ඉසින්බැස්සගල

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ඉසින්බැස්සගල

ඉසින්බැස්සගල ශ්‍රී ලංකාවේ ඇති බෞද්ධයන්ට අතිශයෙන්ම වැදගත් පූජනීය ස්ථානයකි.

පිහිටීම[සංස්කරණය]

උතුරුමැද පලාතේ මැදවච්චිය නගරය පසු කොට කිලෝමීටර් 1.4 පමණ කටුගස්තෙට - යාපනය (AA9) අධිවේගී මාර්ගයේ පසෙකට වන්නටය. ඉතා විශාල උස් පැතලි ගල් තලාවක් වන මෙයට රුවන්ගිරි රජමහා විහාරය යයිද විවහාර කරනු ලැබේ. ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස මිහින්තලයට වැඩීමට ප්‍රථම විවේක ගත් ස්ථානය වශයෙන්ද ඉසින්බැස්සගල සැලකේ. මෙම ගල්තලාව මතට ගිය විට මුළු උතුරුමැද පලාතම දර්ශනීයව දිස් වේ.

රුවන්ගිරි රජමහා විහාරය[සංස්කරණය]

ගල්තලාව පිහිටා ඇත්තේ නුවර - යාපනය (A9) අධිවේගී මාර්ගයේ ආසන්නයේ වුවත් රුවන්ගිරි රජමහා විහාරය නම් මෙම ගල්තලාව අයත් පන්සල පිහිටා ඇත්තේ ගල්තලාවට පසෙකින් ප්‍රධාන මාර්ගයෙන් ඇතුලට වන්නටය.

ඉසින්බැස්සගල සිට පහල පෙනෙන දර්ශන තලයක්

ඉතිහාසය[සංස්කරණය]

අතීතයේ දී ඍද්ධි බලයෙන් වැඩම කරන ලද ඉසිවරුන් මෙම ගල්තලාව මතට බැසීම නිසා එය "ඉසිවරුන් බැස්ස ගල" ලෙස හඳුන්වා ඇත. පසු කලක දී "ඉසිවරුන් බැස්ස ගල" යන්න "ඉසින්බැස්සගල" බවට පත්ව ඇත.එසේම අප බුදුපියාණන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනය වන දම්සක් පැවතුම් දේශනය කළ ස්ථානය වන්නේද මෙම ස්ථානය බවට එක් මතයක් පවතී. ඇතමකුගේ විශ්වාසය වී ඇත්තේ අනුබුදු මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස මෙම ගල්තලාවට වැඩම කර මිහින්තලා ප්‍රදේශය නිරීක්ෂණය කොට ඉන් අනතුරුව මිහින්තලාවට වැඩම කළ බවය. මෙම ස්ථානය පසුව පූජනීය ස්ථානයක් වශයෙන් දේවානම්පියතිස්ස රජතුමා විසින් ගොඩනගා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 250-210 කාලයේදී පමණ යැයි සැලකේ.

පුරාණ ඉදිකිරීම්[සංස්කරණය]

ඉසින්බැස්සගල මත මෑතකාලීනව ඉදිවුන ඉදිකිරීම් රැසක් ඇතත් ඉපැරණිව ඉදිකොට තිබූ ස්ථූපය තිබූ ස්ථානයෙහිම නව ස්ථූපය ඉදිකොට ඇත්තේ විසිවන ශතවර්ෂයේ මැද භාගයේදි පමණය.

නාග ගල සහ සිරිපතුල් ගල[සංස්කරණය]

මෑතකාලීන කැණීම් කිරීමේදී හමුවූ නාග ගල සහ සිරිපතුල් ගල වන්දනාමාන කිරීම සඳහා යොදා ගනු ලැබූ සංකේත වශයෙන් සැලකේ. මෙම සංකේත යුගලය ලක්දිව කාල පරාසයන් දෙකක පිඹිබුවක් වශයෙන්ද සැලකේ. බුදුදහම ලක්දිවට පැමිණීමට පෙර නාග වන්දනාව ප්‍රචලිතව තිබූ බවට පුරාවෘත්තියක් පවතින අතර ප්‍රතිසංස්කරණ කටයුතු වලදී හමුවන මෙවැනි සාධක මගින එය සනාථ වේ.

සිරිපතුල් ගල[සංස්කරණය]

බුදුදහම ලක්දිවට පැමිණි මුල් යුගයේ බුදුරජානන් වහන්සේ නිරූපණය සඳහා පිලිරූ භාවිතාවක් නොතිබූ අතර ඒ සඳහා භාවිතාවූයේ ගල්මුවා සිරිපතුලකි. වර්ථමානයේ මෙම සිරිපතුල චෛත්‍ය පසෙකින් සංරක්ෂණය කොට තබා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ඉසින්බැස්සගල&oldid=487907" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි