ආර්ථික, පරිසරාත්මක හා පාලනාත්මක) සහ ප.දේ.තො.සා.තා.ආ. විශ්ලේෂණය (පරිසරාත්මක,දේශපාලනික, තොරතුරාත්මක, සමාජීය,තාක්ෂණික සහ ආර්ථික) ආදී විවිධ ව්‍යාපාර විශ්ලේෂණ ක්‍රමයන් උපායශීලී සැලසුම්කරණයේදී භාවිතා කරනු ලැබේ.

උපායශීලී සැලසුම්කරණය යනු, සංවිධානයේ අනාගත ගමන් මගේ විධ්මත් සළකා බැලීමකි. සියලුමඋපායශීලී සැලසුම්කරණයන් යටත් පිරිසෙන් එක් ප්‍රශ්ණයක් සමඟ හෝ ගැටෙනු ලැබේ.

01) අපි කළ යුත්තේ කුමක්ද?

02)කා සඳහා අපි එය කළ යුතුද?

03) අපි විශිෂ්ටත්වය දක්වන්නේ කෙසේද?

ව්‍යාපාර උපායශීලී සැලසුම්කරණයේදී වඩාත් උචිත වන්නේ තෙවැනි වාක්‍ය ඛණ්ඩයයි. එනම් අපි පරාජය කරන්නේ කෙසේද හෝ තරඟකාරිත්වය වළක්වන්නේ කෙසේද න්නයි.

බොහෝ සංවිධානයන් ඔවුන්ගේ දැක්ම විසි වසරක තරම් කාලයක් සඳහා දීර්ඝ කරනු ලැබූවද බොහෝ දුරට මෙය තුන් හෝ පස් වසරක කාලයක් පුරාවට ව්‍යාපාරයේ ගමන් මග තීරණය කිරීමේ ක්‍රියාවලියක් ආකාරයෙන් දැක්විය හැකිය.

ව්‍යාපාරය සිය ගමන් මග තීරණය කිරීම සඳහා එහි නිවරැදි වත්මන් තත්වය දැන සිටීම ඉතා වැදගත් වේ. ඉන් අනතුරුව ව්‍යාපාරය තමන් යා යුතු ස්ථානය තීරණය කල යුතුය. උපායශීලී සැලසුම මෙම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලයයි.

ව්‍යාපාරයේ දැක්ම ඵලදායීව පිහිටුවීම සඳහා උපායශීලී සැලසුම්කරණය භාවිතා කිරීම සත්‍ය කරුණකි.කෙසේ වෙතත් අනාගත වෙළඳපොල තත්වය හා එහි ගැටළුකාරී තත්වය පිළිබඳව අනාවැකි පහල කිරීමට උපායශීලී සැලසුම්කරණයට හැකියාවක් නොමැත. එබැවින් ආකූල ව්‍යාපාර පරිසරයක් තුළ සංවිධානයක් නොනැසී පැවතීම සඳහා උපායශීලී නව්‍යකරණය ප්‍රධාන ප්‍රතිෂ්ඨාවක් වෙනු ලබයි.

දැක්ම, මෙහෙවර සහ වටිනාකම්[සංස්කරණය]

දැක්ම[සංස්කරණය]

දැක්ම යනු සංවිධානයක හෝ ව්‍යවසායක අභිමත හෝ අපේක්ෂිත අනාගත තත්වය පිළිබඳව එහි මූලික අරමුණු සහ උපායශීලී දිශාව මූලික කොට ගෙන ප්‍රකාශ කිරීමයි. එය දීර්ඝ කාලීන දර්ශණයකි. ඇතැම් අවස්ථාවන්වලදී එය සංවිධානය ක්‍රියාත්මක වීමට සුදුසු බාහිර පරිසර ලෝකය පිලිබඳව විස්තර කරනු ලැබේ. නිදසුනක් ලෙස පුණ්‍ය ආයතනයක දැක්ම ලෙස "දිළිඳු කමින් තොර ලෝකයක්" යන්න දැක්විය හැකිය. දැක්ම යනු සමස්ත ආයතනය සදහා මග පෙන්වන ප්‍රකාශයක.

මෙහෙවර[සංස්කරණය]

ගොනුව:Vision poster.jpg

සංවිධානයක හෝ ව්‍යවසායක මූලික අරමුණ මෙහෙවර මඟින් විස්තර කරනු ලැබේ. මූලික වශයෙන්ම ව්‍යාපාරය පවතින්නෙ ඇයිද යන්න මෙහෙවර ප්‍රකාශය මගින් විස්තර කරනු ලැබේ. ව්‍යාපාරයේ දැක්ම මගින් විස්තර කරනු ලබන අවසාන අරමුණ වෙත ලඟා වීම සඳහා ව්‍යාපාරය කුමක් කළ යුතුද යන්න මෙහෙවර ප්‍රකාශය මඟින් විස්තර කෙරේ. සංස්ථාපිත මෙහෙවරක් වසර ගණනාවක් පුරාවට හෝ ව්‍යාපාරයේ සමස්ථ ජීවිත කාලය පුරවටම පැවතිය හැකිය. එය කාලයත් සමඟ දිවෙන ව්‍යාපාරයේ අභිමතාර්ථයන් නොවන නමුදු ව්‍යාපාරයේ මුළු මහත් අරමුණු සියල්ලම පාහේ එහි දැක්ම සමඟ පෙළ ගැසී තිබේ.


වටිනාකම්[සංස්කරණය]

ව්‍යාපාර ගණුදෙනුකරුවන් අතර හුවමාරු වෙනු ලබන විශ්වාසයන් වටිනාකම් ලෙස හඳුන්වනු ලැබේ. වටිනාකම් ව්‍යාපාරයේ සංස්කෘතියට සහ මූලිකත්වයන්ට මග පෙන්වනු ලැබේ.

ක්‍රමවේදයන්[සංස්කරණය]

උපායශීලී සැලසුම්කරණය සඳහා බොහෝ ප්‍රවේශයන් දක්නට හැකිවුවද ප්‍රධාන වශයෙන්ම පියවර 03 කින් සමන්විත වූ ක්‍රියාවලියක් බොහෝ දුරට භාවිතා කරනු ලබයි.

තත්වය - වර්තමාන තත්වය හා එහි ගමන් මග විශ්ලේෂණය කිරීම. ඉලක්ක - අරමුණු හා අභිමතාර්ථ නිර්වචනය කිරීම. [ඇතැම් අවස්ථාවන්වලදි මෙය පරිපූර්ණ තත්වයේ පවතී]

මාර්ගය - අරමුණු හා පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සුඳුසු මාර්ගයක් අනුරූපණය කිරීම.

තවත් විකල්ප මාර්ගයක් ලෙස " අඳින්න, දකින්න, හිතන්න" හැඳින්විය හකිය.

අඳින්න- පරිපූර්ණ වු රූපය හෝ අරමුණුගත අවසාන තත්වය කුමක්ද?

දකින්න- වත්මන් තත්වය කුමක්ද? එම වත්මන් තත්වය සහ අරමුණුගත තත්වය අතර පවත්නා වෙනස කුමක්ද?

හිතන්න- එම කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන සම්පත් මොනවාද?

මේ සඳහා තවත් විකල්ප ප්‍රවේශයකි, දැකීම- සිතීම- ඇඳිම.

දැකීම- වත්මන් තත්වය කුමක්ද?

සිතීම- අරමුණු සහ අභිමතාර්ථයන් නිර්වචනය කිරීම.

ඇඳිම- අරමුණු හා අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා මාර්ගයන් සැකසීම.

වෙනත් ආකාරයකින් විග්‍රහ කලහොත් උපායශීලී සැලසුම්කරණය පහත පරිදි දැක්විය හැකිය.

දැක්ම - අරමුණු හා පරමාර්ථ ධුරාවලියක් සමග දැක්මක් නිර්වචනය කිරීම සහ මෙහෙවර ප්‍රකාශනයක් පිහිටු වීම.

ශ.දු.අ.ත. - අභිමත අරමුණු වලට අනුකූලව විශ්ලේශණයක් කැඳවීම.

ක්‍රමවත් දැක්වීම - මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග සහ ක්‍රියා පටිපාටියක් ක්‍රමවත්ව දැක්වීම.

ක්‍රියාවට නැංවීම- ගිවිසගත් හෝ තීරණය කරගත් ක්‍රියාවලියක් දියත් කිරීම.

පාලනය - ප්‍රතිපලයන් අභිමන්ත්‍රණය කිරීම සහ පාලනය සඳහා ක්‍රියාවට නැංවු ක්‍රියාවලියෙන් ප්‍රතිචාර ලබා ගැනීම.

අවස්ථා විශ්ලේෂණය[සංස්කරණය]

සංවිධානයක් ඔවුන්ගේ උපක්‍රමයන් පිහිටු වීමේදී එහි බාහිර පරිසරය දෙසත්, අනාගත වෙළඳපොල තත්වය දෙසත් අවධානය යොමු කිරීම වැදගත් වේ. බාහිර පරිසරයෙන් එන අවස්ථා හා තර්ජන මෙන්ම අභ්‍යන්තර පරිසරයෙන් එන ශක්තීන් හා දුර්වලතා හඳුනා ගැනීම සඳහා අභ්‍යන්තර මෙන්ම බාහිර මට්ටමෙන්ඳ පරිසර විශ්ලේෂණයන් ක්‍රියාත්මක කළ යුතුය.

බාහිර පරිසර තත්වයන්විශ්ලේෂණය කිරීම සඳහා විව්ධ සාධක භාවිතා කරනු ලැබේ. ඉන් ප්‍රධාන සධාක කිහිපයක් පහත පරිදි පෙළ ගැස්විය හැකිය.

01) වෙළඳපොල -ගණුදෙනුකරුවන්

02) තරඟකාරිත්වය

03)තාක්ෂණය

04)සැපයුම්කරුවන්ගේ වෙළඳපොල

05)ශ්‍රම වෙළඳපොල

06)ආර්ථිකය

07)පාලන පරිසරය

නමුත් මෙම සාධකයන් සියල්ල එකවර වැදගත් වන අවස්ථාවන් දුබලය. ඒවාගේම ප්‍රථම සාධක දෙකවන වෙළඳපොල සහ තරඟකාරිත්වය නොවැදගත් සාධකයන් ලෙස දැකීමද අසාධාරණය.

බාහිර පරිසරය විශ්ලේෂණය කිරීම ගණුදෙනුකරුවා කෙන්ද්‍ර කරගනිමින් බොහෝ විට සිදු කරනු ලබයි. උපායශීලී සැලසුම්කරණය වෙළඳපොල පරිසරය ගැන අවධානය යොමු කරමින් දුර දක්නා නුවණින් කළ යුතුය. ඒවාගේම සංවිධානය ගණුදෙනුකරුවන් තෝරා ගැනීමේදී තමන් සේවය කිරීමට වඩාත් රුචි ගණුදෙනුකරුවන් පිරිසක් තෝරා ගත යුතුය.

මයිකල් පෝටර් නැමති පුද්ගලයා විග්‍රහ කර ඇති පරිදි ඔහුගේ ශදුඅත විශ්ලේෂණය අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය පිණිස යොදා ගනු ලැබේ.

අරමුණු, අභිමතාර්ථ සහ ඉලක්ක[සංස්කරණය]

උපායශීලී සැලසුම්කරණය සියලුම ව්‍යාපාරවල ඉතාම වැදගත් ව්‍යාපාර කටයුත්තක් ලෙස හැඳින්විය හැකිය. රාජ්‍ය අංශයේ ව්‍යාපාරික කටයුතුවලට පවා මෙම උපායශීලී සැලසුම්කරණය ඉතා වැදගත් වේ. උදා:අධ්‍යාපන කටයුතු

මෙම උපායශීලී සැලසුම්කරණය විධිමත් මෙන්ම අවිධිමත් ආකාරයෙන්ද කරනු ලබයි. තීරණය කරගත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා සුදුසු ඵලදායී මාර්ගයක් ගොඩ නගා ගැනීමෙන් අනතුරුව මෙම උපායශීලී සැලසුම්කරණය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය අවසන් වනු ලබයි.

උපායශීලී සැලසුම්කරණයේදී පහත සඳහන් භාවිතයන් සැළකිල්ලට ගනු ලැබේ. එනම් අභිමත,අවසන් තත්වය,සැලසුම්, ප්‍රතිපත්ති, අරමුණු, අභිමතාර්ථ, උපක්‍රමයන්,උපාය මාර්ග සහ ක්‍රියාවලියන්ය. මෙම සුලභ සංකල්පයන් බොහෝ විට නිශ්චිත කාල රාමුවකට යටත්ව අනගත අභිමත ප්‍රතිඵලයන් මුල්කොට ගෙන ක්‍රියාත්මක වෙයි. බොහෝවිට මේවා අරමුණු සහ අභිමතාර්ථයන්ය.

ධූරාවලියක් යනු, අභිමතයන් සැලසුම් කිරීමේ එක් සැකිල්ලකි. ඉහත සඳහන් කරන ලද කරුණු සියල්ල බොහෝදුරට ධූරාවලියක් ආකාරයෙන් අනුපිළිවලට පහත පරිදි සැලසුම් කළ හැකිය. ඉහළ ශ්‍රේණියේ පරමාර්ථ, දෙවන ශ්‍රේණියේ පරමාර්ථ, තෙවන ශ්‍රේණියේ පරමාර්ථ ආදී වශයෙනි. කෙසේවෙතත් ඕනෑම පෙළ ගැස්මක පහළ ශ්‍රේණිය කෙසේද? යන්නට ප්‍රතිවචන දෙනු ලබන අතර ඉහළම ශ්‍රේණිය ඇයි? යන්නට ප්‍රතිවචන දෙනු ලබේ. නමුත් මේ සඳහා ප්‍රතිවචනයක් හෝ පිළිතුරක් නොමැත. ඉහලම ශ්‍රේණියේ පරමාර්ථ විග්‍රහ කරනු ලැබ ඇත්තේ මේ ආකාරයෙනි.

මිනිසුනට එකම අවස්ථාවක විවිධාකාර වු අරමුණු තිබිය හැකිය. "අරමුණු අනුරූපතා" සංකල්පයෙන් විස්තර කරනු ලබන්නේ මෙම අරමුණු අතර පවතින දැඩි සබඳතාවයයි. එය "ඒ" නැමති අරමුණ "බී" නැමති අරමුණ සමඟ පවතින අනුරූපතාව කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. අරමුණු ධූරාවලියක් එක් අරමුණක් තුළ ඇති තවත් අරමුණු සමූහයක එකතුවකින් සැදුම්ලත් වේ.

කෙටි කාලීන, මධ්‍යම කාලීන හා දිගු කාලීන අරමුණු පිහිටුවා ගැනීම ව්‍යාපාරයක සාර්ථකත්වයට හේතු වේ. එමගින් ව්‍යාපාරයට තම කෙටි කාලීන අරමුණු වලට ඉක්මනින් ලඟාවීමේ හැකියාව ලැබෙනු ඇත. නමුත් තම දිගු කාලීන අරමුණු වලට ලඟා වීම තරමක් අසීරු කාර්යයක් ලෙසට ව්‍යාපාරයට පෙනීමට පුළුවන. මන්දයත් තමා විසින්ම එම දිගු කාලීන අරමුණු විශේෂයෙන්ම ලඟා කර ගැනීම අසීරු කාර්යයක් ලෙසට නිර්වචනය කර ගැනීමයි. අරමුණු අනුක්‍රමය යනු එක් අරමුණක් ඉටු කර ගැනීම තවත් අරමුණකට පියවරක් ලෙස සැළකීමයි. මෙය තරමක් වැදගත් වු සංකල්පයකි. මන්දයත් ව්‍යාපාරයකට සිය අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙය මග පෙන්වන බැවිනි. පළමුවෙන්ම කෙටි කාලීන අරමුණු ඉටු කර ගැනීමත් සමඟ ව්‍යාපාර ආයතනය ක්‍රමයෙන් සිය අනෙකුත් අරමුණු ඉටු කර ගැනීම සඳහා යොමු වේ. ව්‍යාපාරයක් සිය අරමුණු හා අභිමතාර්ථ නිසි පරිදි එකිනෙක අතර ගැටීමක් ඇති නොවන පරිදි පිහිටු විය යුතුය. එක් ව්‍යාපාර කොටසක ව්‍යාපාර කොටසක අරමුණු අනෙකුත් ව්‍යාපාර කොටස්වල අරමුණු සමඟ අනුරූප විය යුතුය.

මෙහෙවර ප්‍රකාශනය සහ දැක්ම ප්‍රකාශනය[සංස්කරණය]

ගොනුව:VissionNmission.jpg

ව්‍යාපාර ආයතනයන් සිය අරමුණු සහ අභිමතාර්ථයන් මෙහෙවර ප්‍රකාශනයට හෝ දැක්ම ප්‍රකාශනයට සාරාංශ ගත කළ යුතුය. එසේ නොවේ නම් ඔවුනට ප්‍රථමයෙන් දැක්ම සහ මෙහෙවර ප්‍රකාශනයන් සකස් කර ඉන් අනතුරුව සිය අරමුණු සහ පරමාර්තයන් ඒ ඇසුරින් ක්‍රමවත්ව ගොඩ නැංවිය යුතුය.

බොහෝ උපක්‍රම සැකසීමේ විශේෂඥවරුන් පවසන්නේ ලිඛිත මෙහෙවර ප්‍රකාශනයක් තබා ගැනීම වඩාත් උචිත වන බවයි. කෙසේවෙතත් එය අනිවාර්ය නොවේ.

බොහොමයක් උපක්‍රමශීලී සැලසුම්කරණය සඳහා භාවිතා කරනු ලබන ආකෘතියන් ආරම්භ වනු ලබන්නේ මෙහෙවර ප්‍රකාශනයත් සමඟය. එම නිසා උපක්‍රම සැලසුම්කරණයට ප්‍රථමයෙන්ම ව්‍යාපාරය සඳහා මෙහෙවර ප්‍රකාශනයක් ගොඩ නැංවීම වඩාත් උචිත වේ.

මෙහෙවර ප්‍රකාශනය මගින් ව්‍යාපාරයේ මූලිකම අරමුණ විස්තර කරනු ලබයි. එය ව්‍යාපාරයේ ගණුදෙනුකරුවා පිළිබඳ මෙන්ම අර්බුදකාරී තත්වයන් පිළිබඳවද ව්ග්‍රහ කරනු ලබයි. මෙහෙවර ප්‍රකාශනයක් තුළින් අපට ව්‍යාපාරයේ අභිමත කාර්ය ඵලය පිලිබඳව අවබෝධයක් ලබා ගත හැකි වෙයි.

දැක්ම ප්‍රකාශනය මගින් ව්‍යාපාරයේ අවශ්‍යතාවය නිරූපණය කරනු ලබයි. එය ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරනුයේ අනාගතය කෙරෙහිය. එය අනුප්‍රාණයේ මූලාශ්‍රයකි. දැක්මක් මගින් ව්‍යාපරයට ප්‍රධාන ආර්ථික තීරණ ගැනීම සඳහා දළ සැලැස්මක් පෙන්නුම් කරයි.

මෙහෙවර ප්‍රකාශනයක් මගින්ව්‍යාපාරයේ ගණුදෙනුකරුවන් වන කළමණාකරුවන්, සේවකයින් සඳහා වටිනාකමක් ගෙන එනු ලබයි. එය ව්‍යාපාරය සඳහා මග පෙන්වීමකි. මේ සියලුම දේ උපක්‍රමශීලී සැලසුම්කරණයක් සඳහා අත්‍යවශ්‍ය වේ.

බොහෝ මිනිසුන් දැක්ම සහ මෙහෙවර වැරදි ආකාරයෙන් තේරුම් ගනු ලබයි. දැක්මක් මගින් ව්‍යාපාරය සිය මෙහෙවර මුදුන් පමුණුවා ගතයුතු වන්නේ ඇයිද යන්න විස්තර කෙරෙනවා. දැක්මක් ඉතා දිගු කාලීන වන අතර ඉතා පුළුල් සංකල්පයකි. නමුත් මෙහෙවර ඉතා නිශ්චිතය. එය නිසැකවම ව්‍යාපාරයට ලබා ගත හැකි දේ පිලිබඳව විස්තර කරයි. සිය මෙහෙවර මුදුන් පමුනුවා ගැනීම තුලින් ව්‍යාපාරයට සිය දැක්ම ද ලඟා කරගත හැකි වේ.

සමහර ව්‍යාපාරයන්හි මෙහෙවර මෙන්ම දැක්ම ද සමාන ස්වරූපයක් ගනු ලබයි. එය ව්‍යාපාරයේ පරිහානියට හේතු වේ. එය ගණුදෙනුකරුවා තුළ ව්‍යාපාරය පිළිබඳව වැරදි ආකල්පයන් ඇති කිරීමට හේතු වේ. ව්‍යාපාර පරමාර්ථයන් පහත ලක්ෂණ වලින් සමන්විත විය යුතුය.


01) නිශ්චිත බව

02) මැනියහැකි බව

03)ලඟා වියහැකි බව

04)අදාළ බව

05)කාල රාමුවකට යටත් වීම


ප්‍රථමයෙන් දැක්මද? නැතිනම් මෙහෙවරද? ඔබ අළුතින්ම ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් හෝ නව ව්‍යාපාර කටයුත්තක් සැලසුම් කරන්නේ නම් හෝ ඔබ ප්‍රථමයෙන් ඔබේ දැක්ම ගොඩ නගා ගෙන ඉන් අනතුරුව දැක්ම තුළින් අනිකුත් පියවරවලට යාම සුදුසුය. නමුත් ඔබේ ව්‍යාපාරය සඳහා දැනටමත් ඔබ මෙහෙවරක් ගොඩ නගා ගෙන තිබේ නම් ඔබට ඒ තුළින් තම පිහිටුවාගෙන තිබෙන දැක්ම වෙනස් කරගත හැකි වේ. මෙම කුමන ක්‍රමයක් අනුගමනය කලද උපායශීලී සැලසුම්කරණයට පෙර ඔබ් ඔබේ අභ්‍යන්තර ශක්තීන්, දුර්වලතා හා බාහිර තර්ජන, අවස්ථාවන් පිලිබඳව පුළුල් විශ්ලේෂණයක් කල යුතුය.

යහපත් දැක්මක ලක්ෂණ

01) පැහැදිලි සහ ව්‍යාකූල බවින් තොර වීම

02) ප්‍රාණවත් සහ නිරවුල් භාවය

03) විස්තරාත්මක බව

04) මතකයේ රැදෙන සුළුභාවය

05) යතාර්ථවාදී බව

06) ව්‍යාපාර වටිනාකම් සහ සංස්කෘතිය සමඟ ගැලපෙනභාවය


ව්‍යාපාරයක සාර්ථකත්වය සඳහා සංවිධානයේ වටිනාකම් සහ සංස්කෘතිය ව්‍යාපාරයේ දැක්ම සමඟ අනුරූප විය යුතුය. ව්‍යාපාර කළමනාකරණය මෙම පිහිටුවාගත් දැක්ම සහ ව්‍යාපාර අභිමතාර්ථයන් නිරන්තරයෙන්ම ව්‍යාපාරය තුළත් ඉන් පිටතත් සන්නිවේදනය කළ යුතුය. එමෙන්ම නව කෙටි කාලීනඅරමුණු හඳුන්වාදීමත් එම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ව්‍යාපාර සේවකයින් උනන්දු කරවීම ද ව්‍යාපාර කළමනාකාරිත්වයේ වගකීමකි. ඊට අමතරව මෙහෙවර ප්‍රකාශය අභ්‍යන්තර මෙන්ම බාහිර තක්සේරුකරණයට යටත් විය යුතුය. අභ්‍යන්තර තක්සේරුකරණය අභ්‍යන්තර ව්‍යාපාරයේ පාර්ශව‍ය දෙස අවධානය යොමු කළ යුතු වන අතර බාහිර තක්සේරුකරණය බාහිර ගණුදෙනුකරුවන් පිලිබ්ඳව අවධානය යොමු කළ යුතුය. මෙම තක්සේරුකරණයන් තුළින් ව්‍යාපාරයේ මෙහෙවර ප්‍රකාශනයේ සාර්ථකත්වය ගැන අවබෝධයක් ලබා ගත හැකි වෙයි.

පහත සඳහන් ප්‍රධාන ප්‍රශ්ණන් දෙක සඳහා පිළිතුරු සැපයීමෙන්ද මෙහෙවර සහ දැක්ම පිහිටුවීම සඳහා ආරම්භයක් ලබා ගත හැකි වේ. එනම් පළමුව ව්‍යාපාරයට සිය ක්‍රියාකාරී පරිසරය කෙරෙහි පවතින්නේ කුමන අභිලාශයන්ද සහ එම පරිසරය කෙරෙහි බලපෑම් කිරීමට තමා තුළ කිනම් හැකියාවක් තිබේද යන්නයි. දෙවනුව එම අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ව්‍යාපාරයට කුමක් කළ හැකිද යන්නට පිළිතුරු දිය යුතුය. ප්‍රථම ප්‍රශ්ණය සඳහා පිළිතුරු සැපයීම තුළින් ඵලදායි දැක්මක් ගොඩ නඟා ගත හැකිවන අතර දෙවන ප්‍රශ්ණය සඳහා පිළිතුරු සැපයීමෙන් ඵලදායි මෙහෙවරක් ගොඩ නගා ගත හැකිය.

උපක්‍රම සැලසුම් කිරීමේ ක්‍රියාවලිය[සංස්කරණය]

ව්‍යාපාරයේ දිශාව පිහිටුවීම

මෙය උපායශීලී සැලසුම්කරණයේ ප්‍රථම පියවරයි. මෙම පියවරේදී ව්‍යාපාරයේ දැක්ම, මෙහෙවර, අරමුණු සහ අහිමතාර්ථයන් පිහිටු වීම කරනු ලබයි.

පරිසරය අධ්‍යයනය කිරීම

මෙම පියවරේදී ව්‍යාපාරය සිය අභ්‍යන්තර සහ බාහිර පරිසර සාධකයන් විමසුමට ලක්කරනු ලබයි. අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීම සඳහා ශදුඅත විශ්ලේෂණය ත් බාහිර පරිසරය විශ්ලේෂණය කිරීම සඳහා "දේශපාලනික, ආර්ථික,සමාජීය, සහ තාක්ෂණික" යන සාධක සැලකිල්ලට ගත හැකිය.

උපක්‍රම පිහිටුවීම

මෙහිදී ව්‍යාපාරය සුදුසු උපක්‍රම කිහිපයක් සිය පිහිටුවාගත් දිශාවට අනුකූලව පිහිටු වනු ලබයි. ව්‍යාපාරය තමාට ගැලපෙන උපක්‍රමයන් පිහිටුවා ගැනීමට මෙහිදී උත්සුක විය යුතුය.

උපක්‍රම විශ්ලේෂණය

මෙම පියවරෙදී ව්‍යාපාරය පිහිටුවාගත් උපක්‍රම අතුරින් වඩාත් ගැලපෙන උපක්‍රමයන් තෝරා බේරා ගත යුතුය. මේ සඳහා පිහිටුවා ගත් සියලු උපක්‍රමයන් විශ්ලේෂණය කල යුතුය.

උපක්‍රම ක්‍රියාවට නැංවීම

මෙහිදී ව්‍යාපාරය වඩාත් සුදුසු යැයි තෝරා ගත් උපක්‍රමයන් කිහිපයක් ක්‍රියාවට නැංවීම සිදු කරනු ලබයි. මෙම පියවරේදී ව්‍යාපාරය සිය වටිනාකම් සහ ව්‍යාපාර සංස්කෘතිය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

මන්තු කිරිම සහ පාලනය

පිහිටුවාගත් අරමුණු ඒ අයුරින් ඉටු වෙනවාද යන්න සහ ව්‍යාපාරයේ නිවරැදි ගමන් මග තහවුරු කර ගැනීම සදහා මන්තු කිරිම සහ පාලනය කිරීම සිදුකරනු ලබයි.

බාහිර සබැඳුම[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උපායශීලී_සැලසුම්කරණය&oldid=514316" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි