උදාගම් ව්‍යාපාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

උදාගම් යනු ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස, අග්‍රාමාත්‍යව සිටි සමයේ අරඹා ජනාධිපති ලෙස ඝාතනයට ලක්වීම දක්වා පවත්වාගෙන ගිය දිගුකාලීන නිවාස ව්‍යාපාරයකි. මෙම ව්‍යාපෘතියෙන් නව ගම්මාන ඉදිකිරීමත් ඒවායේ ජනතාව පදිංචි කිරීමත් අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමෙන් අදාල ප්‍රදේශ සංවර්ධනය කිරීමත් සිදුවිය.

ආරම්භය[සංස්කරණය]

1978 වසරේ ජේ.ආර්. ජයවර්ධන මහතා ජනපති වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව, රණසිංහ ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කෙරුණි. සිය අපේක්ෂා සහිත වූ නිවාස, ජල සම්පාදන, යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවීමට, ආරම්භයේදීම ප්‍රේමදාස මහතා විසින් ඊට අදාල සංකල්පණිකරණය, සන්ධානකරණය සහ ක්‍රියාවට නැංවීම පිළිබඳ කාරණා සඳහා නෙෙතික රාමුවක් පිහිටුවන ලදී. ආරම්භක වර්ෂ පහ තුලදී නිවාස ලක්ෂයකුත්, ඊලඟ වර්ෂ පහ තුලදී නිවාස දස ලක්ෂයකුත් ඉදිකිරීම ඔහුගේ අරමුණ විය.

ව්‍යාපාරය[සංස්කරණය]

උදාගම් ව්‍යාපාරය මගින් ඉදි කල නිවාස, විදුලිය, ජල සැපයුම් සැළසුම්, සුවසේවා සහ පාසල්, මාර්ග, පොදු ස්ථාන, ප්‍රජා ස්ථාන, ක්‍රීඩාංගන හා ආගමික ස්ථාන ආදිය නවීකරණය කිරීම හේතුවෙන්, අදාල දිස්ත්‍රික්කයේ සමස්ථ සුළු නගර හා ගම්මානයන්හී මහත් වූ යටිතල සංවර්ධනයක් ඇතිවිය. ප්‍රධාන සංවර්ධනයට අමතරව කුඩා වාරි ජලාශ ප්‍රතිසංස්කරණය, පාසල් සහ පොදු ස්ථාන සංවර්ධනය ආදි කටයුතුද සිදුවිය.[1]

ගම් උදාව[සංස්කරණය]

උදාගම් ව්‍යාපාරය සමරනු වස් වාර්ශිකව ගම් උදාව සැනකෙලිය සහ වෙළඳ ප්‍රදර්ශනද සංවිධානය කෙරුණි. මිලියන ගණනක රට වටා ජනතාවක් එකල එම ප්‍රදර්ශන නැරඹූ බවද සඳහන් වේ. ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා ඌන සංවර්ධිත හා දුෂ්කර නොදියුණු ප්‍රදේශ තෝරා ගැණුනු අතර මෙමගින් සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවුණි.

ව්‍යාපෘතිය පිරිහීම[සංස්කරණය]

1993 වසරේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදී ප්‍රහාරයකට ලක්ව රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වීමත් සමගම, උදාගම් ව්‍යාපාරයත් අභාවයට යන ලදී.


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ප්‍රසිඩන්ට් ප්‍රේමදාස වෝස් නෝ ඕර්ඩිනරි ලීඩර් බට් ඇන් 'ඉපොක්-මේකර්'". transcurrents.com. 2012. Retrieved 11 ජනවාරි 2015.
"https://si.wikipedia.org/w/index.php?title=උදාගම්_ව්‍යාපාරය&oldid=326990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි