උනූඅ ලිබ්රෝ

විකිපීඩියා වෙතින්
Unua libro per russi - 1887 - 1a edizione - copertina fronte.jpg
Unua libro per russi - 1887 - 1a edizione - frontespizio.jpg
Unua libro per russi - 1887 - 1a edizione - introduzione.jpg
Unua libro per russi - 1887 - 1a edizione - pagina 23.jpg
Unua libro per russi - 1887 - 1a edizione - dizionario.jpg
Unua libro per russi - 1887 - 1a edizione - copertina retro.jpg

උනූඅ ලිබ්රො (Unua Libro - පළමු පොත) යනු එස්පෙරාන්තො ජාත්‍යන්තර භාෂාව විස්තර කිරීමට කළ මුල්ම ප්‍රකාශයයි. (එකල එම භාෂාව හැඳින්වුනේ “ලින්ග්වො ඉන්තෙර්නාත්සියා” -එනම් ජාත්යාන්තර භාෂාව - නමිනි.) එය එස්පෙරාන්තො නිර්මාතෘ ආචාර්ය එල්. එල්. සාමෙන්හොෆ් (Dr. L.L. Zamenhof) විසින් 1887 ජූලි 26 වෙනි දින වෝර්සෝහිදී රුසියන් බසින් පළමු වරට පළ කරන ලදී. ඊළග වසර කීපය තුළ එහි සංස්කරණයන් රුසියන්, හීබෘ, පෝලන්ත, ප්‍රංශ, ජර්මන් සහ ඉංග්‍රීසි යන භාෂා වලින් පළ කරන ලදී. ස්වාමීන්ගේ යාඥාව, බයිබල් පැදි කිහිපයක්, ලිපියක්, කවි, ව්‍යාකරණ නීති 16 සහ ශබ්ද මාලාවේ මූලයන් 900 එම පොත් පිංචෙහි අඩංගු විය. “ජාත්‍යන්තර භාෂාවක් ජාතික භාෂාවක් මෙන්ම පොදු දේපළකි”යි සාමෙන්හොෆ් ප්‍රකාශ කළේය. ඔහු එම කෘතියෙහි අත්සන් කළේ “දොක්තෝරො එස්පෙරාන්තො” යනුවෙනි. එස්පෙරාන්තො බසින් එහි තේරුම “බලාපොරොත්තුවන්නා” යන්නයි. එස්පෙරාන්තො යන මාතෘකාව භාෂාවෙහි නම ලෙස භාවිතයට ගැනුනි.

“ආචාර්ය එස්පෙරාන්තොගේ ජාත්‍යන්තර භාෂාව - Dr. Esperanto’s International Tongue” නම්වූ එහි පළමු ඉංග්‍රීසි සංස්කරණය ජූලියන් ස්ටයින්හවුස් විසින් පරිවර්ථනය කරන ලදී. එම පරිවර්ථනයෙහි ඉංග්‍රීසි ඉතා දුර්වල බව රිචඩ් එච්. ජෝගෙගන් (Richard H. Geoghegan) පෙන්වා දුන්විට සාමෙන්හොෆ් එහි ඉතිරි පිටපත් විනාශ කර නව පරිවර්ථනයක් කිරීමට ජෝගෙගන් හා එක්විය. 1905 දී සාමෙන්හොෆ් ව්‍යාකරණ නීති 16 , “විශ්ව ශබ්දකෝශයක්” සහ අභ්‍යාස එකතුවක් සමග ෆන්දමෙන්තො දෙ එස්පෙරාන්තො (Fundamento de Esperanto - එස්පෙරාන්තොහි පදනම) නමැති කෘතියකින් නැවත පළ කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=උනූඅ_ලිබ්රෝ&oldid=415499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි