උදය ආර්. තෙන්නකෝන්

විකිපීඩියා වෙතින්

සුවඳක් වීම මිහිරක්

බහුතරයේ සුලුතරය සුලුතරයේ ද සුලුතරය ජීවිතය වරෙක අමිහිරිය සත්යතය කටුක මිහිරක්ය

ඇති වී පැවත නැතිව යන තත්පරය කියා දෙන පාඩම සබඳ මේ විශ්වයම විහිලුවක් නේද හිතුවම

අර්ථය හැඳින ජීවිතය ගුහාගත වීම නොව දහම ගැලී වෙලෙමින් කඳුළු දහදිය අතර සුවඳක් වීම මිහිරක්ය

පීඩිතයාගේ නිදහස ලොව කොතැනකත් එකමය ඒ අයිතියට ඇති සටන සුලුතරයාගෙ කරමතය

අනුවනකමින් පිරි තැන වැපිරී බොරුව දස අත පීඩිතයා ද ඒතුල අන්ධය දෑස ඝණදුර

මුදාගෙන අඳුරින් ගෙවා ගොස් දුරු කතරින් මිනිස්කම් බෙදමින් සටන් වෙත හැඩ වෙමු දැන්

උදය ආර්. තෙන්නකෝන්

"https://si.wikipedia.org/w/index.php?title=උදය_ආර්._තෙන්නකෝන්&oldid=470714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි