ඉන්දියාවේ මධ්‍යම රාජධානි-පරිපාලනය
සිටගෙන සිටින දෙවු දුවකත් සමග වු මෞර්යය රාජපාශාණ. වයඹ දිග පකිස්තානය. කි පූ 3 වන සියවස. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය
ප්‍රධාන අගනුවර පාඨලි පුත්‍රහි පැවතෙමින් අධිරාජ්‍ය පළාත් 4 කට බෙදා තිබුණි. අශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය ආඥා වලට අනුව පළාත් අගනුවර 4 හි නම් වුයේ කොසලි (නැගෙනහිර පිහිටි), උජ්ජයිනි (බටහිර පිහිටි) ස්වර්ණගිරි (දකුණේ පිහිටි) හා තක්ෂිලා (උතුරෙහි පිහිටි). පළාත් පරිපාලනයේ ප්‍රධානියා කුමාර (රාජකීය කුමාරයා) වු අතර ඔහු විසින් රජුගේ නියෝජිතයෙකු ලෙස අදාළ පළාත පාලනය කරන ලදී. කුමාරට මහාමාත්‍යයාගෙන් හා ඇමති මඩුල්ලෙන් සහයෝගය ලැබුණි. මෙම සංවිධානාත්මක ව්‍යුහය අධිරාජ්‍ය මට්ටමේ දී අධිරාජ්‍යයා හා ඔහුගේ මන්ත්‍රි ප්‍රර්ශදය සමග අනුරූප වේ.
ඉතිහාසඥයන් ප්‍රකාශ කරන්නේ අර්ථ ශාස්ත්‍රහි කෟටිල්‍ය මගින් විස්තර කරන විස්තෘත නිළබල ක්‍රමය සමග අධිරාජ්‍යය සංවිධානය සමාන වන බවයි. එය නාගරික සනිපාරක්ෂාවේ සිට අන්තර් ජාතික වෙළදාම දක්වා සියළු දේ පාලනය කල සිවිල් සේවාවක් විය. ව්‍යාප්ත වීම හා ආරක්ෂා වීම එම කාලයේ තිබු විශාලම හමුදාව එම හමුදාව නිසා ඉටුකර ගත හැකි කටයුත්තක් විය. මෙගස්තීනිස්ට අනුව හමුදාවට 600 000 ක පාබල බටයින්, 30 000 ක අශ්වාරෝහ සේනාවක් හා 9000 ක යුධ අලියන් ඇතුළත් විය. දැවැන්ත චරපුරුෂ පද්ධතියක් අභ්‍යන්තර හා බාහිර ආරක්ෂක කටයුතු සදහා බුද්ධි තොරතුරු රැස්කරන ලදී. යුධ වැදීම හා අධිරාජ්‍ය ව්‍යාප්ත කිරීම නැවැත්වීමෙන් පසුවද අශෝක අධිරාජ්‍යයා විසින් අධිරාජ්‍ය ආරක්ෂා කර ගැනීමට හා බටහිර හා දකුණු ආසියාව පුරා ස්ථායිතාව හා සාමය පැතිරීම සදහා මෙම සුවිසල් හමුදාව දිගින් දිගටම සිදු කරන ලදී.