ඉස්ලාම් සහ නූතනත්වය

විකිපීඩියා වෙතින්

ඉස්ලාම් සහ නූතනත්වය වනාහි, නූතනත්වය නැමති සංසිද්ධිය සහ ඒ හා සබැදි සංකල්ප සහ අදහස්, සහ ඉස්ලාම් ආගම අතර පවත්නා වූ සම්බන්ධතාව සහ අනුකූලතාවයයි.

ඉස්ලාම් සහ නූතනත්වය අතර සම්බන්ධතාව අවබෝධ කර ගැනීම පිණිස, ආරම්භ‍යේදීම අවධාරණය කල යුතු කරැණක් නමි, ඉස්ලාම් සහ නූතනත්වය සරල නොවන සහ ඒකාබද්ධ කාරණා යුගලක් බවයි. ඒවා සරල කොටස් වල‍‍ට ඌනනය කල නොහැකි තනි ප්‍රමාණයන් වේ. ඉස්ලාම් ආගමේ ඉතිහාසයද අනෙකුත් ආගමි වල ඉතිහාසයන් සේම, විවිධ අර්ථ නිරූපණයන් සහ ඉස්ලාමික ප්‍රවේශයන්‍‍ගේ සංකලනයකින් යුතු ඉතිහාසයකි. “පෞරාණික සංවර්ධන ක්‍රියාවලියෙන් බැහැර වූ ‍‍ඓතිහාසික ඉස්ලාම් ආගමක් නැත්තේය.” එලෙසම, නූතනත්වයද ඒකාබද්ධ සහ එකිනෙක සම්බන්ධිත සංසිද්ධියකට‍වඩා සංකීර්ණ සහ බහුමාන සංසිද්ධියකි. අතීතයේදී එහි විවිධ දිශාවන්ගෙන් ගලා ආ සාමිප්‍රදායික චින්තනයන් තිබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාම්_සහ_නූතනත්වය&oldid=104007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි