ඉන්දියාවේ ළමා ශ්‍රමිකත්වය

විකිපීඩියා වෙතින්
ලෝක බැංකු දත්ත ප්‍රකාර, 2003 වසර උදෙසා 10–14 වයස කාණ්ඩයෙහි, ඉන්දියාවේ සහ ලොව අනෙකුත් ප්‍රදේශ වල ළමා ශ්‍රමිකත්වය [1] ඇස්තමේන්තුගත 11% හා සමගින් ඉන්දියාව, කොළ පැහැති 10-20% ආපාත මට්ටම් වලට අයත් වන අතර, රතු (30–40%) සහ (40%-100%) මට්ටම් හී අනෙකුත් රටවල්ද පවතියි.

ළමා ශ්‍රමිකත්වය යනු, අර්ධ-කාලීන හෝ පූර්ණ-කාලීන පදනම් මත ළමුන් ආර්ථික ක්‍රියාකාරිත්වයන් සඳහා යොදා ගැනීමේ භාවිතයයි. මෙම භාවිතය වෙතින් ළමුන්ගේ ළමාවිය ඔවුනට අහිමි කරවන අතර, එය ඔවුන්ගේ භෞතික සහ මානසික වර්ධනයට අනර්ථකාරි වෙයි. දරිද්‍රතාවය, හොඳ පාසැල් නොමැති වීම සහ අවිධිමත් ආර්ථිකයෙහි වර්ධනය යන දේවල්, ඉන්දියාවේ ළමා ශ්‍රමිකත්වයට වැදගත් හේතූන් ලෙසින් සැලකෙයි. ඉන්දියාවේ 1998 ජාතික ජනසංගණනය විසින් ඇස්තමේන්තු කළේ, 5–14 වයස් කාණ්ඩයෙහි මුළු ළමා ජනගහණය වූ මිලියන 253 අතුරින්, 4–15 වයස් කාණ්ඩයෙහි මුළු ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව, මිලියන 12.6 ක් බවයි.[2][3]

2009–10 දී පැවතුනු දේශව්‍යාප්ත සමීක්ෂණයක් වෙතින් නිශ්චය කෙරුණේ ළමා ශ්‍රමිකත්ව පැවැත්ම ළමුන් මිලියන 4.98 (හෝ 5–14 වයස් කාණ්ඩයෙහි ළමුන් වෙතින් 2% ක් එයට අඩු ප්‍රතිශතයක් දක්වා) දක්වා පහත බැස ඇති බවයි.[4] 2011 වසරෙහි ඉන්දියාවේ ජාතික ජනසංගණනය වෙතින් නිශ්චය කරගනු ලැබුවේ 5–14 වයසැති ළමා ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 4.35 බවත්,[5] එම වයස් කාණ්ඩයෙහි මුළු ළමා ජනගහණය මිලියන 259.64 බවත්ය.[6] ළමා ශ්‍රමික ගැටළුව ඉන්දියාවට අනන්‍ය වූවක් නොවෙයි; ලෝකව්‍යාප්තව, මිලියන 217 පමණ ළමුන් ශ්‍රමිකයන් වන අතර, මෙයින් බොහෝමයක් පූර්ණ-කාලීනව එහි නියැලෙති.[7]

ඉන්දියානු නීතිය විසින් කර්මාන්ත 64 ක් විශේෂිත වශයෙන් උපද්‍රව සහිත ලෙස වර නගා ඇති අතර, එවන් උපද්‍රව සහිත කර්මාන්තයන්හී ළමුන් ශ්‍රමිකයන් ලෙසින් භාවිතා කිරීම සාපරාධී වරදක් වෙයි.[8] 2001 වසරෙහිදී, සියළු ළමා ශ්‍රමිකයන් අතුරින් ඇස්තමේන්තුගත 1% හෝ, ඉන්දියාවේ ළමුන් 120,000 පමණ උපද්‍රව සහිත රැකියාවක යෙදුනහ.[9] සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ, ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙතින්, 24 වන වගන්තිය යටතේ මූලික අයිතිවාසිකමක් ලෙසින්, උපද්‍රව සහිත කර්මාන්තයන්හී ළමා ශ්‍රමිකයන් යෙදීම (උපද්‍රව-රහිත කර්මාන්තයන්හී එය තහනම් කර නොමැත) තහනම් කර ඇති බවයි.[10] යුනිසෙෆ් ඇස්තමේන්තු කරන්නේ, වයස 14ට අඩු ශ්‍රමිකයන් විශාලතම සංඛ්‍යාව, එහි විශාල ජනගහණය සහිතව ඉන්දියාව සතු වන අතර, උප-සහරානු අප්‍රිකානු රටවල් වෙත ළමා ශ්‍රමිකයන් ලෙසින් භාවිතා වන ළමුන් විශාලතම ප්‍රතිශතය හමු වන බවත්ය.[11][12][13] ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ඇස්තමේන්තු කරනුයේ, ලොව විශාලතම ළමා ශ්‍රමික සේවා යෝජකයා වන්නේ සියයට 60 ක ප්‍රමාණයකට දායක වන්නාවූ කෘෂිකර්මාන්තය බව වන අතර,[14] එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඇස්තමේන්තු කරන්නේ කෘෂිකර්මය සහ ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා 70% ක ප්‍රමාණයක් ළමා ශ්‍රමිකත්වය භාවිතා වන බවය.[15] කෘෂිකර්මය හැරුණු විට, ඉන්දියානු ආර්ථිකයෙහි අනෙකුත් සමස්ත අවිධිමත් පාර්ශව සියල්ලෙහිම පාහේ ළමා ශ්‍රමිකත්වය නිරික්ෂණය කර ඇත.[16][17][18]

ගැප්,[19] ප්‍රයිමාක්,[20] මොන්සැන්ටෝ[21] ඇතුළු සමාගම් ගණනාවක් විවේචනය කෙරුණේ ඔවුන්ගේ නිෂ්පාදිතයන් සඳහා ළමා ශ්‍රමිකත්වය භාවිතා කිරීම වෙනුවෙනි. අඩුවයසැති ළමුන් විසින් නිෂ්පාදනය කෙරුණු නිෂ්පාදිතයන් විකිණීම වැලැක්වීම සඳහා දැඩි ප්‍රතිපත්තීන් අනුගමනය කරන බවට මෙම සමාගම් විසින් කියා සිටියද, සැපයුම් දාමයක බොහෝ බැඳියන් පැවතීම නිසා ඒවා සියල්ල අභිප්‍රේක්ෂණය කිරීම දුෂ්කර කටයුත්තක් වෙයි.[21] ප්‍රයිමාක් හී තෙවසරක ප්‍රයත්නය මල් ඵල ගන්වමින්, 2011 වසරෙහිදී බීබීසී පිළිගත්තේ, ප්‍රයිමාර්ක් විසින් ඉන්දියානු ළමා ශ්‍රමිකත්වය භාවිතා කරන බවට වූ එහි ත්‍යාග-ලාභී විමර්ශනාත්මක මාධ්‍යවේදී වාර්තාව ව්‍යාජ බවයි. බීබීසී විසින් ප්‍රයිමාර්ක් වෙතින්ද, ඉන්දියානු සපයන්නන් වෙතින්ද සහ එහි සමස්ත නරඹන්නන් වෙතින්ද සමාව අයැදීය.[22][23][24]

2014 දෙසැම්බරයෙහිදී, එ.ජ. කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ළමා ශ්‍රමිකත්වය විසින් හෝ බලාත් ශ්‍රමිකත්වය විසින් හෝ නිපැයුනු භාණ්ඩ ලැයිස්තුවක, රටවල් 74 ක් අතර ඉන්දියාව සටහන් වුනේ විවේචනාත්මක කාර්ය තත්ත්වයන් නිරික්ෂණය වූ ලෙසිනි. වෙනත් කිසිම රටකට වෙනස් ලෙසින්, ඉන්දියාව විසින් භාණ්ඩ වර්ග 23 ක් සම්බන්ධයෙන් නිරූපණය වූ අතර එයින් බහුතරයක් නිෂ්පාදනය කර තිබුණේ ළමා ශ්‍රමිකත්වය භාවිතා කරමිනි.

ඉන්දියාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි, 24 වන වගන්තිය වෙතින්, උපද්‍රව සහිත ළමා ශ්‍රමිකත්වය තහනම් කෙරෙයි. මීට අමතර වශයෙන්, ළමුන්ගේ බාලක යුක්තිය (උවටැන සහ ආරක්ෂාව) පණත-2000 සහ, ළමා ශ්‍රමිකත්ව (තහනම් සහ අහෝසි කිරීම) පණත-1986 ආදී, විවිධ නීති සහ ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය විසින්, ඉන්දියාවේ ළමා ශ්‍රමිකත්වය හඳුනාගැනුම, අභිචෝදනා කිරීම සහ නැවතීම සඳහා නෛතික පදනම සපයා ඇත.[25]

ආශ්‍රිත[සංස්කරණය]

  1. වගුව 2.8, WDI 2005, ලෝක බැංකුව
  2. "නැෂනල් චයිල්ඩ් ලේබර් ප්‍රොජෙක්ට්". කම්කරු සහ රැකිරක්ෂා අමාත්‍යාංශය, ඉන්දියානු රජය. සම්ප්‍රවේශය 12 සැප්තැම්බර් 2011.
  3. වයස් ආකෘතිය සහ වෛවාහික තත්ත්වය ඉන්දීය ජනසංගණනය 2001
  4. ලේබර් ඇන්ඩ් එම්ප්ලෝයිමන්ට් ස්ටැටිස්ටික්ස් සංඛ්‍යාන සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් අමාත්‍යාංශය, ඉන්දියානු රජය (ජනවාරි 2014), පිටුව 2
  5. නම්බර් ඔෆ් චයිල්ඩ් ලේබර් හෑස් රෙඩියුස්ඩ් බයි 65 පර්සෙන්ට්: ගවර්න්මන්ට්
  6. ඒජ් ඩේටා C13 ටේබ්ල් (ඉන්ඩියා/ස්ටේට්ස්/යූටීස් ), ෆයිනල් පොපියුලේෂන් - 2011 ඉන්දීය ජනසංගණනය
  7. "චයිල්ඩ් ලේබර් - අයිඑල්ඕ". ලෝක කම්කරු සංවිධානය, එක්සත් ජාතීන්. 2011.
  8. නයිගම්, ව්‍රින්ඩා. "ලෝස් රිලේටඩ් ටු චයිල්ඩ් ලේබර් ඉන් ඉන්ඩියා". iPleaders. iPleaders. සම්ප්‍රවේශය 31 මාර්තු 2015.
  9. "චිල්ඩ්රන් ඇන්ඩ් වර්ක් (ඇනුවල් රිපෝර්ට් 2009)" (PDF). සෙන්සස් 2001. 2008. p. 108.
  10. "කන්ස්ටිට්‍යුෂන් ඔෆ් ඉන්ඩියා". Vakilno1.com. ඉන්දියානු රජය.
  11. "ඉන්ඩියා- ද බිග් පික්චර්". යුනිසෙෆ්. සම්ප්‍රවේශය 19 ඔක්තොම්බර් 2009.
  12. "ද ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්ස් චිල්ඩ්රන් - 2011" (PDF). යුන්සෙෆ්. 2012.
  13. මඩ්ස්ලයින්, ජෝර්න් (4 පෙබරවාරි 2004). "අයිඑල්ඕ: 'චයිල්ඩ් ලේබර් ප්‍රිවෙන්ට්ස් ඊස් වර්". බීබීසී නිවුස්. http://news.bbc.co.uk/2/hi/business/3451117.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 සැප්තැම්බර් 2011. 
  14. "ෆැක්ට්ස් ඔන් චයිල්ඩ් ලේබර් - 2010" (PDF). ජාකසං, ජිනීවා. 2011.
  15. "ඇග්‍රිකල්චර් එකවුන්ට්ස් ෆො 70 පර්සෙන්ට් ඔෆ් චයිල්ඩ් ලේබර් වර්ල්ඩ්වයිඩ්". ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, එක්සත් ජාතීන්. 2006.
  16. "චයිල්ඩ් ලේබර්". Labour.nic.in. සම්ප්‍රවේශය 13 ජූලි 2012.
  17. http://labour.nic.in/cwl/ListHazardous.htm
  18. බුරා, නීරා. "චයිල්ඩ් ලේබර් ඉන් රූරල් ඒරියාස් විත් අ ස්පෙෂල් ෆෝකස් ඔන් මයිග්රේෂන්, ඇග්රිකල්චර්, මයිනිං ඇන්ඩ් බ්‍රික් කිල්න්ස්" (PDF). ළමා හිමිකම් සුරැකීම සඳහා වන ජාතික කොමිසම. සම්ප්‍රවේශය 19 ඔක්තොම්බර් 2009.
  19. "ගැප් අන්ඩර් ෆයර්: රිපෝට්ස් ඇලේජ් චයිල්ඩ් ලේබර්". ඒබීසී නිවුස්. http://www.abcnews.go.com/GMA/story?id=3786371&page=1. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 ඔක්තොම්බර් 2009. 
  20. හෝකීස්, ස්ටීව් (17 ජූනි 2008). "ප්‍රයිමාක් ඩ්‍රොප්ස් ෆර්ම්ස් යූසිං චයිල්ඩ් ලේබර්". ද ටයිම්ස් (ලන්ඩනය). http://business.timesonline.co.uk/tol/business/industry_sectors/retailing/article4152660.ece. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 ඔක්තොම්බර් 2009. 
  21. 21.0 21.1 බාරි, මෙගා (3 ඔක්තොම්බර් 2008). "චයිල්ඩ් ලේබර්". ෆෝර්බ්ස්. http://www.forbes.com/global/2008/0310/062.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 ඔක්තොම්බර් 2009. 
  22. බරෙල්, ඉයන්; හික්මාන්, මාටින් (17 ජූනි 2011). "බීබීසී ක්‍රයිසිස් ඕවර් 'ෆේක්' ස්වීට්ෂොප් සීන් ඉන් ප්‍රයිමාර්ක් ඩොකියුමෙන්ටරි". දි ඉන්ඩිපෙන්ඩන්ට් (ලන්ඩනය). http://www.independent.co.uk/news/media/tv-radio/bbc-crisis-over-fake-sweatshop-scene-in-primark-documentary-2298764.html. 
  23. "ෂේම්ඩ් බීබීසී හෑන්ඩ් බෑක් ටොප් අවෝඩ් ආෆ්ටර් 'ෆේකිං ෆුටේජ් ඔෆ් චයිල්ඩ් ලේබර්' ඉන් ප්‍රයිමාර්ක් පැනරෝමා එක්ස්පෝස්". ඩේලි මේල් (ලන්ඩනය). 28 ජූනි 2011. http://www.dailymail.co.uk/news/article-2009113/Panorama-Primark-expose-BBC-hand-RTS-award-fake-child-labour-footage.html. 
  24. "ප්‍රයිමාර්ක් ඇන්ඩ් බීබීසී පැනරෝමා: ද ට්‍රෑ ස්ටෝරි". ප්‍රයිමාර්ක්. 2012.
  25. "නැෂනල් ලෙජිස්ලේෂන් ඇන්ඩ් පොලිසීස් එගේන්ස්ට් චයිල්ඩ් ඉන් ඉන්ඩියා". ජාත්‍යන්තර කම්කරු සංවිධානය - ජීනිවාහී එක්සත් ජාතීන්ගේ කාර්යාංශයකි. 2011.