ඊජිප්තු - ගෘහ නිර්මාණ ශිල්පය

විකිපීඩියා වෙතින්

ඊජිප්තු - ගෘහ නිර්මාණ ශිල්පය

පුරාණ ඊජිප්තු ගෘහ නිර්මාණ ශිල්පය විදහා දක්වන අංග අතර පිරමීඩ හා ආගමික ස්ථාන ප්‍රධාන තැනක් ගනී. ආදී ඊජිප්තු ගල් වඩුවෝ මෙම නිර්මාණ සඳහා ඉතා දියණු මෙවලම් හා ආයුධ භාවිතා කර ඇත.

එකල සමාජයේ ප්‍රභූවරුන්ගේ නිවාස තැනීමට වටිනා අමුද්‍රව්‍ය යොදා ගෙන තිබූ අතර අද වන විට ඒවා සියල්ලක්ම පාහේ විනාශ වී ඇත. නමුදු මල්කාටා හා අටාමා යනුවෙන් හැදින්වෙන රජමාළිගා දෙකක නටඹුන් තවමත් ඉතිරිව ඇත. ආගමික ස්ථාන වැනි ඉදිකිරීම් කළුගලින් නිමවා ඇත්තේ ඒවායේ දිඝුකාලීන පැවැත්ම උදෙසාය.

දැනට හමුවී ඇති ඉපැරණිතම ආගමික ඉදිකිරීම් ගල්කණු වලින් සමන්විත ශාලා වලින් යුක්තයි මීට නිදසුන් ගිසා ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. මස්ටාඩා (ඵ්ිඒා්) ප්‍රදේශයෙන් හමුවී ඇති සොහොන් කොත ද එකල පැවති සොහොන් කොත් ඉදිකිරීම් කලාව මැනවින් විදහා පායි.