ඉන්දු–චීන සබඳතා
Appearance
ඉන්දියාව |
චීනය |
---|---|
තානාපති කාර්යාලය | |
ඉන්දීය තානාපති කාර්යාලය, බීජිං | චීන තානාපති කාර්යාලය, නව දිල්ලිය |
තානාපති | |
චීනයේ ඉන්දීය තානාපති ප්‍රදීප් කුමාර් රාවට් | ඉන්දියාවේ චීන තානාපති Xu Feihong |
ඉන්දියාව සහ චීනය අතර සබඳතා වසර දහස් ගණනක ඉතිහාසයක් පුරා විහිදෙයි. ඓතිහාසිකව ඉන්දියාව සහ චීනය අතර සබඳතා බොහෝ දුරට සාමකාමී වූ නමුත්, වර්තමානය වන විට විවිධ සිදුවීම් නිසාවෙන් මෙම සබඳතා දුර්වල විමකට ලක් ව ඇත. 1949 චීන සිවිල් යුද්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ජය ගැනීමත්, මහජන චීන ජනරජය විසින් ටිබෙටය ඈඳාගැනීමත් මෙයින් ප්‍රධාන සිදුවීම් ලෙස සැළකිය හැකිය. රාජ්‍යයන් දෙකම එකිනෙකා සමග ආර්ථිකමය සහයෝගීතාව වර්ධනය කිරීමට උනන්දු වී ඇතත්, නිරන්තර දේශසීමා ආරවුල් සහ රටවල් දෙකෙහිම පවතින ආර්ථිකමය ජාතිකවාදී මතවාදත් සබඳතා දුර්වල කිරීමට දායක වේ.