ඉන්දියාවේ අධ්‍යාපනය

විකිපීඩියා වෙතින්

ඉන්දියාවේ අධ්‍යාපනය රාජ්‍ය පාසල් (මට්ටම් තුනකින් පාලනය වන සහ අරමුදල් සම්පාදනය කරන: මධ්‍යම, රාජ්‍ය සහ දේශීය) හා පෞද්ගලික පාසල් මගින් ලබා දෙනු ලැබේ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ පනත් යටතේ, අවුරුදු 4ත් 6ත් අතර වයස් සීමාවේ පසුවන දරුවන්ට නිදහස් හා අනිවාර්ය අධ්‍යාපනය, මූලික අයිතියක් ලෙස ලබා දෙනු ලැබේ. ඉන්දියාවේ රාජ්‍ය පාසල් සහ පෞද්ගලික පාසල් අතර දළ අනුපාතිකය 7:5 කි.

ඉන්දියාව, ප්‍රාථමික අධ්‍යාපනයට ප්‍රවිෂ්ට වීමේ ප්‍රතිශතය ඉහළ නැංවීමේ දී ශීඝ්‍ර ප්‍රගතියක් අත් කර‍ගෙන ඇත. 2011 දී, දළ වශ‍යෙන් අවුරුදු 7ත් 10ත් අතර වයස් සීමාවේ පසුවන ජනගහන‍යෙන් 75% ක් සාක්ෂරතාවෙන් යුක්ත විය. ඉන්දියාවේ වැඩි දියුණු කරන ලද අධ්‍යාපන පද්ධතිය එරට ආර්ථික වර්ධනය සඳහා ප්‍රධාන ලෙස දායක වනු දක්නට ලැබේ.  සුවිශේෂි ලෙස, උසස් අධ්‍යාපන හා විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රගතියෙන් වැඩි ගෞරවයක් විවිධ රාජ්‍ය ආයතන වලට හිමි‍ වනු ඇත. 2013 දී 24%ක දළ බඳවා ගැනීමේ අනුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුපාතිකයකට ළඟා වෙමින්, පසුගිය දශකය තුළ උසස් අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමේ ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වී ඇති නමුදු සංවර්ධිත රටවල තෘතියික අධ්‍යාපන බඳවා ගැනීම් මට්ටම්වලට ළඟා වීමට සැලකිය යුතු දුරක් තවමත් ඉතිරි ව පවතින අතර සංසන්දනාත්මක ලෙස ඉන්දියාවේ තරුණ ජනගහනයෙන් ජන විකාශන බෙදීම් අඛණ්ඩව අත්පත් කර ගැනීම සඳහා මෙම අභියෝගය ජය ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත.

ප්‍රාථමික හා ද්විතියික මට්ටම්වල දී, ඉන්දියාව සතුව රජයේ පාසල්වලට අනුපූරකව පවත්වාගෙන යනු ලබන අතිවිශාල පෞද්ගලික පාසල් පද්ධතියක් පවතින අතර අවුරුදු 6 සිට 14 දක්වා වයස් කණ්ඩායමේ පසුවන්නන්ගෙන් 29% ක සිසුන් ප්‍රමාණයක් පෞද්ගලික අධ්‍යාපනය හදාරති. ඉන් ඇතැම් පශ්චාත් ද්විතියික තාක්ෂණික පාසල් ද පෞද්ගලික ඒවා වේ. 2008 දී ඉන්දියාවේ පෞද්ගලික අධ්‍යාපන වෙළඳපොළ සඳහා ඇ.ඩොලර් මිලියන 450 ක ආදායමක් තිබුණු නමුත් එය ඇ.ඩොලර් බිලියන 40 ක් ලෙස පුරෝකථනය කර ඇත.

2012 අධ්‍යාපන වාර්තාවේ වාර්ෂික තත්ත්වය (ASER) අනුව, අවුරුදු 6ත් 14ත් අතර වයසේ පසුවන මුළු ගම්බද දරුවන්ගෙන් 96.5% ක් පාසලට ඇතුළත් වන ලදී. මෙය 96% ක ඉහළ ඇතුළත් වීම් ප්‍රමාණයක් වාර්තා කරනු ලබන සිව්වන වාර්ෂික සමීක්ෂණය යි. ඉන්දියාව, මෙම වයස් කාණ්ඩයට අයත් සිසුන්ගේ 95% ක සාමාන්‍ය බඳවා ගැනීම් අනුපාතිකයක් වර්ෂ 2007 සිට 2014 දක්වා කාලය තුළ පවත්වාගෙන යාමට සමත් ව ඇත. 2018 අධ්‍යන වර්ෂයේ දී වයස අවුරුදු 6ත් 14ත් අතර වයස් කාණ්ඩයේ පසුවන මුළු සිසුන් ප්‍රමාණයෙන් පාසල් අධ්‍යාපනය සඳහා ඇතුළත් නොවූ ප්‍රමාණය 2.8% ක් දක්වා අඩු වී ඇත (ASER). 2013 වාර්තාවේ සඳහන් වන ආකාරයට 1 සිට 12 පන්ති දක්වා, 2002 මුළු බඳවා ගැනීම් වලට වඩා ලක්ෂ 23 ක සිසුන් ප්‍රමාණයක වර්ධනයක් නියෝජනය කරමින් ඉන්දියාවේ නොයෙකුත් පිළිගත් නාගරික පාසල් හා ග්‍රාමීය පාසල් සඳහා මිලියන 229 ක සිසුන් ප්‍රමාණයක් ඇතුළත් වූ අතර එහි, ගැහැණු ළමුන් ඇතුළත් වීමේ 19% ක වර්ධනයක් ද දක්නට ලැබුණි. ප්‍රමාණාත්මක ලෙස, ඉන්දියාව විශ්වීය අධ්‍යාපනයේ ආසන්නයට ළඟා වෙමින් සිටින මොහොතේ රාජ්‍ය පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය පිළිබඳ සුවිශේෂී ප්‍රශ්නයක් පැන නැගී ඇත.  95 ක ප්‍රතිශතයකට වැඩි සිසුන් ප්‍රමාණයක් ප්‍රාථමික අධ්‍යාපනය ලබන විට ද්විතියික අධ්‍යාපනය (9-12 ශ්‍රේණි) ලබනුයේ නව යෞවනයින්ගෙන් 40 ක ප්‍රතිශතයක් පමණි. 2000 සිට ඉන්දියාවේ අධ්‍යාපනය සඳහා ලෝක බැංකුව ඩොලර් බිලියන 2 ට වැඩි ප්‍රමාණයක් වැය කර ඇත. එලෙස ගුණාත්මකභාවයෙන් අඩු වීම සඳහා බලපා ඇති ඇතැම් හේතූන් වන්නේ, ගුරුවරුන්ගෙන්ආසන්න ලෙස 25% ක පමණ ප්‍රමාණයකගේ දිනපතා නොපැමිණීම යි.  එවැනි පාසල් හඳුනා ගැනීමට හා දියුණු කිරීම සඳහා ඉන්දීය රාජ්‍ය , පරීක්ෂණ හා අධ්‍යාපනික ඇගයීම් ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී ඇත. ඉන්දියාවේ පෞද්ගලික පාසල් පැවතිය ද, ඔවුන් හට ඉගැන්විය හැක්කේ කුමක් ද , කුමන ස්වරූපයකින් ක්‍රියාත්මක කළ හැක්කේ ද යන්න,

(පවත්වාගෙන යනු ලබන ඕනෑම පිළිගත් අධ්‍යාපනික ආයතනයක්, ලාභ නොලබන්නක් විය යුතුය) සහ මෙහෙයුමේ අනෙකුත් අංගවලට අදාළ ව ඉහළින් නියාමනය වන ලදී. එමනිසා රාජ්‍ය පාසල් හා පෞද්ගලික පාසල් අතර ප්‍රභේදනය නොමග යවන සුළු විය හැකි ය.


පාසල් මට්ටම්[සංස්කරණය]

1‍‍. පූර්ව-ප්‍රාථමික අධ්‍යාපනය[සංස්කරණය]

දරුවන්ගේ දැනුම, කුසලතා සහ චර්යාව යනාදීන්ගේ පදනම පූර්ව ප්‍රාථමික අවධිය යි. පූර්ව ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව ප්‍රාථමික අදියර සදහා සිසුන් යොමු කරන නමුත්  පූර්ව-ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම ඉන්දියාවේ මූලික අයිතිවාසිකමක් නොවේ. ග්‍රාමීය ඉන්දියාවේ කුඩා ගම්මානවල පූර්ව-ප්‍රාථමික පාසල් සුලබව දක්නට නොලැබේ. නමුත් නගරවල හා මහ නගරවල, පූර්ව ප්‍රාථමික අධ්‍යාපන අංශවල බොහෝ ස්ථාපිත වූ තරඟකරුවන් දැකිය හැක. කුඩා නගරවල සහ නගරවල, පූර්ව පාසල් සදහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස වර්ධනය වන නමුත් තවමත් පෙරපාසල් අධ්‍යාපනය සදහා ඇතුළත් වී ඇත්තේ අවුරුදු 6 ට අඩු වයසේ පසුවන්නන්ගෙන් 1% ක් පමණි.  

2. ප්‍රාථමික අධ්‍යාපනය[සංස්කරණය]

ඉන්දියාවේ ප්‍රාථමික අධ්‍යාපනය, පහළ ප්‍රාථමික (1- 4 ශ්‍රේණි) සහ ඉහළ ප්‍රාථමික (මධ්‍ය විද්‍යාල, 5 - 8 ශ්‍රේණි) ලෙස කොටස් දෙකකට බෙදා ඇත. ඉන්දීය රජය අවුරුදු 6ත් 4ත් අතර වයසේ පසුවන දරුවන් හට ප්‍රාථමික අධ්‍යාපනය නොහොත් මූලික අධ්‍යාපනය ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. එයට හේතුව වන්නේ ඉන්දියානු ප්‍රාන්ත අතර ප්‍රාථමික පාසල් සංචාරය අතරතුර දී අධ්‍යාපන නීති රාජ්‍ය විසින් ලබා දුන් හෙයිනි. දරුවන් අනාරක්ෂිත සේවා කොන්දේසිවලට යටත් නොවන බවට(නොපිවිසෙන බවට) සහතික කිරීම සදහා ඉන්දීය රජය ද ළමා ශ්‍රමය තහනම් කරන ලදී. කෙසේ නමුත්, ආර්ථික විෂමතාව සහ සමාජ තත්ත්ව හේතුකොටගෙන නිදහස් අධ්‍යාපනය හා ළමා ශ්‍රමය යන දෙකටම බලපෑම් කිරීම අසීරු කාර්යයකි. මූලික අදියරේ ඇති සියලු හදුනා ගත් පාසල්, රටේ විශාලතම අධ්‍යාපන සැපයුම්කරු බවට පත් වෙමින් රජය විසින් පවත්වාගෙන යනු ලබන හෝ අනුග්‍රහය ලබා දෙන ඒවා වේ.

3. ද්විතියික අධ්‍යාපනය[සංස්කරණය]

2001 ඉන්දීය සංගණනය අනුව, වයස අවුරුදු 14ත් 18ත් අතර දරුවන් කෝටි 8.85 කින් සමන්විත කණ්ඩායමක් ද්විතියික අධ්‍යාපනය තුළින් ආවරණය  කරයි. ද්විතියිකයේ අවසන් වසර දෙක බොහෝ විට උසස් ද්විතියිකය (HS), ජ්‍යෙෂ්ඨ ද්විතියිකය, හෝ සරල ව "+2" අදියර හදුන්වනු ලැබේ. ද්විතියික අධ්‍යාපනයේ අර්ධ දෙක, උසස් අධ්‍යාපනය කෙනෙක් හැදෑරීමට පෙර සාමර්ථ සහතිකයක් අත්‍යවශ්‍ය එකිනෙක වැදගත් අදියරයන් වන අතර,විද්‍යාල හෝ වෘත්තිමය පාඨමාලා ඇතුළු මේ සියල්ල HRD අමාත්‍යංශය යටතේ මධ්‍යම අධ්‍යාපන මණ්ඩලය මගින් අනුබද්ධිත ඒවා වේ.

UGC,NCERT,CBSE හා ICSE මගින් මණ්ඩල විභාගවලට පෙනී සිටීමට කැමැති අපේක්ෂකයන්ට සුදුසුකම් ලබන වයස් සිමාවන් නියම කරයි. අදාළ අධ්‍යයන වර්ෂයේ මැයි 30 දිනට අවම ලෙස වයස අවුරුදු 15 සපුරන්නන්, ද්විතියික මණ්ඩල විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබන අතර, එදිනට වයස අවුරුදු 17 සපුරන සිසූහු ද්විතියික සහතික පත්‍ර මාණ්ඩලික විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබති. ඉන් තවදුරටත් සඳහන් කරනුයේ, කෙනෙක් උසස් ද්විතියිකය සාර්ථක ව නිම කිරීමෙන් පසු  UGC පාලනයට යටතේ ඉංජිනේරුවේදය, වෛද්‍ය සහ ව්‍යාපාර පරිපාලනය වැනි උසස් අධ්‍යාපනය සඳහා අයදුම් කළ හැකි බවයි.

ඉන්දියාවේ ද්විතියික අධ්‍යාපනය, පාඨමාලා පදනම් නොවූවක් වන අතර විභාග පාදක කර ගත්තකි. සිසූහු මධ්‍යම පරිපාලන විභාග සඳහා ලියාපදිංචි වී ඒ සඳහා සූදානම් වීමට මූලික ලෙස පන්තිවලට සහභාගි වෙති.  10 ශ්‍රේණිය සහ 12 ශ්‍රේණිය අවසානයේ ප්‍රමිතිගත විභාගයක් (සාමාන්‍යයෙන්, අවිධිමත් ව "මාණ්ඩලික විභාග" ලෙස හඳුන්වනු ලබන) සහිත ව,ජ්‍යෙෂ්ඨ පාසල් හෝ උසස් පාසල් කොටස් දෙකකට (9 - 10 ශ්‍රේණි සහ 11 - 12ශ්‍රේණි) කාණ්ඩ කර ඇත. 10 ශ්‍රේණියේ විභාග ප්‍රථීඵල, ද්විතියික පාසලක 11- 12 ශ්‍රේණි, පූර්ව විශ්වවිද්‍යාල වැඩසටහන් හෝ, වෘත්තීය හෝ තාක්ෂණික විද්‍යාල සඳහා ඇතුළත් වීමට භාවිත කළ හැකි ය. 12 ශ්‍රේණියේ විභාගය සමත් වීම, රට තුළ හා ලෝකයේ ඇති වෘත්තීය විද්‍යාල හෝ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සදහා භාවිත කළ හැකි ද්විතියික පාසල් සම්පූර්ණ කිරීමේ ඩිප්ලෝමාව ලබා ගැනීම සඳහා මග පාදයි. ඉන්දියාවේ බොහෝ පිළිගත් විශ්වවිද්‍යාල, එම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා ද්විතියික පාසල් විභාගය සමත් වීමට අමතරව විද්‍යාල පරිපාලන ඇතුළත් කර ගැනීමේ පරීක්ෂණය ද සමත් වීමඅත්‍යවශ්‍ය කරුණක් සේ සලකයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ පාසල් සාමාර්ථ විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් විමට ප්‍රමාණවත් නොවේ.

අයවැයකරණ අවහිරතා හේතුකොට ගෙන ඉන්දියාවේ බොහෝ පාසල්, විෂයන් හා නම්‍යශීලී උපලේඛනගත කිරීම් ලබා නොදෙයි. (නිදසුනක් ලෙස: එකිනෙක වෙනස් "ධාරාවන්වලට" අයත් වීම නිසා, 11-12 ශ්‍රේණිවල සිසුන්ට රසායන විද්‍යාව සහ ඉතිහාසය හැදෑරීමට අවස්ථාව නොලැබේ).  සාමාන්‍යයෙන් පෞද්ගලික අපේක්ෂකයින්ට මාණ්ඩලික විභාග සදහා ලියාපදිංචි විමට සහ පෙනී සිටීමට අවස්ථාව නොලැබෙන නමුදු ඒ සඳහා NIOS වැනි ඇතැම් විරුද්ධතා ද පවතී.  

4. 10 වන (විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ හෝ දිවිතියික) විභාගය[සංස්කරණය]

10 ශ්‍රේණියේ විභාගයට පෙනී සිටින සිසූහු සාමාන්‍යයෙන් විෂයන් හයක්: ඉංග්‍රීසි, ගණිතය, සමාජ අධ්‍යයනය, විද්‍යාව, එක් භාෂාවක් සහ විවිධ පාසල්වල සිටින ගුරුවන්ගේ උපයෝජ්‍යතාව මත පදනම් ව තෝරා ගත් එක් විෂයක් ගනිති. "තෝරා ගත්" හෝ විකල්ප විෂයන්වලට බොහෝ දුරට පරිගණක යෙදුම්, ආර්ථික විද්‍යාව, ශාරිරික අධ්‍යාපනය, වාණිජ්‍යය, සහ පාරිසරික විද්‍යාව ඇතුළත් වේ.

5. 12 වන (ජ්‍යෙෂ්ඨ ද්විතියික හෝ උසස් ද්විතියික) විභාගය[සංස්කරණය]

12 ශ්‍රේණියේ විභාගයට පෙනී සිටින සිසූහු සාමාන්‍යයෙන් අනිවාර්ය ලෙස ඉංග්‍රීසි හෝ දේශීය භාෂාව ද ඇතුළු ව විෂයන් හතරක් හෝ පහක් තෝරා ගනිති. බොහෝ ද්විතියික පාසල්වල 10 වන ශ්‍රේණියෙන් පසු, ඉංග්‍රීසි හෝ දේශීය භාෂාවට අමතර ව "මූලික ධාරාවක්" තෝරා ගැනීමේ වරණය හිමි කර ගැනිම සඳහා සිසූහු නැවත ලියාපදිංචි වෙති. විද්‍යාව (ගණිතය/ජීව විද්‍යාව, රසායන විද්‍යාව, සහ භෞතික විද්‍යාව), වාණිජ්‍යය (ගණකාධිකරණය, ව්‍යාපාර අධ්‍යයනය, සහ ආර්ථික විද්‍යාව), හෝ මානව ශාස්ත්‍රය (ඉතිහාසය,දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, භූගෝල විද්‍යාව යනාදියෙන් පාසල මත පදනම් ව ඕනෑම විෂයන් තුනක්). සිසූහු 12 ශ්‍රේණියේ දී, තනි විචල්‍ය ගණනය කිරීම් දක්වා ගණිතය හදාරති.

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියාවේ_අධ්‍යාපනය&oldid=496708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි