උපායමාර්ගික ව්‍යාපාර කළමණාකරණය

විකිපීඩියා වෙතින්

උපාය මාර්ග කළමණාකරනය යනු ක්‍රමවත්ව දැක්විම, භාවිතා කිරිම හා පරික්ෂා කිරිම මගින් ආයතනයේ අරමුණු සඵල කරන ක්‍රියාවයි.. ආයතනය් අරමුණු නියම ලෙස හදුනාගෙන එය සඵල කිරිමට අවශ්‍ය උපාය හා සැලසුම් සැකසි එම සැලසුම් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය සම්පත් හදුනාගෙන ඒවා වෙන්කර ගැනිම ආදිය සියල්ල මේ සදා අයත ව්. එබැවින් මෙහිදි ව්‍යාපාරයේ වවිධ අංශ ඒකාබද්ධ කිරිමට සිදුවේ. ඉහල මට්ටමේ කළමණාකරණය තිරණ අධ්‍යක්ෂ මණ්ඩලය ගන්නා අතර, ප්‍රධාන විධාය නිලධරියා (CEO) හා විධායක මන්ඩලය විසින් ක්‍රියාත්මක කරයි. උපායමාර්ග කළමණාකරණ ආයතනයේ ඉදිරියට තිරණය කර අතර එය සංවිධාන අධ්‍යනයට සබැදි වේ.

උපාය මාර්ග කළමණාකරනය යනු ඉදිරියට යන ක්‍රියාවලියකි. එහිදි ආයතන සමබන්ධව ඇත ව්‍යාපාර හා කර්මාන්ත ගැන තක්සේරැ කරයි. තරගකාර සමාගම් තක්සේරැ කර ඔවුන්ට අභිබවා යන ලෙස කඩයිම් තිරණය කර ඒවා ජයගැනීමට වුන් අභිබවා යන ලෙස කඩයිම් තිරණය කර ඒවා ජයගැනීමට උපායසැකසිය යුතුයි. ඉන්පසු මෙම උපායයන් නිරන්තරයෙන් උපාය සැකසිය යතුයි. ඉන්පසු මෙම උපායයන් නිරන්තරයෙන් (කාර්තුවක, වාර්ෂිකව) විශ්ලේෂණය කර දිගටම ක්‍රියාකරවාද නැතහොත් නව උපායයන් අංශදැයි බැලිම කල යුතුයි. වෙනස්වන ආර්ථික පරිසරය, නව තාක්ෂණය, තරගකරැවෝ නව දේශපාලනික, සමාජිය පරිසරයක් වැනි කරැණු වලදි නව උපායයන් සෙවිය යුතුය.

උපායයන් කළමණාකරණයට අවශ්‍ය දත්ත ලබාදෙන බොහෝ මෘදුකාංග ඇත. (SAP, SEM, SAS)

උපායමාර්ගික ව්‍යාපාර කළමණාකරණය ක්‍රම මට්ටම්[සංස්කරණය]

බොහෝ සංවිධානවල උපායමාර්ගික ව්‍යාපාර කළමණාකරණය ක්‍රම මට්ටම් කිහිපයක් පවතී. ආයතනයක සියළුම අංශයන් සඳහා යොදාගනු ලබන පුළුල්, උසස් වූ ක්‍රමයක් ලෙස උප උපායමාර්ගික ව්‍යාපාර කළමණාකරණය හැදින්වේ. ඒනිසා සමාගමේ වටිනාකම් සමාගමේ සංස්කෘතීන්, සමාගමේ අරමුණු සහ සමාගමේ නිෂ්ඨාව සඳහා මෙහෙයවීමක් සිදු කරයි. මෙම පුළුල් වූ සංවිධාන උපක්‍රම යටතේ නිරන්තරයෙන් ශ්‍රිතමය හෝ ව්‍යාපාර ඒකක උපක්‍රමයන් දක්නට ලැබේ.[සංස්කරණය]

ශ්‍රිතමය උපක්‍රමයන් යටතේ අලෙවිකරණ උපක්‍රමයන්, නව භාණ්ඩ සංවර්ධන උපක්‍රමයන්, මානව සම්පත් උපක්‍රමයන්, මූල්‍ය උපක්‍රමයන්, නීති උපක්‍රමයන්, සැපයුම්දාන උපක්‍රමයන් සහ තොරතුරැ තාක්ෂණ කළමණාකරණ උපක්‍රමයන් අයත් වේ. මෙමගින් කෙටි සහ මධ්‍යකාලීන සැලසුම් මත අවධාරණය කිරීමක් සහ එක් එක් දෙපාර්තමේන්තුවේ ශ්‍රිතමය වගකීමේ විෂය පථය සීමා කිරීමක් අවධාරණය කරයි. එක් එක් ශ්‍රිතමය දෙපාර්තමේන්තු ඔවුන්ගේ කාර්ය සමස්ථ සංවිධානයේ අරමුණු ලඟාකර ගනිමින් සිදු කිරීමට ප්‍රයන්ත දරනු ලබන අතර මේනිසා ඔවුන්ගේ උපක්‍රමයන්ගේ ප්‍රමාණය, පුළුල් වූ සංවිධාන උපක්‍රමයන්ගේ ‍සිටි විහිදීමක් සිදුවේ.

ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට ශ්‍රිතමය සංවිධාන ව්‍යුහයක් කාර්යක්ෂම මාර්ගයක් නොවේයැයි බොහෝ සංවිධානයන්ට හැගී යයි. එමනිසා ඔවුන් ක්‍රියාවලින් හෝ උපක්‍රම ව්‍යාපාර ඒකක අනුව නැවත සකස්කිරීමක් කර තිබේ. (Reengineered) උපක්‍රමික ව්‍යාපාර ඒකකයක් යනු සංවිධානයක් තුල ඇති අර්ධ ස්වාධීන ඒකකයකි. එමඟින් සාමාන්‍යයෙන් ඔවුන්ගේ අයවැයකරණය නව නිෂ්පාදන තීරණයන්, තීරණ ක්‍රියාත්මක කිරීම සහ මිල සකස් කිරීම සඳහා වගකියනු ලැබේ. උපක්‍රමික ව්‍යාපාර ඒකකයක් සමස්ථ සංවිධානයේ අභ්‍යන්තර ලාභ ඒකකයක් ලෙස සලකනු ලැබේ. එක් එක් උපක්‍රමික ව්‍යාපාර ඒකකය පුළුල් වූ සංවිධාන උපක්‍රමයන් සමඟ යා යුතු උපක්‍රමයන් සංවර්ධනය කිරීම සඳහා වග කියනු ලැබේ.

පහළම මට්ටමේ උපක්‍රමයන් මෙහෙයුම් උපක්‍රමයන්‍ වේ. එය බොහෝ පටු වන අතර එදිනෙදා මෙහෙයුම් ක්‍රියාකාරකම් සමඟ කටයුතු කරයි. එය අයවැයක් තුලින් මෙහෙය වියයුතු නමුත් එය නැවත අලුතින් පිළියෙල කිරීමට හෝ නැවත සකස් කිරීමට නොහැකිය. පීටර් ඩ්‍රකර් (Peter Drunker) විසින් ඔහුගේ අරමුණුගත කළමණාකරණ න්‍යාය මඟින් මෙහෙයුම් මට්ටමේ උපක්‍රමයන් හඳුන්වාදී ඇත. ඉහළ මට්ටමේදී හඳුනාගත් උපක්‍රමයන් පරිවර්තනය කිරීම මඟින් හඳුනාගනු ලැබූ ව්‍යාපාරික මට්ටමේ උපක්‍රමයන් මඟින් මෙහෙයුම් මට්ටමේ උපක්‍රමයන් තීරණය කරනු ලැබේ.

ඉහළ මට්ටමේ උපක්‍රමයන් යන්නෙන් විවිධාංගීකරණය වූ ආයතනයන්ගේ අපේක්ෂාවට වඩා යමක් කරගත හැකි උපක්‍රමයන් යන්න අදහස්කරනු ලැබේ. මෙවැනි ඉහල මට්ටමේ උපක්‍රමයන් මඟින් කුමන ව්‍යාපාරයන් සමඟ තරඟ කල යුතුද සහ එක් ව්‍යාපාරයක් තරඟකාරිත්ව වාසි අත්පත් කරගනිමින් අනෙකුත් ආයතන කළඹක ක්‍රියාකරන්නේ කෙසේද යන ප්‍රශ්ණ වලට පිළිතුරු සපයනු ලැබේ.

සහශ්‍රයකට හැරීමත් සමඟ, සමහර ආයතන පෙර තත්වයට පත්වීමට සරල උපක්‍රමික ව්‍යුහයන් අනුගමනය කරයි. මෙය තාක්ෂණය මඟින් මෙහෙයවනු ලැබේ. පොදු අරමුණු නිර්මාණය කිරීම. තොරතුරු හුවමාරු කිරීම සඳහා දැනුම් කළමණාකරණ පද්ධතිය භාවිතා කල යුතුය. මෙම ක්‍රියාවලිය වැලැක්වීමට උපක්‍රමික අංශයන් සිතයි. මෑත කාලීනව Carpenter and Sanders විසින් ලියනලද ග්‍රන්ථයෙන්, එම උපක්‍රමයන්ගේ චලිතය ගණිත උපක්‍රමයක් ලෙස හඳුන්වාදෙනු ලබයි. මෙම වැඩ උපක්‍රමික ස්ථාපිත කිරීම සහ සහත්‍රායනය (Formulation) යන්නෙහි එකතුවක් ලෙස සහ පවතින උපක්‍රම අවශ්‍යයෙන්ම වෙනස්කිරීමේ අදහසක් ලෙස ව්‍යාපාර හා සමාගම් යන දෙකම ආශ්‍රයෙන් උපක්‍රම පිහිටුවීම සිදුකරයි. එවැනි මිනිස් වෙනස්කිරීම් හා ස්ථාපිත කිරීම්, වේදිකාගත කිරීම් හා අභිමුව විෂය මුඛය හරහා වූ උපක්‍රමයන් තුලින් සාමාන්‍යයෙන් ගොඩනඟනු ලබයි.



Reference: http://en.wikipedia.org/wiki/Strategic_management#The_strategy_hierarchy