උපත් අනුපාතිකය

විකිපීඩියා වෙතින්
ලෝක උපත් අනුපාතිකය 2008
යුරෝපීය දළ උපත් අනුපාතිකය 2007

දළ උපත් අනුපාතික ස්‍රැතිය එසේත් නැත්නම් ළදරු උපත් සංඛ්‍යාව මිනිසුන් දහස් දෙනෙකුට වසරකදී සිදු වන ප්‍රමාණය ලෙසින් සැලකේ. සාපල්‍යතා සීඝ්‍රතාවය හා ආර්ථික භූ විද්‍යා ශබ්ද කෝෂය වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ යන පරිශීලනයන් වැඩි විස්තර සඳහා බලන්න.

එය දක්වන්නේ CDR = N/P x 1000 යන්නෙනි. මෙහි N එම වර්ෂයේ සිදුවුණු ළමා උපත් සංඛ්‍යාව පෙන්ණූම් කරයි. P පවතින ජනගහනය දක්වයි. මෙම ලක්ෂණය දළ මරණ අනුපාතිකය සමග සුසංයෝජනය කොට ස්වාභාවික ජනගහන වර්ධන සීඝ්‍රතාවය සෙවීමට යොදා ගනී. මෙහි ස්වභාවික යන්නෙන් අදහස් කෙරෙන්නේ දළ විගමනය සැලකිල්ලට නොගත් බවයි.

2007 දී පරිදි ලෝකය සඳහා සමස්ත මධ්‍යන්‍ය උපත් අනුපාතිකය 20.3 ක් දහස් දෙනෙකුගේ සමස්ත ජනගහනයක් සඳහා ලෙසින් විය .එනම් බිලියන 6.6 ක් වූ ලෝක ජනගහනයට වසරක් පාසා ළදරුවන් මිලියන 134 ක් එකතු වේ.

සාපල්‍යතාවයේ තවත් දර්ශකයක් ලෙසින් භාවිතයට ගැනෙන්නේ මුළු සපල්‍යතා සීඝ්‍රතාවයයි. එනම් ගැහැණියකගේ ජීවිතය තුළ ඇයට උපදින මධ්‍යන්‍ය දරුවන් සංඛ්‍යාවයි. සමස්තයක් වශයෙන් මුළු සාපල්‍යතා සීඝ්‍රතාවය වඩා හොඳ දර්ශකයක් වන්නේ දළ උපත් අනුපාතිකය මෙන් නොව එය ජන ගහනයේ වයස් ව්‍යාප්තියෙන් බලපෑම් ඇති නොවූවක් බැවිණි.

ආර්ථිකව අඩු සංවර්ධනයක් සහිත රටවල්වල සාපල්‍යතා සීඝ්‍රතාවයන් ඉහළ නැඹුරුවක් දක්වයි. වඩාත් ආර්ථිකව සංවර්ධනය වූ රටවල්වල එය පහළ අගයක් ගනී.

World historical and predicted crude birth rates (1950–2050)
UN, medium variant, 2008 rev.[1]
Years CBR Years CBR
1950–1955 37.2 2000–2005 21.2
1955–1960 35.3 2005–2010 20.3
1960–1965 34.9 2010–2015 19.4
1965–1970 33.4 2015–2020 18.2
1970–1975 30.8 2020–2025 16.9
1975–1980 28.4 2025–2030 15.8
1980–1985 27.9 2030–2035 15.0
1985–1990 27.3 2035–2040 14.5
1990–1995 24.7 2040–2045 14.0
1995–2000 22.5 2045–2050 13.4
  • මුළු උපත් සංඛ්‍යාව - පොදු සාපල්‍යතා සීඝ්‍රතාව GFR මෙය වයස අවුරුදු 15 සිට 44 හෝ 15 සිට 49 දක්වා ගැහැණුන් දහසකට ඇති උපත් සංඛ්‍යාව මැනීමට යොදා ගනී.
  • සම්මත උපත් සීඝ්‍රතාව - SBR මෙය උපකල්පිත සම්මත ජනගහනයක් සඳහා වයස් ව්‍යුහ ලිංග ව්‍යුහයන් සංසන්දනය කරනු ලබයි.
  • මුළු සාපල්‍යතා සීඝ්‍රතාව - ගැහැණියකගේ දරුවන් ලැබිය හැකි වයස තුළ ඇය අපේක්ෂා කරන දරුවන්ගේ මධ්‍යන්‍ය මෙහි අදහසයි. මෙය ජනගහනයේ වයස් ලිංග ව්‍යුහයෙන් ස්වායත්ත වේ.

උපත් සීඝ්‍රතාවයට බලපාන කරුණු[සංස්කරණය]

රජයේ පූර්ව උත්පත්ති ප්‍රතිපත්ති සහ ප්‍රතිඋත්පත්ති ප්‍රතිපත්තීන් මෙන්ම ගබ්සා වීමේ සීඝ්‍රතාවය, පවතින වයස් ලිංග ව්‍යුහය, සාමාජීය හා ආගමික විශ්වාස, ගැබ් ගැනීම සම්බන්ධය වැදගත්වේ . කාන්තා සාක්ෂරතා මට්ටම.ආර්ථික සෞභාග්‍යතා (න්‍යායිකව ආර්ථිකය හොඳින් පවතින විට පවුලක් වැඩි ළමයින් සංඛ්‍යාවක් දැරිය හැකි වුවද ප්‍රායෝගිකව ඉහළ ආර්ථික සෞභාග්‍යක් ඇති විට උපත් සීඝ්‍රතාව අඩුවේ). දරිද්‍රතා මට්ටම් අනුව සංවර්ධනය වන රටවල්වල ළමුන් ආර්ථික සම්පතක් වශයෙන් යොදා ගනු දැකිය හැකි වන්නේ ඔවුන්ට මුදල් උපයා ගත හැකි නිසාය. රටක ළදරු මරණ අනුපාතිකය ඉහළ නම් පවුලක සිටින ළමයින් සංඛ්‍යාව ඉහළ වන්නේ ඔවුන් අතරින් කිසියම් පිරිසක් මියයන බැවිනි. නාගරීකරණය, විවාහය සඳහා යෝජිත වයස, විශ්‍රාම වැටුප් පැවතීම, අර්බුදකාරී තත්ත්වයන් ඊට බලපායි.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. UNdata: Crude birth rate (per 1,000 population)
"https://si.wikipedia.org/w/index.php?title=උපත්_අනුපාතිකය&oldid=470305" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි