ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය

විකිපීඩියා වෙතින්
(ඉන්දීය ප්‍රීමිය ලිග තරගාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)

website iplt20.com ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය යනු ඉන්දියාවේ නගර නියෝජනය කරන කණ්ඩායම් 10 ක් අතර සෑම වසරකම අප්‍රේල් සිට මැයි දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියකි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තරගාවලිය ආරම්භ කරන ලද අතර එය හිටපු කොමසාරිස් ලලිත් මෝදිගේ සංකල්පයකි.[1] අයිපීඑල් ලෝකයේ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් සහභාගී වූ ක්‍රිකට් ලීග් තරගාවලිය වන අතර, 2014 වසරේදී ක්‍රිකට් ලීග් තරගාවලි අතරින් හයවන ස්ථානයට පත් විය.[2] අයිපීඑල් යූටියුබ් ඔස්සේ සජීවීව විකාශය වන ලොව ප්‍රථම ක්‍රීඩා උළෙල බවට පත්විය.[3][4]

IPL හි සන්නාම වටිනාකම 2017 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.3 ක් විය.[5] ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුව 2015 IPL තරගාවලියේ පමණක් සන්නාම වටිනාකම බිලියන 11.5 ක් විය.[6]

වත්මන් අයිපීඑල් ශූරයන් වන්නේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමයි. ඔවුන් 2023 තරගාවලිය ජයග්‍රහණය කරන ලදි.[7] සාර්ථකම පිතිකරු විරාත් කෝලි වන අතර සාර්ථකම පන්දු යවන්නා ඩී.ජේ. බ්‍රාවෝ ය.

කණ්ඩායම්[සංස්කරණය]

අවලංගු වූ කණ්ඩායම් Deccan Charges,Pune Worries India,Rising Pune Super Giants,Gujarat Lions වේ.

පසුබිම[සංස්කරණය]

ඉන්දියානු ක්‍රිකට් ලීග් තරගාවලිය 2007 වසරේදී ආරම්භ කරන ලද්දේ සී ඉන්ට්‍ර්ටෙන්මන්ට් එන්ටර්ප්‍රයිසස් විසින් සපයන ලද අරමුදල් මඟිනි.[8] ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෝ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දියානු ක්‍රිකට් ලීග් තරගාවලිය (ICL) පිළිගනු ලැබුවේ නැත. එහි කමිටු සාමාජිකයින්ද ICL විධායක මණ්ඩලය සමඟ සම්බන්ධ වී සිටියේ නැත.[9][10][11]

"මෙය අපේ රටේ ක්‍රීඩාංගන නවීකරණය කිරීමට හොඳ අවස්ථාවක්. එමෙන්ම තරුණ ප්‍රජාව තුළ පවතින දක්ෂතා හඳුනාගැනීමටද හොඳ අවස්ථාවක්."

2007 සැප්තැම්බර් මස 13 වන දින ඉන්දියානු ප්‍රීමියර් ලීග් නමින් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කරන ලදී. නව දිල්ලියේ ඉහළ පෙළේ උත්සවයකදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති ලලිත් මෝදි සිය අදහස පළමුවරට ප්‍රකාශ කළේය. අයිපීඑල් හිටපු ඉන්දීය ක්‍රීඩකයන්ගෙන් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් 7 දෙනෙකුගේ පාලන මණ්ඩලයක් විසින් පාලනය කරන බව අනාවරණය විය. අයිපීඑල් තරගාවලියේ හොඳම කණ්ඩායම් දෙකම එම වර්ෂයේ චැම්පියන්ස් ලීග් විස්සයි20 තරගාවලිය සඳහා සුදුසුකම් ලබාදීමට තීරණය කළේය.[12] තරගාවලියේ ආකෘතිය එංගලන්තයේ ප්‍රීමියර් ලීග් හා එක්සත් ජනපදයේ NBA තරගාවලිය හා සමාන විය.[11]

නව තරගාවලිය සඳහා අයිතිකරුවන් තීරණය කිරීම පිණිස 2008 ජනවාරි 24 වන දින අයිපීඑල් වෙන්දේසිය ඩොලර් මිලියන 400 ක් පමණ වූ මුලික මිල ගණන් යටතේ පවත්වන ලදී.[11] වෙන්දේසිය අවසානයේදී ජයග්‍රාහක ලංසුකරුවන් නිවේදනය කරන ලදී, එමෙන්ම එය නගර නියෝජනය කරන කණ්ඩායම් සඳහාද පදනම් වනු ඇත. එම කණ්ඩායම් වන්නේ බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, හයිද්‍රාබාද්, ජායිපූර්, කොල්කටා, මොහාලි, සහ මුම්බායිය.[11] වෙන්දේසිය අවසානයේදී සියලුම කොටස් විකිණීම සඳහා ඩොලර් මිලියන 723.59 ක් වැයවිය.[13]


මුලාශ්‍ර[සංස්කරණය]

කණ්ඩායම නගරය පලමුවාරය නායකයා හිමිකාරීත්වය ශූරතාව දිනූ වාර ගණන
Chennai Super Kings චෙන්නායි, තමිල්නාඩු ප්‍රාන්තය 2008 ඉන්දියාව මහේන්ද්‍ර සිං දෝනි INDIA CEMENT 5
Mumbai Indians මුම්බායි,මහාරාෂ්ට ප්‍රාන්තය 2008 ඉන්දියාව රෝහිත් ෂර්මා මුකේෂ් අම්බානි 5
Kolkata Knight Riders කොල්කටා,බටහිර බෙංගාල ප්‍රාන්තය 2008 ඉන්දියාව ශ්‍රියාස් අයියර් ශාරුක් ඛාන් 2
Gujarat Titans ගුජරාට් ප්‍රාන්තය 2021 ඉන්දියාව හර්ඩික් පාන්ඩයා 1
Sun Rises Hydrabad හයිද්‍රාබාද්,හයිද්‍රාබාද් ප්‍රාන්තය 2015 දකුණු අප්‍රිකාව ඒඩින් මාක්‍රම් 1
Rajasthan Royals රාජස්ථාන් ප්‍රාන්තය 2008 ඉන්දියාව සංජු සැම්සන් 1
Dilhi Capitals නව දිල්ලි,නව දිල්ලි ප්‍රාන්තය 2008 ඕස්ට්‍රේලියාව ඩේවිඩ් වෝනර් 0
Lucknow Super Giants ලක්නව්,උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය 2021 ඉන්දියාව ලෝකේෂ් රාහුල් 0
Royal Challengers Bangalore බැංගලෝර්,කර්ණාටක ප්‍රාන්තය 2008 දකුණු අප්‍රිකාව ෆෆ් ඩුෆ් ප්ලෙසිස් 0
Panjab Kings පන්ජාබ් ප්‍රාන්තය 2008 ඉන්දියාව ශිකර් ධවාන් 0
  1. "IPL confirms South Africa switch". BBC. 24 March 2009. සම්ප්‍රවේශය 12 February 2015.
  2. "Big Bash League jumps into top 10 of most attended sports leagues in the world". Sydney Morning Herald. සම්ප්‍රවේශය 5 April 2016.
  3. "IPL matches to be broadcast live on Youtube". ESPNcricinfo. සම්ප්‍රවේශය 5 April 2016.
  4. "IPL to broadcast live on YouTube". The Telegraph UK. සම්ප්‍රවේශය 5 April 2016.
  5. "IPL brand valuation rises to $5.3 billion: Duff & Phelps". The Times of India. සම්ප්‍රවේශය 3 September 2017.
  6. "IPL 2015 contributed Rs. 11.5 bn to GDP: BCCI". The Hindu. සම්ප්‍රවේශය 6 January 2016.
  7. "Mumbai clinch third IPL title in last-ball finish". ESPN. 21 May 2017. සම්ප්‍රවේශය 21 May 2017.
  8. "ICL announces team lists". Rediff. 14 November 2007. සම්ප්‍රවේශය 28 December 2015.
  9. Press Trust of India (13 June 2007). "BCCI shoots down ICL". Rediff.com. සම්ප්‍රවේශය 13 June 2007.
  10. Press Trust of India (21 June 2007). "BCCI hikes domestic match fees". Rediff.com. සම්ප්‍රවේශය 22 August 2007.
  11. 11.0 11.1 11.2 11.3 "Indian Premier League: How it all started". Times of India. 2 April 2013. සම්ප්‍රවේශය 28 December 2015.
  12. 12.0 12.1 Alter, Jamie (13 September 2007). "Franchises for board's new Twenty20 league". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 July 2017.
  13. "Cricinfo – Big business and Bollywood grab stakes in IPL". ESPNcricinfo. 24 January 2008. සම්ප්‍රවේශය 12 December 2011.