උතුරු ඇමරිකාව ගැන

විකිපීඩියා වෙතින්


North America උතුරු ඇමරිකාව

United States of America ඇමෙරිකා එක්සත් ජනපදය


එක්සත් ජනපද රේගුව සහ දේශසීමා ආරක්ෂක නිලධාරින්

එක්සත් ජනපද කොංග්රගසය විසින් ඇමෙරිකන් ඩොලර් බිලියන හතලිහක හදිසි වියදම් පනතක්ද අතිරේක ඩොලර් බිලියන 20 ක් ගුවන් සේවා කර්මාන්තය සඳහා ද අනුමත කරන ලදී.

දහස් ගණනක් රහස් තොරතුරු පසු පස ලුහු බඳිමින් බොහෝ රාජ්ය්වල බොහෝ ශාඛාවන් හරහා පරික්ෂණ ආරම්භ වුනේය.

අධිකරණ දෙපාර්ථමේන්තුවේ එක්සත් ජනපදය තුල සිටින පුරවැසි නොවු ඇතැම් පිරිමි සඳහා විශේෂ ලියා පදිංචි කිරීමේ ක්රයමයක් ආරම්භ කළේය. ඒ අනුව ඔවුන් ආගමන විගමන සහ රටවැසියන් ලියා පදිංචි කිරීමේ කාර්යාල වල ලියා පදිංචි වීම අවශ්යව විය.

එක්සත් ජනපදය තුල නීතිය ක්රි‍යාත්මක කිරීමේ ආයතනයන්ට පරික්ෂණ බලතල වැඩි කිරීම සඳහා පනත් කීපයක් සම්මත වුනේය. මෙයින් විශේෂිත වන්නේ (USA Patriot Act) එ.ජ.දේශමාමක පනතයි. මෙම නව පනත් මගින් රජය සතුව පවතින වැදගත් සීමා වන් ඉවත් කරන බවත් ජනතා නිදහසට අයුතු බලපෑම ඇති වන බවත් ජුලි 30 දා කෙරුනු හතරවැනි සංශෝධනයේ ව්ය්වස්ථානූකූල නොවන උල්ලංඝණයන් සිදු වන බවත් කියමින් මහජන නිදහස් සංවිධාන චෝදනා නැගුහ. ACLU සංවිධානය දේශමාමක පනතේ 215 වැනි වගන්තියට එරෙහිව නීතිමය අභියෝගයන් ගොනු කළේය. ඔවුන් කීවේ මෙම පනත් මගින් පුරවැසියන්ගේ පළමු වැනි සංශෝධිත අයිතින් ද හතර වැනි සංශෝධිත අයිතීන්ද එෆ්බීඅයි ආයතනයට උල්ලංඝනය කිරීමට ඉඩ ප්රැස්ථාව ලැබෙන බවයි. එමෙන්ම ව්ය පාර සෝදිසියට පොත් සාප්පු සහ ත්රරස්තවාදි පරීක්ෂණ වල එක්රැස් කළ තොරතුරු අදාළ පුද්ගලයාට හෙළි නොකර පරිකෂා කිරීමේ අයිතිය ද එෆ්බිඅයි ආයතනයට ලැබෙන බවද කීහ. ප්රළජාවන් කීපයක් පාලන සංවිධාන එම පනත් වලට එරෙහිව ආදර්ශ විසඳුම් සම්මත කර ගත්හ.

2005 ජුනි 9 දින ජනාධිපති බුෂ් කළ කතාවකින් කීවේ එ.ජා.දේශමාමක පනත උපයෝගි කර ගෙන 400 ක් පමණ සැකකරුවන් විරුද්ධව චෝදනා ගොනු කළ බවයි. එයින් භාගයකට වඩා පිරිසක් වැරදිකරුවන් කර ඇත. මේ අතර (American Civil liberation Union) 7000 ක පිරිසක් පනත අනිසි ලෙස යෙදවීම ගැන පැමිණිලි කර ඇති බව අධිකරණ දෙපර්ථමේන්තුවේ වාර්තා උපුටා දක්වමින් කීහ. ACLU සංවිධානය තව දුරටත් කීවේ බොහෝ දෙනා තමුන් පරික්ෂාවට භාජනය වෙමින් සිටින බව ‍නොදැන සිටි බවයි. ඒ මන්ද යත් කියතොත් නීතිය මගින් අවශ්ය වූයේ පරීක්ෂණ රහසේ කළ යුතු වීමයි. DARPA නම් ආයතනය 2002 මුලදී සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව ඇති වැඩ සටහන් ආරම්භ කළේය. එය සැළසුම් කරන ලද්දේ ත්රnස්ත විරෝධි කටයුතු වල දී පාවිච්චි කිරීමට හැකි වීම පිණිස තොරතුරු තාක්ෂණය දියුණු කිරිම සඳහා මෙම වැඩ සටහනට බොහෝ විවේචන එල්ල වීම නිසා කොංග්රරසය විසින් මුදල් යෙදවීම නතර කරනු ලැබිනි.

ආරක්ෂ‍ාව සහ යුද කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ රජයේ බලඅධිකාරියේ බොහොමයක් නැවත ප්ර තිසංවිධානය කරන ලදී. මෙයින් වඩාත් වැදගත් වූයේ දේශයේ ආරක්ෂා කටයුතු සම්බන්ධයෙන් දේශය සුරකීමේ දේපාර්ථමේන්තුවයි. (The Department of Homeland Security) පිහිටුවිමයි. මෙය ආරක්ෂක දෙපාර්ථමේන්තුව තුළට හමුදාවන් ඒකාබද්ධ කිරීම ඇරඹීමෙන් පසු කරන ලද එ.ජනපද ෆෙඩරල් රජයේ විශාලතම ප්රaතිසංවිධානයයි. 9/11 න් පසු රහසින් ස්ට්රැදටර්ජික් ඉන්ෆ්ලුවන්ස් කාර්යාලය නිර්මාණය කරන ලද්දේ ප්රතචාරක කටයුතු සම්බන්ධිකරණය සඳහා වුවත් එය අනාවරණය වීමෙන් සුලු කලකට පසුව වසා දමන ලදී.

නොබොදා නියෝජිත මන්ත්රිු මණ්ඩල මණ්ඩලය 9/11කොමිෂමෙන් නිර්දේශය කරන ලද කරුණු බොහොමයක් නීතිගත කරමින් පණතක් සම්මත කළේය. පනත පාර්ලිමේන්තුව තුළ 299 – 128 ප්රොමාණයකින් සම්මත වුවත් තවමත් සෙනෙට් මන්ත්රිප මණ්ඩලය තුළ සළකා බැලෙමින් පවතී. තවමත් පනත සම්බන්ධයෙන් ප්රටතිපාදන යොදවා නැත.


http://en.wikipedia.org/wiki/War_on_terror#North_America

"https://si.wikipedia.org/w/index.php?title=උතුරු_ඇමරිකාව_ගැන&oldid=471901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි