උදම්

විකිපීඩියා වෙතින්


tiny globe
ෆන්ඩේ බොක්ක,වඩදිය අවස්ථාවක
tiny globe
ෆන්ඩේ බොක්ක,බාදිය අවස්ථාවක

සූර්යාගේ හා චන්ද්‍රයාගේ උදම් ශක්තිය හේතුවෙන් සාගර මත ඇතිවන ජල මට්ටම ඉහළ යාම හා පහත බැසීම උදම් රළ ලෙස හැදින්වේ. කාලය හා අවකාශය සමඟ වෙනස් වන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් සහිත ඕනෑම වස්තුවක් මත උදම් සංසිද්ධිය ඇතිවිය හැක. පෘථිවියේ ගොඩබිම් ප්‍රදේශ මෙයට උදාහරණවේ.


උදම් රළ මඟින් සමුද්‍ර පතුළට හා ගං මෝය වල ජල ප්‍රමාණය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. එසේම එමඟින් උදම් ප්‍රවාහනය යනුවෙන් හඳුන්වන දෝලන තරංග ඇති කරයි. උදම් රළ පිළිබඳ අනාවැකි පළ කිරීම වෙරළාශ්‍රිත යාත්‍රා කිරීම් සඳහා වැදගත් වේ. (වැඩි තොරතුරු උදම් රළ හා යාත්‍රා කිරීම) උස් ජල මට්ටමේදී සිය යට පවතින හා ජල මට්ටම අඩු වූ විට නිරාවරණය වන පටු වෙරළ තීරය අන්තර් "උදම් කලාපය" හෝ "පෙර වෙරළ" ලෙස හැඳින්වේ. එය සාගර උදම් මඟින් ඇතිවන වැදගත් පාරිසරික ඵලයකි.

එම ප්‍රදේශයක ඇතිවන උදම් රළෙහි ස්වභාවය තීරණය වන්නේ පෘථිවියට සාපේක්ෂව සුර්යයාගේ හා චන්ද්‍රයාගේ පිහිටීම, පෘථිවිය භ්‍රමණයේ බලපෑම හා මුහුදු පතුලේ ස්භාවය යන කරුණු වල සංයුතියෙනි. උදම් අමානය මඟින් මනින ලද මුහුදු මට්ටම කෙරෙහි සුළගේ ද දැඩි බලපෑමක් තිබිය හැක.


හැඳින්වීම හා උදම් නාමකරණය[සංස්කරණය]

  • උදම් රළ යනු චක්‍රීයව සිදුවන මුහුදු මට්ටමේ වෙනස් වීමකි. පැය කිහිපයක් මුළු ජල මට්ටම ඉහළ නැගීමෙන් ජල ගැල්මක ස්වරූපයක් වෙරළට ළගාවේ.ජලය එහි ඉහළම මට්ටම වන වඩදිය තත්වයට ලගාවේ. උදම් දියවැල් නැවතීම නිසා මෝය නිසල ජලය හෝ නිසල උදම් ලෙස හැදින්වේ. උදම් එහි දිශාව වෙනස් කරයි.

tiny globe
හැඳින්වීම හා උදම් නාමකරණය
  • බාදිය මට්ටමේදි ජල මට්ටම පහත වැටී නවතින අතර මෙම ස්ථානයද සංසිදුනු හෝ හැරවුමක් නම් වේ.


  • උදම් ඇතිවීම අර්ධ දෛනිකව (දිනයක වඩදිය දෙවරක් හා බාදිය දෙවරක්) හෝ දෛනිකව (එක්දිනකදී එක් උදම් චක්‍රයක්) සිදුවේ. බොහෝ ප්‍රදේශවල උදම් ඇතිවන්නේ අර්ධ දෛනිකවය. අර්ධ දෛනිකව උදම් ඇතිවන විට වඩදිය රැළි වල උස මට්ටම අතර වෙනස්කම් දැකිය හැක (දෛනික අසමානතාව) මෙය උස් වඩදිය හා පහත් වඩදිය ලෙස උදම් සටහන් වල දැක්වේ. මෙම අසමානතාව කාලයත් සමඟ වෙනස් වේ. චන්ද්‍රයා සමකයට ඉහළින් පිහිටන විට එහි වෙනස කුඩා අගයක් ගනී.


  • උදම් රළ වෙනස්වීම සඳහා බලපාන විවිධ කක්ෂීය බලපෑම සංඛ්‍යාත සංඝටක නම් වේ. බොහෝ ප්‍රදේශ වල මෙහි විශාලම සංඝටකය වන්නේ 'ප්‍රධාන චන්ද්‍ර අර්ධ දෛනික' සංඝටකය හෙවත් M2 ‍(හෝ M2) උදම් සංඝටක එහි කාලාවර්තන සාමාන්‍යයෙන් පැය 12 මිනිත්තු 25-2 පමණ වන අතර එය උදම් චන්ද්‍ර දිනයකින් (චන්ද්‍ර අහසේ මුදුන් වීමක සිට අනෙක් මුදුන් වීම තෙක් ගතවන සාමාන්‍ය කාලය) හරියටම අඩකි. මෙම සාමාන්‍ය උදම් ඔරලෝසුවකින් මැනගත හැකි සංඝටයකි.


උදම් ඇතිවීමට ගතවන කාලය පැය කිහිපයක සිට වර්ෂ ගණනාවක්1 තෙක් ‍විවිධ විය හැක. එමනිසා නිරවද්‍ය මිනුම් ලබාගැනීම සඳහා උදම් ආමාන,රැළි මඟින් හටගන්නා විචලනයේ බලපෑම මිනිත්තු කිහිපයකට වඩා අඩු ස්ථාන වල පමණක් උස මට්ටම පිළිබඳ මිනුම් ලබා ගනී. මෙලෙස ලබාගන්න දත්ත ' මධ්‍යම මුහුදු මට්ටම' නමින් හඳුන්වන දත්ත හා සංසන්දනය කරයි.


M2 වලින් වෙනස් වූ සංඝටක සමාන්‍යයෙන් සුර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය පෘථිවි භ්‍රමණය අක්ෂයේ ආනතිය, චන්ද්‍ර කක්ෂයේ ආනතිය හා චන්ද්‍රයා පෘථිවිය වටා මෙන්ම පෘථිවිය චන්ද්‍රයා වටා ඇති කක්ෂ වල ඉලිප්සීය හැඩය වැනි සාධක මත රඳා පවතී. දවසින් අඩකට වඩා අඩු විචල්‍යතාවයක් සහිත කාලාවර්ත වලින් යුත් සංඝටක අනුවර්තී සංඝටක නම් වේ. දීර්ඝ කාලීන සංඝටක වලට දින, මාස හා වර්ෂ වැනි කාලාවර්ත පැවතිය හැක.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

Tides
"https://si.wikipedia.org/w/index.php?title=උදම්&oldid=432555" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි