උත්තල දර්පණ

විකිපීඩියා වෙතින්

උත්තල දර්පණය[සංස්කරණය]

නාභිය, නාභි දුර, වක්‍රතා කේන්ද්‍රය, ප්‍රධාන අක්ෂය, ආදිය දක්වන උත්තල දර්පණ රූප සටහනක්

උත්තල දර්පණයක්, මත්ස්‍ය අක්ෂි දර්පණයක් හෝ අපසාරී දර්පණයක් යනු, පරාවර්තක පෘෂ්ඨය ආලෝක ප්‍රභවය දෙසට නෙරා ඇති වක්‍ර දර්පණයකි. උත්තල දර්පණ විසින් ආලෝකය බැහැරට පරාවර්තනය කරන බැවින්, අලෝකය නාභිගත කිරීම සඳහා ඒවා භාවිතා කල නොහැක. මෙවැනි දර්පණ සැමවිටම අතාත්වික ප්‍රතිබිම්බයක් තනන්නේ, නාභිය F සහ වක්‍රතා කේන්ද්‍රය 2F යන දෙකම දර්පණය " තුල " පිහිටන, සම්ප්‍රාප්ත විය නොහැකි, අතාත්වික ලක්ෂයන් නිසාය. එමනිසා, මෙම දර්පණ මගින් සාදන ප්‍රතිබිම්බ තිරය මතට ගත නොහැක. (ඒවා දර්පණය තුල පිහිටන බැවින්)

උත්තල දර්පණයේ මුහුණතට ඇඳි අභිලම්භයේ දිශානතිය දර්පණය වන තැනින් තැනට වෙනස් වන බැවින් සමාන්තර ආලෝක කදම්භයක් උත්තල දර්පණයකින් පරාවර්තනය වූ විට අපසාරී (විසිරේ) වේ.


ප්‍රතිබිම්භ[සංස්කරණය]

උත්තල දර්පණ මගින් ප්‍රතිබිම්භ ඇතිවීම


උත්තල දර්පණ මගින් ප්‍රතිබිම්භ ඇතිවීම

ප්‍රතිබිම්භය සෑම විටම අතාත්වික (සත්‍ය වශයෙන්ම කිරණ ප්‍රතිබිම්භය තුළින් ගමන් නොකරයි) කුඩා හා උඩුකුරු වේ. මෙම ගුණාංගය නිසා උත්තල දර්පණ ඉතා ප්‍රයෝජනවත් වේ. දර්පණය තුළින් සෑම දේම කුඩාවට පෙනෙන බැවින් සාමාන්‍ය තල දර්පණයකට සාපේක්ෂව , එමගින් විශාල ප්‍රදේශයක් දර්ශනය දැකගත හැක. මෙහිදී ප්‍රතිබිම්භය සංකුංචනය සිදුවේ.


ප්‍රයෝජන/ භාවිතයන්[සංස්කරණය]

වාහන පැති කණ්ණාඩි ලෙස උත්තල දර්පණවල පොදු භාවිතයකි. සමහර රටවලද එම උත්තල දර්පණ මත ‘දර්පණය තුළ වූ ප්‍රතිබිම්භ/ වස්තූන් පෙනෙනවාට වඩා ළඟින් පිහිටයි’ යනුවෙන් අනතුරු හැඟවීමක් සටහන් කර තිබේ. මෙමගින් උත්තල දර්පණ දුර පිළිබඳ අවබෝධයද විකෘති කරන බව රියැදුරාට සිහිගැන්වේ.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වල භාවිතා කරන්නාට ඔවුන් පිටුපස කුමක් වන්නේද යන්න දැක ගැනීමට ඉඩ සලසන සරල හා ප්‍රයෝජනවත් ආරක්ෂක උපාංගයක් ලෙස උත්තල දර්පණ යෙදා තිබේ. Think Greek සහ වෙනත් සමාගම් මගින් මේ ආකාරයටම යොදාගතහැකි සාමාන්‍ය පරිගණක තිරයටම සවිකළ හැකි උපාංග නිර්මාණය කරති.

කැමරා සහිත ජංගම දුරකථනවල තමාගේම ඡායාරූපයක් ලබා ගැනීමේදී භාවිතා කරන්නාට නිවැරදිව කැමරාව එල්ල කල හැකි වන සේ උත්තල දර්පණ යෙදා තිබේ.

උත්තල දර්පණවල ගුණාංගයන් මෙලෙස විශේෂ අරමුණුවලට සඳහා නිෂ්පාදනය නොකල වස්තූන් වලද දැකිය හැක.සමහර ඩ්‍රෝවින් පින් (Drawing Pin ) නත්තල් ගස් සරසන වර්ණවත් විදුලි බුබුළු සහ අව්කණ්නාඩි පවා වෙනත් උපකරණ / වස්තූන් සඳහා නිදසුන් වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Convex_mirror

"https://si.wikipedia.org/w/index.php?title=උත්තල_දර්පණ&oldid=92970" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි