උපතිස්ස නුවර පඞුවස්දෙව් රජ
පෙනුම
පඬුවස්දෙව් කුමාරයා, ක්‍රිපූ 504 සිට ක්‍රිපූ 474 දක්වා උපතිස්ස නුවර (වර්තමාන මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශයක්) රජු විය. විජය රජුගෙන් පසු ලක්දිව රාජ්‍යත්වයට කුමාරයෙකු නොමැතිවිය. ඒ නිසා විජය රජු තම සොහොයුරා වූ සුමිත්තටහට රාජ්‍ය භාර ගැනීමට ආරාධනා කළේය. නමුත් සුමිත්තද මහළු වියේ සිටි නිසා ඒ සඳහා ඔහුගේ පුත් පණ්ඩුවාසදේව එවීය. ඔහු පැමිණීමට පෙර විජය රජු මියගිය නිසා එතෙක් රාජ්‍ය පාලනය උපතිස්ස භාරකාර රජු (උපතිස්ස ඇමති) ගෙන ගියේය. පසුව ලක්දිව පාලන බලය ලබාගත් පණ්ඩුවාසදේව රජු භද්දකච්චායනා කුමරිය නම් ශාක්‍ය වංශික කුමරියක් බිසව කරගත්තේය. ඇගෙන් ඔහුට අභය,තිස්ස,උත්තිය,තිස්සා,අසේල,විහාන,රාම,ශිව,මත්තකාල,මත්තක, යනුවෙන් පුතුන් 10 දෙනෙකු සහ චිත්‍රා (උන්මාද චිත්‍රා) යනුවෙන් දියණියක්ද