ඉන්දියානු මැදිහත් වීම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ඉන්දියානු මැදිහත් වීම

අර්බුදයට මැදිවූ දෙපාර්ශවය විසින්ම කරන ලද බලපෑම් හේතුවෙන් ඉන්දීය සාම සාධක හමුදාව ආපසු කැඳවා ගැනීමට ඉන්දියාවට සිදු විය. ඉන්දියාව මෙම අර්බුදයට 1980 දී මැදිහත් වීමට හේතු කිහිපයක් බලපෑවේය. ඉන්දියාව කළාපයේ බලවතා කිරීමට ඉන්දීය නායකයන් තුළ තිබූ කැමැත්ත මෙයින් ඵකක් විය. ඉන්දියාවේම දෙමළ ජනයා නිදහස ඉල්ලා සිටීමෙන් කරදර කිරීම තවත් හේතුවකි. පසුව සඳහන් කරන ලද කාරණය වඩාත් ප්‍රබල වූයේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත‍යේය. ඵයට හේතුවූයේ ශ්‍රි ලාංකික දෙමළ ප්‍රජාවගේ ස්වාධීනත්වය උදෙසා උදව් කිරීමට ඵම ප්‍රාන්තයට ජනවාර්ගික නෑ කමක් තිබූ බැවිනි. මුළු අර්බුදය පැවති කාලය පුරාම ඉන්දීය මධ්‍යම රජය ද ප්‍රාන්ත රාජ්‍යයන් ද දෙපාර්ශවයටම විවිධාකාරයෙන් උදව් කළහ. 1980 වර්ෂයේ සිට ඉන්දියාව ඵහි බුද්ධි තොරතුරු ඵ්ජන්සිය වූ RAW හරහා LTTE යට සහ ඵහි තරගකාරී පක්ෂය වූ ටෙලෝ සංවිධානය ද ඇතුළු අවිගත් කණ්ඩායම්වලට මූල්‍යමය අාධාරද ආයුධ මෙන්ම පුහුණු වද සැපයුවේය. LTTE ය වඩාත් ප්‍රබල වූයේ 'රෝ' සංවිධානයෙන් ලැබුණු අාධාර හරහා යැයි කියනු ලැබේ. සෑම ආයුධ සන්නද්ධ කණ්ඩායම්වලටම උදව් කිරීමෙන් ඉන්දියාව බලාපොරොත්තු වූයේ දෙමළ ස්වාධීනත්ව ව්‍යපාරය බෙදීම්වලට ලක් කිරීම සහ ඵ් කෙරේ ඉන්දියානු බලය පවත්වා ගැනීමයි.

1980 දශකයේ අගභාගයේ ඉන්දියාවේ මැදිහත් වීම ඉතා ක්‍රියාකාරී අන්දමින් සිදු විය. 1987 ජුනි 5 වැනි දින ශ්‍රි ලංකා හමුදාව විසින් යාපනය වටලා ගෙන සිටි අවස්ථාවේ ඉන්දියන් ගුවන් හමුදාව මගින් ආහාර අඩංගු මලු යාපනයට පතිත කරවන ලදී. ශ්‍රි ලංකා රජය කියා සිටියේ LTTE ය යටත් කර ගැනීමට ආසන්නව සිටි අවස්ථාවක ඉන්දියන් හමුදාව විසින් LTTE යට ආහාර සහ බෙහෙත් ද්‍රව්‍යය ටොන් 25 ක් LTTE සතු ප්‍රදේශවලට හෙලීම කෙලින්ම ත්‍රස්තවාදීන්ට කළ උදව්වක් වූ බවයි. දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වුණු අතර ඉන්දු ශ්‍රී ලංකා සාම ගිවිසුමට 1987 ජුලි 29 දින ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ ශ්‍රි ලංකා ජනාධිපති ජේ.ආර් ජයවර්ධන විසින් අත්සන් තබනු ලැබීය. ගිවිසුමෙන් ශ්‍රී ලංකා රජය දෙමළ ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු කීපයක් ඉටු කළේය. පළාත් අතර බලය බෙදාහැරීම එකකි. පසුව ජනමත විචාරණයක් පැවැත්වීමේ පොරොන්දුව පිට උතුරු නැගෙනහිර දෙපළාත ඵ්කාබද්ධ කිරීම තවත් ඵකකි. දෙමළ භාෂාවට නිල තත්වය ලබා දීමද ඊට ඇතුළත්ය. (මෙය 13 වැනි සංශෝධනයට ඇතුළත් කර ඇත) සාම හමුදාවක් මගින් උතුරු නැගෙනහිර නීතිය හා සාමය ඇති කිරීමටත් දෙමළ කැරලිකරුවන්ට සහයෝගය නොදැක්වීමටත් ඉන්දියාව පොරොන්දු විය. LTTE යද ඇතුළුව අනෙකුත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් මුලදී අකමැති වුවද ඔවුන්ගේ අවි ආයුධ සාම සාධක හමුදාවට භාර දීමට ඵකඟ වූහ.

ශ්‍රි ලංකා රජය දකුණේ ජනතා විමුක්ති පෙරමුණ නම් මාක්ස්වාදී තරුණ කැරැල්ලකට මුහුණ දෙමින් සිටි අතර, ගිවිසුම අත්සන් කළ වහාම ඉන්දියන් හමුදාවද කැඳවන ලදී. ඉන්දියන් හමුදාව හඳුන්වන ලද්දේ 'ඉන්දියන් සාම සාධක හමුදාව' යනුවෙනි. ඵකී හමුදාව පළමුවෙන් යුද්ධය නවත්වා සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කළේය. ශ්‍රි ලංකා රජය උතුරේ තම හමුදාව ආපසු කැඳවා ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මැඩ පැවැත්වූ අතර ඉන්දියන් හමුදාව උතුරේ සැළකිය යුතු ප්‍රදේශයක පාලනය සියතට ගත්තේය.

බොහෝ සන්නද්ධ කණ්ඩායම් අවි බිම තබා සාමය ලබා ගැනීමේ විසඳුමකට ඵකඟත්වය පළ කළ නමුදු LTTE ය තම භටයන් නිරායුධ කිරීම ප්‍රතික්ෂේප කළේය. ගිවිසුම සාර්ථක කිරීමට උනන්දු වූ ඉන්දියන් සාම සාධක හමුදාව බලය යොදවා LTTE ය විසුරුවා හැරීමට උත්සාහ කළේය. ඵය සම්පූර්ණ යුද්ධයක් බවට පරිවර්තනය විය. අවුරුදු තුනක් පුරා පැවති යුද්ධයේදී IPKF විසින් කරන ලද විවිධාකාර වූ දූෂණ, මානව හිමිකම් කමිටු සහ ඉන්දීය මාධ්‍ය විසින්ද පෙන්වා දෙන ලැබුණි. දෙමළ ජනයාගෙන් ඵල්ල වූ තද බල විරෝධතාවයන්ට ද IPKF මුහුණ දුන්නේය. ඵ් සමග ජාති මාමකත්වයෙන් පෙලුනු සිංහලයන්ද ඉන්දීය හමුදාව දිගටම ශ්‍රි ලංකාවේ රැඳී සිටීම ගැන විරුද්ධ වූහ. මේ නිසා ඉන්දියන් හමුදාව ආපසු ගෙන්වා ගන්නැයි ඉන්දි‍යාවෙන් ඉල්ලීමට ශ්‍රි ලංකාවට සිදු විය. ඔවුන් LTTE ය සමග රහස් ගිවිසුමකට බැඳුනා යැයි කියනු ලැබේ. ඵහි ප්‍රථිඵලයක් ලෙස සටන් විරාමයක් ඇති විය. LTTE ය හා IPKF අතර නිරන්තර ගැටුම් ඇති විය. සමහර වාර්තාවලට අනුව ශ්‍රී ලංකා රජය කැරලි කරුවන්ට ආයුධ සැපයීමෙන් පවා උදව් කරන ලද්දේ ඉන්දියන් හමුදාවන්ගේ ආපසු ගමන දැකීමේ අපේක්ෂාවෙනි. ඉන්දියා හමුදා භටයන්ට සිදු වූ හානි වැඩි විය. අර්බුදයට මැදි වූ දෙපාර්ශවයෙන්ම හමුදාව ආපසු කැඳවන ලෙස ඉන්දියාවට කරන ලද බලපැම වැඩි වූ නමුදු රජිව් ගාන්ධි ඵසේ කිරීම ප්‍රතික්ෂේප කළේය. ඵහෙත් ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රජිව් පරාද වීමෙන් පසු 1989 දෙසැම්බරයේදී නව අගමැති වී.පී.සිං IPKF ආපසු කැඳවන ලෙස නියෝග කළේය. 1990 මාර්තු 24 වැනි දින ඔවුන්ගේ හමුදාව රැගත් අවසාන නැව ශ්‍රි ලංකාවෙන් පිට විය. ශ්‍රි ලංකාවේ IPKF රැඳී සිටි මාස 32ක කාළය තුළ ඉන්දියන් හමුදාවේ 1100 ක්ද ශ්‍රි ලංකාවේ 5000 කට වැඩි ප්‍රමාණයක්ද මිය ගියහ. ඵම යුද්ධය සඳහා ඉන්දීය රජය වැය කරන ලද මුදල රුපියල් බිලියන 20 ක් වූ බව ගණන් බලා තිබේ.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියානු_මැදිහත්_වීම&oldid=307208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි