ඉලීය නෂ්ටාසේ

විකිපීඩියා වෙතින්
ඉලීය නෂ්ටාසේ
2009 වසරෙහිදී ඉලීය නෂ්ටාසේ
රට (ක්‍රීඩා)රුමේනියාව
උපත19 ජූලි 1946 (1946-07-19) (වයස 77)
බුකරෙස්ට්, රුමේනියාව
උස1.82 මී (6 අඩි 0 අඟ)
වෘත්තීය තත්වයට පත්වූයේ1969
විශ්‍රාම ගියේ1985
ක්‍රීඩා විලාශයදකුණතින්-පිත්ත මසුරුවන (එක්-අතකින් පිටි අත් පහර)
Prize moneyUS$ 2,076,761
Int. Tennis HoF1991 (member page)
Career record886–332
Career record479–208

ඉලීය "නාස්ටි" නෂ්ටාසේ (රුමේනියානු උච්චාරණය: [iˈli.e nəsˈtase], උපත 19 ජූලි 1946) යනු, a රුමේනියානු හිටපු ලෝක අංක 1 වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයෙක් වන අතර, 1970 ගණන් වලදී ලෝකයේ ඉහළ මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු විය. 1973 අගෝස්තු 23 දින සිට 1974 ජූනි 2 දක්වා ඔහු ලෝකයේ අංක 1 අනුස්ථිතිය දැරීය. ඉතිහාසය පුරා ඒටීපී වෘත්තීමය අභිධානයන් සියයකට වඩා (58 කේවල සහ 45 යුග්ම) දිනාගත් ක්‍රීඩකයන් පස් දෙනා අතුරින් නෂ්ටාසේ එක් අයෙකු වෙයි .[1] ජාත්‍යන්තර ටෙනිස් කීර්තිමතුන්ගේ ගොන්න වෙතට ඔහු එක්කෙරුණේ 1991 වසරෙහිදීය. නෂ්ටාසේ විසින් ග්‍රෑන්ඩ් ස්ලෑම් අභිධානයන් හතක්, කේවල දෙකක්, පිරිමි යුගල තුනක් සහ මිශ්‍ර යුගල දෙකක්, දිනා ගන්නා ලදි. මාස්ටර්ස් ග්‍රොන් ප්‍රී වසර-අවසාන ශූරතා අභිධාන සතරක් සහ වර්තමාන මාස්ටර්ස් 1000 සඳහා පූර්වගයන්වූ ශූරතා තරග මාලා අභිධාන (1970–73) හතක්ද ඔහු විසින් දිනා ගන්නා ලදි. ටෙනිස් සඟරාව විසින්, 2005 වසරෙහිදී, ඔහු පෙර වසර 40 තුල බිහිවූ 28වන-හොඳම ක්‍රීඩකයා ලෙසින් නම් කෙරිණි. එක් තරගයක් හෝ නොපැරදී ප්‍රංශ විවෘත අභිධානයක් දිනා ගත් පළමු පිරිමි ක්‍රීඩකයා ඔහු විය (1973).

මතභේදාකාරී හැසිරීම[සංස්කරණය]

ගිජෙර්මෝ වීලාස්ගේ තරග 46 ක් පුරා අඛන්ඩව පවත්වාගෙන පැමිණි ජයග්‍රහණ මාලාව අවසන් කිරීම සඳහා, 1977 වසරෙහිදී ' ස්පැගෙටි තන්තු වියැණු' (දෙවරක්-තන්තු වියැණු) පිත්තක් භාවිතා කිරීමට නෂ්ටාසේ විසින් ක්‍රියා කරන ලදි. දින කිහිපයකින් අනතුරුව, ඒටීපී විසින් එවැනි පිති භාවිතා කීරීම තහනම් කෙරිණි.[2]

1994 වසරෙහිදී, ඔහුගේ රටෙහි ඩේවීස් කුසලාන නායකයාවූ නෂ්ටාසේ, මහා බ්‍රිතාන්‍යයට එරෙහිව රටින් පිට තරගයක් වෙනුවෙන් තහනමකට ලක්වූයේ, දකුණු අප්‍රිකාවකට එරෙහිව තරගයකදී ඔහුගේ අපචාරී හැසිරීම නිසාවෙනි.[3] 2017 වසරෙහිදී, මහා බ්‍රිතාන්‍යයට එරෙහිව ඔහුගේ රටෙහි ෆෙඩ් කුසලාන කණ්ඩායම සඳහා නායකත්වය සපයද්දී නෂ්ටාසේ යළිත් මතභේදකාරී තත්ත්වයක් මධ්‍යයට පිවිසියේය. වාරය තෝරා ගැනීම සඳහාවූ උත්සවය තුලදී සෙරිනා විලියම්ස්ගේ නූපන් දරුවා පිළිබඳ ඔහු විසින් පරිභවතාත්මක පරිකථනයක් සිදු කරන ලද අතර පෙර දින රාත්‍රියෙහි කණ්ඩායම් රාත්‍රි භෝජන සංග්‍රහයෙහිදී ප්‍රති කණ්ඩායමෙහි ඔහුගේ අනුරූප නිලධාරියා ඈන් කියොතෝවෝං වෙතින් සෙරිනාගේ කාමර අංකය විමසා ඇත. විලියම්ස්ගේ ප්‍රොක්ත මත්ද්‍රව්‍ය භාවිතයක් පිළිබඳව නෂ්ටාසේ විසින් මීට පෙර අභූත පරිකථන සිදු කොට තිබුණි. [4] ඉන්පසු, තරග මාලාව ක්‍රීඩාකිරීම ඇරඹීමට පෙර, පෙරදිනයේ වූ ඔහු විසින් සිදු කල පරිකථන වාර්තා කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් අභියෝගයට ලක්කිරීමට නෂ්ටාසේ විසින් මාධ්‍ය කේන්ද්‍රයට කඩා වැදුණු බවට ප්‍රෝක්ත අයුරින් සඳහන් වෙයි. ප්‍රෙස් එසෝෂියේෂන් ස්පෝට් හී ටෙනිස් වාර්තාකරු ඇලනෝර් කෲක් පමණක් හමුවූ නෂ්ටාසේ විසින් එහිදී මෙම වාර්තාකරණය පිළිබඳව අක්‍රෝෂ පරිභවයක් දියත් කර ඇත.[5] දෙවන තරගය තුලදී නෂ්ටාසේ ක්‍රිඩාංගණයෙන් පිටුවහල් කෙරිණි.[6] අයිටීඑෆ් විසින් වැඩිමනත් වශයෙන් නිකුත්කල ප්‍රකාශනයක් පරිදී නෂ්ටාසේගේ නිල පිළිගැනීම ඉවත් කර ඇති බවත් තරග මාලාව තුල තවදුරටත් ඔහු සහභාගී නොවන බවත් දන්වා තිබුණි. (බ්‍රිතාන්‍ය්‍යන් මේ දිනවල ඉතා සංවේදී වන බැවින්).[7]

ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; atpworldtour1 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ක්වෙෂ්චන් ඔෆ් ද ඩේ: රීවිසිටිං ද ස්පැගෙටි රැකට්. TENNIS.com (පෙබරවාරි 2013). සම්ප්‍රවේෂය 2017-02-23 දිනදී.
  3. http://www.independent.co.uk/sport/tennis-cup-ban-for-nastase-1439739.html
  4. http://www.bbc.co.uk/sport/tennis/39674903
  5. http://www.telegraph.co.uk/tennis/2017/04/22/ilie-nastase-launches-nasty-outburst-british-journalist-reporting/
  6. http://www.independent.co.uk/sport/tennis/ilie-nastase-britains-johanna-konta-anne-keothavong-fed-cup-match-a7696666.html
  7. සංරක්ෂිත පිටපත, http://www.fedcup.com/en/news/258707.aspx, ප්‍රතිෂ්ඨාපනය 2017-04-23 
"https://si.wikipedia.org/w/index.php?title=ඉලීය_නෂ්ටාසේ&oldid=597580" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි