උණුසුම් වැසි වනාන්තර

විකිපීඩියා වෙතින්
වැසි වනාන්තර වල උණුසුම් ප්‍ර‍ෙද්ශ පෙන්නුම් කරන සිතියමක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගෝන් ප්‍රදේශයේ Mount Hood Wilderness උණුසුම් වැසි වනාන්තරය. මෙම ප්‍රදේශයෙහි කන්දෙහි බටහිර පැත්තට වසරකට මීටර් 2.5 කට වැඩි ප්‍රමාණයක් වර්ෂා පතනය ලැබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔවිගෝන් ප්‍රදේශයේ Multnomah Falls හි ඇති උණූසුම් වැසි වනාන්තරයක්
Chiloe Island හි Valdivian වැසි වනාන්තරය
කැනඩාවේ බ්‍රිටිෂ්කොලෝම්බියා හි Capilano Suspension Bridge හි ඇති උෂ්ණාධික වැසි වනාන්තරයක්.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ජනපද වල පිහිටි Queets වැසිවනාන්තරය

උණුසුම් වැසි වනාන්තර යනු කේතුධර හෝ පළල් පත්‍ර සහිත වනාන්තර වන අතර ඒවා ඉහළ වර්ෂා පතනයක් ලැබෙන මධ්‍ය අක්ෂාංශ වල පිහිටා ඇත. මේවායින් බොහෝමයක් තෙත් සමුද්‍ර දේශ ගුණයන් සහිත බටහිර සහ උතුරු ඇමෙරිකාවේ, (දකුණු ඇලස්කාවේ සිට මධ්‍යම කැලිෆෝනියාව දක්වා) බටහිර යුරෝපයේ (දකුණු නෝර්වේ සිට උතුරු ස්පාඥ්ඥය දක්වා), නිරිත දිග දකුණු ඇමෙරිකාවේ (දකුණු කයිල් ප්‍රදේශය), ගිනිකෝණ දිග ඔස්ට්‍රේලියාව (තස්මේනියාව / වික්ටෝරියා) සහ බටහිර නවසීලන්තයේය. (බටහිර වෙරළෙ දකුණු දූපත්) අනෙකුත් ඒවා තෙත් කාළගුණයක් සහිත උප නිවර්ථන කලාප වල පිහිටා ඇත. (නැගෙනහිර කළු මුහුද සීමාවේ පවතින තුර්කිය සහ ජෝර්ජියාව, නවසීලන්තයේ උතුරු දූපත්, දකුණු අප්‍රිකාවේ Garden Route, බටහිර ජපානය සහ තායිවානයේ මධ්‍යම කඳු පන්ති වල පිහිටා ඇති උණුසුම් කේතුධර වැසි වනාන්තර) ඇතැම් ප්‍රදේශ වනුයේ රුසියාවේ ඈත නැගෙනහිර ප්‍ර‍දේශවල් (උසුරී, මැන්චුරියා, සක්ලීන්), ආසියාවේ ඇතැම් ප්‍රදේශ, කොළෝමිබියාවේ රොකි කඳු පන්ති, කැරිබු කඳු, රොකි කඳු වල අගල් ප්‍රදේශ සහ කොළොම්බියා කඳු වැටි. නැගෙනහිර උතුරු ඇමෙරිකාවේ ඇපනේචියන් කඳු වල වැඩිදුරටත් ‍මහද්වීපික දේශ ගුණයක් පවතින අතර වර්ෂාව සහ හිම පතනය ලැබීම සඳහා ප්‍රමාණවත් තරම් උෂ්ණත්වයක් ලබයි. නැගෙනහිර ආසියාවේ සදාහරිත කේතුධර වනාන්තරයන් වලට කදිම උදාහරණයක් වනුයේ චීනය සහ උතුරු කොරියානු චැන්බේ කඳු වල ඇති කේතුධර වනාන්තරයි.

"https://si.wikipedia.org/w/index.php?title=උණුසුම්_වැසි_වනාන්තර&oldid=470708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි