ඉංග්‍රීසි ජාතිවාදය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ දැනටද අධිකාරිය දරණ භාර ආඥා පනත, සාක්ෂි ආඥා පනතේ 100 වගන්තිය වැනි සීමිත අවස්ථාවලදී එංගලන්තයේ බලපවත්නා තත්ත්කාලීන ඉංග්‍රීසි නීතියට යාමට විධිවිධාන සළසා තිබුණද එවැනි විශේෂ විධිවිධාන සළසා නැති අවස්ථාවල පවා  තත්ත්කාලීන ඉංග්‍රීසි නීතියට යාමට ලංකාවේ නීති විශාරදයෝ රුචිකත්ක්වයක් දරති. එය පැහැදිලිවම ඉංග්‍රීසි ජාතිවාදය ක්‍රියාත්මක කරවීමකි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයක් ලෙස දැක්වුවත් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන ස්වාධීන කර ගැනීමට මේ දක්වා ජනතාවට හැකියාව ලබා නැත.

මුළු රටේම ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරිමට, පර්වර්තන ලබා ගැනීමට, ලිපි ගණුදෙනු කිරීමට නිදහස ලබා ගැනීමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි සංශෝධනය මගින් නිදහස ලබා ගත් ඉංග්‍රීසී ජාතිවාදීන් මුළු රටේම සිංහලෙන් කටයුතු කිරීමේ නිදහස, පර්වර්තන ලබා ගැනීමට, ලිපි ගණුදෙනු කිරීමට ඇති නිදහස සිංහල ජනතාවගෙන් පැහැරගෙන ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22.2 සහ 22.3 ව්‍යවස්ථා පරිශීලනය කිරීමේදී තහවුරු වෙයි.

ඒ අනුව පැහැදිලි වන්නේ ලොව පුරා සිටින මිලියන 16ක්  පමණ වන සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති ක්‍රමය තුළ බරපතල ලෙස අහිමි කිරීමට ලක්කර ඇති බවයි.

සත්‍ය එළිදරව්වීම යටපත් කිරීම සදහා ලංකාවේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයි.

නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්වීම යනු අධිකරණ ශාලාවට නිදහසේ පැමිණ සිටීමට හිමිකම පමණක් විය නොහැකිය. රටේ ජනතාවගේ භාෂාවෙන් නඩු කටයුතු පැවැත්වීමත් නඩු කටයුතු තමන්ට වැටහෙන භාෂාවෙන් පැවැත්වීමත් එකී  ව්‍යවස්ථාවට අන්තර්ගත වීම අවශ්‍ය වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාව අනුව නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බව දක්වා තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතු ප්‍රසිද්ධියේ පවත්වන්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා අයට වැඩි වාසි අත්වන ආකාරයට හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සත්‍ය එළිදරව්වන්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා ඉතා සුළු පිරිසකට පමණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතුවල සත්‍ය සිංහල ජනතාවට එළි දරව්වන ආකාරයක් වර්තමානයේ පවා නැත. මෙය පැහැදිලිවම ඉංග්‍රීසි ජාතිවාදය ක්‍රියාත්මක වීමයි.

ඉංග්‍රීසිය ජාතිවාදී ආකාරයට ලංකාවේ විධායකයේ, ව්‍යවස්ථාදාකයේ සහ අධිකරණයේ මුල්බැස ගෙන ඇති බවත් ජාතීන් අතර සංහිදියාවට, යුක්තිය ඉටුකිරීමේ ප්‍රවේශයට, රටේ සංවර්ධනයට, රටේ අනන්‍යතාවයට එය අහිතකර ලෙස බලපා ඇති බවයි.

නීතිමය වශයෙන් ජනතාව අදුරේ තැබීමට ලංකාවේ යම් සීමිත පිරිසකට අවශ්‍යව තිබූ බවයි. ඒ ඉංග්‍රීසි ජාතිවාදීන් ය. සිංහල සහ දෙමළ ජනතාව ජාතිවාදීන් ලෙස නාමකරණය කරමින් බොර දියේ මාළු බාන්නේ මේ ඉංග්‍රීසි ජාතිවාදීන් ම මිස වෙන අය නො වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඉංග්‍රීසි_ජාතිවාදය&oldid=469185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි