ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය

විකිපීඩියා වෙතින්
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය” යනු ඕනෑම කැඩී ගිය අනවශ්‍ය විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික භාණ්ඩයන් වේ.ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද?ලෙක්ට්‍රොනික භාණ්ඩයන් සමහරක් තව දුරටත් වෙළඳ ද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කළ හැකි නමුත් නැවත භාවිතා නොකළ හැකි අපද්‍රව්‍යම ලෙස සැලකේ. මෙහිදී දෙආකාරයේම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය වල දිරානොයන අහිතකර විෂ සහිත කොටස් අඩංගු වන හා ජෛව ජීර්ණ නොවන බවට වන පිළිගැනීම් මත ක්‍රමයෙන් වර්ධනය වන මත ගොඩ නැගී ඇත. වේ. එම නිසා එය සැළකිල්ලට ගෙන බොහෝ යුරෝපීය රටවල් 1990 දී තම භූමිය ගොඩ කිරීම් කටයුතු සඳහා මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය භාවිතය තහනම් කරන ලදී.

යුරෝපීය සංගමය විසින් 2002 දී යුරෝපයේ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය පිළිවෙත තවදුරටත් වැඩි දියුණු කරන ලදී. “විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විධානය” මගිනි. එහිදී කියවූයේ සෑම ඉලෙක්ට්‍රොනික හෝ විද්‍යුත් උපකරණයක්ම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් වූ විට එය බැහැර කිරීම එය නිෂ්පාදනය කළ සමාගමේ වගකීමක් බවයි. තවද මෙවැනි නීති ආසියාවේ ද ක්‍රියාත්මක වන අතර ඇමරිකාවද තමාගේ ප්‍රාන්ත මට්ටමට පමණක් සීමා වීමේ හා සම්බන්ධ නීති ක්‍රියා කරයි. එසේ වීමට හේතුව වී ඇත්තේ ඔහු ඉලෙක්ට්‍රොනික නීති කෙටුම්පත සඳහා එක්සත් ජනපද කොන්ග්‍රසය දැක් වූ ප්‍රතිරෝධය නිසාය.

මෙහිදී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට වැයවන අධික වියදම නිසා හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අපනයනය සම්බන්ධයෙන් සුදුසු පරිදි නීති ගොඩනැගී නැති නිසා එහිදී භාවිතා කළ ඉලෙක්ට්‍රොනික උපකරණ ඉතා විශාල ප්‍රමාණයක් චීනය, ඉන්දියාව හා කෙන්යාව වැනි රටවලට යවා ඇත. එහිදී ඉතා අඩු පරිසර තත්ත්වයන් හා වැඩ කිරීමේ තත්වවලට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සැකසීම වඩා ලාභදායී කර ඇත.