ඉමෛකා නොඩිගල්

විකිපීඩියා වෙතින්

ඉමෛකා නොඩිගල්
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයආර්. අජෙයි ඥානමුත්තු
රචනයපට්ටුක්කෝට්ටෛ ප්‍රබාකර් (දෙබස්)
තිර රචනයආර්. අජෙයි ඥානමුත්තු
කතාවස්තුවආර්. අජෙයි ඥානමුත්තු
නිශ්පාදනයසී. ජේ. ජයකුමාර්
රංගන ශිල්පීන්නයන්තාරා
අනුරාග් කාශ්‍යප්
අතර්වා
රාශි ඛන්නා
සිනෙමාරූපණයආර්. ඩී. රාජසේඛර්
සංස්කරණයභුවන් ශ්‍රීනිවාසන්
සංගීතයහිප්හොප් තමිළා
Production
company
කැමියෝ ෆිල්ම්ස් ඉන්ඩියා
නිකුත්වූ දිනය
  • 30 අගෝස්තු 2018 (2018-08-30)
තිර කාලය
මිනිත්තු 170
රටඉන්දියාව
භාෂාවදෙමළ

ඉමෛකා නොඩිගල් (සාහි. ඇසිපිය නොගැටෙන නිමේෂයන්) යනුවෙන් හැඳින්වෙන්නේ නයන්තාරා, අතර්වා, රාශි ඛන්නා, සහ අනුරාග් කාශ්‍යප් ප්‍රධාන චරිත නිරූපණය කරන 2018 ඉන්දියානු දෙමළ-භාෂා මනෝවිද්‍යා සංත්‍රාස චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය රචනා සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ ආර්. අජෙයි ඥානමුත්තු විසිනි. එහි සංගීත නිමැවුම හිප්හොප් තමිළා විසින් ද, සිනෙමාරූපණය ආර්. ඩී. රාජසේඛර් විසින් ද, සංස්කරණය භුවන් ශ්‍රීනිවාසන් විසින් ද, සහ නිෂ්පාදනය සී. ජේ. ජයකුමාර් විසින් ද සිදුකරන ලදී.[1] බුද්ධිමත් සීබීඅයි නිලධාරියකු විසින් ඝාතකයකු හඳුනාගන්නා අයුරු නිරූපිත මෙම චිත්‍රපටය 2018 අගෝස්තු 30 දින මුදාහැරිණි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Nayanthara signs Ajay Gnanamuthu`s `Imaikkaa Nodigal`". Sify. සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2016.
"https://si.wikipedia.org/w/index.php?title=ඉමෛකා_නොඩිගල්&oldid=430811" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි