ඉමැජීන් ( 3D ආකෘතීකරණ මෘදුකාංගය )

විකිපීඩියා වෙතින්

ඉමැජින් යනු මුලින්ම ඇමීගා පරිගණකවලට හා පසුව MSDOS හා මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පරිගණක සඳහාද පැමිණි අතිනවීන 3D ආකෘතීකරණ හා කදම්භ අනුරේඛනය කරන වැඩසටහනක නමකි. එය නිෂ්පාදනය කරනු ලැබුවේ ඉම්පල්ස් සමාගම් මගිනි. එය එහි වස්තු සඳහා iob දිගුව යොදා ගන්නා ලදී. ඉමැජීන් ඇමීගා පරිගණක සඳහා ඉම්පල්ස් විසින්ලියන ලද ටර්බෝ සිල්වර් මෘදුකාංගයේ ව්‍යුත්පන්නයකි. මෙම වැඩසටහනේ වින්ඩෝස් සංස්කරණය ඉම්පල්ස් 3D මෘදුකාංග වෙළඳපොලෙන් ඉවතට විසි වීමත් සමග නැතිවී ගියේය. නමුත් ඇමීගා සංස්කරණය දැනට CAD ටෙක්නොලොජීස් මගින් නඩත්තු කිරීම සහ විකිණීම සිදු කරයි.